රාජකාරිය පැහැර හැරි ඔස්ටි‍්‍රයාවේ තානාපති ඇතුළු නිලධාරින් 5 දෙනෙකු යළි කැදවයි

(15.09.2018 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ඔස්ටි‍්‍රයාවේ තානාපතිනිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසේකර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනෙකු නැවත මෙරටට කැදවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ රාජකාරි පැහැර හැරීමේ චෝදනා මත මොවුන් සේවා කාලය නිමවීමට පෙර මෙරටට කැදවීමට තීරණය කළ බවයි.

හිටපු පාර්ලිමේන්තු මහ ලේකම්වරියක වන ප්‍රියානි විජේසේකර ඔස්ටි‍්‍රයාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කරනු ලැබුවේ 2015 වසරේ නොවැම්බර් මාසයේදියි.

පසුගිය දිනක රාජකාරි අවශ්‍යතාවක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔස්ටි‍්‍රයානු තානාපතිවරිය සම්බන්ධ කරගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබෙනවා.

නමුත් එහිදී තානාපතිවරිය හෝ එම කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැය ගණනාවක් යනතුරු සම්බන්ධ කරගැනීමට නොහැකිවූ බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ සේවා දිගු මත ඔස්ටි‍්‍රයානු තානාපති කාර්යාලයේ රැඳී සිටි තානාපතිවරිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුගේ සේවය අවසන් කර යළි මෙරටට කැඳවා ඇති බවයි.

*****************************************

ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්.. – සමීක්‍ෂණයකින් හෙලිවේ..

(16.09.2018 – 15:00 +0530 – lankacnews.com)

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක්

පසුගිය දින කීපයේදී ශ්‍රී ලංකා පොලිසිය පාතාලයට සම්බන්ධ ද නැද්ද යන්න පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබේ.

2018 ජනවාරි මස 24 වනදා අප සංගමය විසින් ෆේස්බුක් සමාජ ජාලය තුලදී මත විමසුමක් සිදුකරන ලදි. එහිදී ජනතාවගෙන් අසනා ප්‍රශ්නය වන්නේ “ශ්‍රී ලංකා පොලිසිය යනු නීතියේ හා රජයෙ අනුමැතිය තිබෙනා මැරවරයන්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ද?” යන්නයි. ඒ සඳහා 2018-04-16 දිනට මත 947 ක් ලැබුණු අතර, ඉන් 88% ක් ප්‍රකාශ කරන්නේ “ඔව්” කියා ය.

පසුගිය වසරේ අප්‍රේල් මස දොඩංගොඩ දී බාල වයස් තරුණයෙකුට පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු අමානුෂික ලෙස පහර දුන් අතර, 2018 ජනවාරි මස වන විට ඔවුන් දෙදෙනාට නැවත පොලිසියේ රැකියාව ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබුණු අතර අප කල විමසීමක දී එකල රථවාහන පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා අප වෙත ප්‍රකාශ කර සිටියේ කුමණ වරදක් වුවත් ඔවුන්ට රැකියාව කිරීමේ අයිතිවාසිකම තිබෙනා බවය.

සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වූ අදාළ උක්ත ජනතා මතය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව ද 2018.04.16 දින දැනුවත් කර ඇත.

මේ අනුව ගැටලුව විය යුත්තෙ ශ්‍රී ලංකා පොලිසිය පාතාලයට සම්බන්ධ ද නැද්ද යන්න නොව, ශ්‍රී ලංකා පොලිසිය යනු එය ඊටත් එහා ගිය මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ද නැද්ද යන්නයි. දේශපාලකයන් කුමක් කීවත්, ශ්‍රී ලංකා පොලිසිය යනු මැරවරයින්ගෙන් පිරුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සමාජය පිළිගෙන හමාරය.

මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවන රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා නියෝජනය කරනා රට වෙනුවෙන් කිසිවක් කර නොමැති ව්‍යවස්ථාදායක සභාව හා එහි සාමාජිකයින් සියලු දෙනා ලැජ්ජා විය යුතුය.

චිරන්ත අමරසිංහ
සභාපති

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *