වැල්ලවායේ සීග්‍රයෙන් පැතිරෙන රෝගයක් – දිනකට හැට හැත්තෑවක් රෝහල්ගත කෙරේ

(14.09.2018 – nethnews.lk)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ කුඩා දරුවන් පාසල් දරුවන්ට සහ ඇතැම් වැඩිහිටි පිරිස් වෙත මේ දින වල වමනය, උණ සමග පාචනය රෝගයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මෙම තත්ත්වය ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව වේගයෙන් පැතිර යන අතර මෙම රෝගය මාස පහක පමණ කුඩා දරුවන් ටද හටගෙන ඇති බව සදහන්.

රෝගී තත්ත්වය නිසා පාසල් ලමුන් පාසල් වෙත එවීමට දෙමාපියන් මේ දිනවල කටයුතු නොකිරීමෙන් පාසල් වල කටයුතු වලටද බධා පැමිණ තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වරයාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටීයේ රෝගය වෛරයක් මගින් බෝ වන අතර උණුකර නිවාගත් ජලය පානය, නිවස තුල සදාගත් ආහර පමණක් භාවිතය යන කරුණු තුලින් මෙම රෝගි තත්ත්වය පාලනය කර හැකි බවයි. එක් දිනකට අවම වශයෙන් රෝගීන් හැටක් පමණ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළුත් වීමට පැමිණෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා ෴

*****************************************

වෑන් රථයක් පෙරලීමෙන් 7 කට තුවාල

(14.09.2018 – 14:28 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් 4 දෙනෙකු ඇතුලු 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් පෙරලීමෙන් ඊයේ සවස 6.15 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම පිරිස බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඇල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

රියදුරාට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පෙරලී ගොස් ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මේ අතර මෙම අනතුර වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට එහි සිටි පුද්ගලයෙකු තර්ජනය කර තිබෙනවා.

එම පුද්ගලයා ද ඇල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට ගොස් වෙනත් වාහනයකින් පැමිණෙමින් සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මේ පිළිබඳ අප වාර්තාකරු හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර වෑන් රථය මාර්ගයේ පෙරලී යන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක ද සටහන් වී තිබුනා.

(වේගයෙන් යන වාහනයක ඉදිරිපස රෝදයක් / රෝද දෙක, වලක / කාණුවක වැටුණු විට සිදුවන දේ … – අමරසර)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *