හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය

(11.09.2018 – 12:33 +0530 – hirunews.lk/sinhala)

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් මහතා විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් ෴

*************************************

සිංහල පදිංචිය තහනම්: උතුරු සභාවට යෝජනාවක්
(11.09.2018 – divaina.com)

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.

මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි.

උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්‌වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව මගින් උතුරේ සිංහලයන් පදිංචිවීම ගැන සොයා බැලීමට විද්වතුන් පිරිසක්‌ පත්කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.

උතුරේ සිංහල ජනාවාස ඇති කිරීම ද්‍රවිඩ නිජබිමට තර්ජනයක්‌ බවද වහාම මුලතිව්හි මායාපුර සිංහල ජනාවාස නතර කළ යුතු බවද රවිකරන් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව උතුරු පළාත් සභාපති ඩී. වී. කේ. සිවඥනම් පැවසුවේ ද්‍රවිඩ සංධානය මේ ප්‍රකාශය ගැන රජය සමග සාකච්ඡා කරන බවයි.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *