ආණ්ඩුව පෙරළන්න මහින්දගෙන් ජනතාවට ඇරයුම්

(05.09.2018 – 20:24 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (05) කොළඹ, ලේක්හවුස් වටරවුමේ පැවැත් වෙන “ජනබලය කොළඹට“ ජන රැළිය මීට සුළු වේලාවකට පෙර අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට ජනතාවට හැම අතින්ම පිඩාවට ලක්වීමට සිදුව ඇති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අද වන විට රට බෙදන හොර පනත් ගෙන එන බවත්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද වන විට පළාත් සභා මැතිවරණයක් හෝ ජනතාව ඉදිරියේ පැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් එයට සියලු දෙනාට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

පහුගිය කාලයේ තමා විසින් ත්‍රස්ථවාදය තුරන් කළ බවත්, එනිසා අද සියලු දෙනා එය භුක්ති විඳින බවත් පැවසූ රාජපක්ෂ මහතා ඒ සිදු කළ කර්තවය පිළිබඳ සිතා අද දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කරන බවත්, එහි ආනිසන්ස බලයෙන් ආණ්ඩුව පෙරළා දැමීමට හැකි වෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් පැවසීය.

++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

ජනබලය සත්‍යග්‍රහය..

Posted by රට වෙනුවෙන් අපි on Wednesday, September 5, 2018


+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *