කොළඹ 2 – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

(07.09.2018 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 2 – බ්‍රේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.

කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිනි නිවීමේ රථ 9 ක් යොදා ගින්න මැඩ පැවැත්වූ බවයි.

අදාළ ගින්න ඒ අසල තිබූ තවත් කාර්යාල ගොඩනැගිල්ලකට ද ව්‍යාප්ත වෙමින් පැවති අතර එය ද ගිනි නිවීමේ සේවා නිලධාරීන් මැදිහත්ව මැඩ පවත්වනු ලැබුවා.

මෙම ගින්න හේතුවෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, කටුනායක අධිවේගී මාර්ගයේ 20 වන කිලෝමීටර් කණුව ආසන්න රක්ෂිතයක ද අද දහවල් ගින්නක් හට ගත්තා.

එය මැඩ පැවැත්වීම සඳහා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථයක් ද යොදවා තිබෙනවා.

——————-


කොළඹ – බ්‍රේබෲක් පෙදෙස

——————-




















———————–

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

කොළඹ බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඇති වූ ගින්න…

කොළඹ බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඇති වූ ගින්න…#lka #Fire #News1st

Posted by Newsfirst.lk on Friday, September 7, 2018

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *