ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම්

(16.09.2018 – nethnews.lk)

ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමකම් කොමිෂන් සභාවේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය සූදානම් වනවා. එම සන්සදයේ සභාපති වසන්ත කිර්තිරත්න මහතා සහ එහි විධායක කමිටු සාමාජිකයින්ද මෙහිදී අදහස් දක්වනු ඇති.

එම සන්සදය මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වන කරුණු පිළිබඳව ඉතාලියේ පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් අදහස් පළ කළා. එම මාධ්‍ය හමුවට විශේෂ ආරාධනයක් ලැබ එක්ව සිටි මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් පළ කළා ෴

+++++++++++++++++++++++++++++++++++++

ජිනීවා එනවා නම්, සම අනුග්‍රාහකත්වය නමින් මංගල ඉල්ලන් කෑ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්න.. ජනපතිට විදෙස්ගත දේශප්‍රේමී ලාංකිකයෝ දන්වති…

(16.09.2018 – 12:00 +0530 – lankacnews.com)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වන්නේ නම් 2015 ඔක්තෝබර් මාසයේ එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අත්තනෝමතික ලෙස සම අනුග්‍රාහකත්වය දැක්වූ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාවලිය ඉවත් කරගැනීමට කටයුතු කරන මෙන් විදෙස්ගත දේශප්‍රේමී ලාංකිකයෝ පවසති.

ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයේදී මවුබිම වෙනුවෙන් අදහස් දැක්වීමට පිටත්ව යෑමට පෙර ඉතාලියේ මෝදනා නගරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ අදහස් දැක්වීය. ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය මාධ්‍ය හමුව සංවිධානය කළේය.

සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ විවිධ රටවලින් පැමිණි එහි විධායක කමිටු සාමාජිකයෝ ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.

– tnx

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *