ලිබියාවට යන්න ගිය ට්‍රැමඩෝල් තොගයක් කොළඹ නතර වෙයි

(06.09.2018 – 10:10 +0530 – sinhala.adaderana.lk)

ට්‍රැමඩෝල් නැමති අධිමාත්‍රා මාදක ඖෂධ තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (05) සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට රේගු නිලධාරීන්ට ලද තොරතුරක් මත කොළඹ වරායේ දී කන්ටේනර්යක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම පෙති තොගය හමුවී තිබේ.

එහිදි ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක (15,050,170) ප්‍රමාණයක් අඩංගු පෙට්ටි 585 ක් සොයා ගෙන තිබේ.

මෙහි වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බව ද පොලීසිය පවසයි.

මෙම කන්ටේනරය ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යන කන්ටේනරයක් බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

දැනට මෙම කන්ටේනරය රේගුව බාරයේ ඇති අතර, සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි ෴

+++++++++++++++++++++++++++++++

කොළඹින් හමුවූ ට්‍රැමඩෝල්වල වටිනාකම රුපියල් මිලියන 1500 ක්
(06.09.2018 – 18:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් ට්‍රැමඩෝල් මත්පෙති තොගය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලෙස හදුන්වා ගෙන්වා ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු නිලධාරින්ගේ ද මැදිහත්වීම මත සිදුකළ පරීක්ෂණයකදී මෙම මත්පෙති තොගය සොයා ගැණුනේ අද අලූයමයි.

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහසක් එකසිය හැත්තෑවක් එහිදී හමුවූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 1500 ක්.

මෙම මත්පෙති තොගය කොළඹ වරාය හරහා ලිබියාවට ගෙන යාමට සූදානම් කර තිබූ බවත්, මේ සම්බන්ධයෙන් ලිබියානු තානාපති කාර්යාලයට දන්වා සිටි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර සිටියා.

මත්ද්‍රව්‍ය වෙනුවට භාවිතා කරන අධි මාත්‍රා මත්පෙති මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලආරච්චි කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++

ට‍්‍රැමඩෝල් පෙති කෝටි එකහමාර ගෙන්වා ඇත්තේ රාජ්‍ය සංස්ථාවක ලොක්කෙක්.. ඇමතිගේ හිතවතෙක්..
(08.09.2018 – 08:40 +0530 – lankacnews.com)

කොළඹ වරායේ කන්ටේනරය තුළ තිබී අත්අඩංගුවට ගන්නා ලද ‘ට‍්‍රැමඩොල්’ වර්ගයේ පෙති තොගය ගෙන්වීමට මෙරට ප‍්‍රදාන රාජ්‍ය සංස්ථාවක ඉහලම නිලධාරියෙක් (MD) සම්බන්ධ යයි චෝදනා එල්ල වෙයි.

ට‍්‍රැමඩොල් පෙති එක්කෝටි පනස් ලක්ෂයක් ගෙන්වීම ගැන චෝදනා එල්ල වන මෙම නිලධාරියා පෙරද ප්‍රමිතියෙන් බාල ද්‍රව්‍ය ගෙන්වා චෝදනාවට ලක් වුවෙකි.

කසල තේ රුසියාවට යැවීම සම්බන්ධයෙන් ද මොහුට බරපතල ලෙස චෝදනා එල්ල විය.

එමෙන්ම මෙම පුද්ගලයා ප්‍රබල ඇමැතිවරයකුගේ සමීප හිතවතකු යයිද පැවසේ.

මෙම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පුද්ගලයාගේ ගෝලයෙකු වන මොහොමඩ් නවාස් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත ය.

මෙම පුද්ගලයා පසුගිය කාලයේ පෑලියගොඩදී අත්අඩංගුවට ගන්නා ලද බාල ඖෂධ ජාවාරමට සෘජුවම සම්බන්ධ යයිද වාර්තා පලවිය ෴

******************************************

අධික දාහයෙන් පීඩා විඳින දරුවාට හිරු පුවතින් පසු සුබදායී බලාපොරොත්තු රැසක්
(06.09.2018 – 19:54 +0530 – hirunews.lk/sinhala)

තම සිරුරේ නිපදවෙන දාහය හේතුවෙන් පීඩා විදින මිනිපේ ප්‍රදේශයේ ජීවත්වන නෙතුල් හර්ෂ කුමාර පිලිබදව අප අනාවරණය කලේ පසුගිය මස 11 වනදායි.

එතැන් පටන් අද දක්වාම නෙතුල් වෙනුවෙන් ඔහුට පිලිසරණයක් වන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා.

‘එක්ටෝඩර්මල් ඩි​ස්ප්ලේෂියා’ නැමති රෝගයෙන් එනම් සිරුරේ ඇති වන අධික උණුසුමින් නෙතුල් පීඩා විදින ආකාරය හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කලේ පසුගිය මස 11 වනදායි.

වෛද්‍යවරුන් පවසන්නේ නෙතුල්ගේ සම අභ්‍යන්තරයේ දහඩිය නිපදවන ග්‍රන්ථි පිහිටා නොතිබීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිවීම නිසා සිරුර පිලිස්සෙන ස්වභාවයක් ගන්නා බවයි.

දුර්ලභ රෝගයකින් පීඩා විදින නෙතුල් පෝෂණය කරන්නට ආර්ථික අපහසුතාවලින් පීඩා විදින ඔහුගේ මාපියන් දරන්නේ දැඩි උත්සාහයක් ග අප මේ පුවත විකාශය කළ සැණින් මහියංගණය මිනිපේ පිහිටි ඔහුගේ නිවසට බොහෝ පිරිසක් පැමිණියේ පුංචි නෙතුල්ට අනාගතය පිලිබද සුබදායි බලාපොරොත්තු රැසක් රැගෙනයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *