බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු තහනම් කරයි

(13.09.2018 – 12:02 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට තිබූ පුටු 144 ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වූ වටිනා පුටු 144 ක් ගෙන්වීම මීට ඉහතදී තීරණය කර තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++


කොළඹ තවත් ගින්නක්

(13.09.2018 – 07:14 +0530 – sinhala.adaderana.lk)

කොළඹ 2, පාර්ක් වීදියේ මහල් නිවාසයක අද (13) උදෑසන ගින්නක් ගින්නක් ඇති වී තිබේ.

ගින්න හේතුවෙන් අදාළ මහල් නිවාසයේ උඩු මහල සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන 6 ට පමණ මෙම ගින්න ඇතිව තිබේ.

ගින්න හට ගැනීමත් සමඟ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ගින්න මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


ආමෙරිකාවට භයානක සුළි කුණාටුවක් – පුද්ගලයින් මිලියන 1.7 ක් ඉවත් කරයි

(13.09.2018 – 11:04 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට බලපෑමට නියමිත සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් මිලියන එකයි දශම හතක පමණ පිරිසක් අදාළ ප්‍රදේශ වලින් ඉවත් කර තිබේ.

අද (13) දින සවස් කාලයේදී උතුරු සහ දකුණු කැරොලීනා ප්‍රදේශ වලට සහ වර්ජීනියා ප්‍රාන්තයට එහි සෘජු බලපෑම් එල්ල වනු ඇති බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.

අදාළ ප්‍රදේශ වලට පැයට කිලෝ මීටර 195 ක පමණ උපරිම සුළඟේ වේගයක් අපේක්ෂා කරන බව හා එය ඉතා භයානක තත්වයක් වනු ඇති බව ද කාලගුණ බලධාරීන් පවසා තිබේ.

මේ අතර ජනතාවට කඩිනමින් ඉවත් වීම සඳහා කැරෝලීනා හි ප්‍රධාන මාර්ග 04 ක් එක් දිශාවකට ගමන් කළ හැකි පරිදි සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (12) දිනයේ ජෝර්ජියා, කැරෝලීනා, මේරිලන්ඩ් ඇතුළු ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රපන්ත බලධාරීන් පියවර ගෙන තිබිණි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *