මෝටර් රියක් දුම්රියේ ගැටේ.. සිවු දෙනෙක් මියයයි.. මිය ගිය සිව් දෙනාම කාන්තාවන්..

(16.09.2018 – 12:40 +0530 – lankacnews.com)

උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව ඕමන්ත පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (16) උදෑසන අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිව් දෙනෙකු මිය ගිය බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියකට අද උදෑසන කාර්රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයකදී අදාල කාර්රථය දුම්රිය මාර්ගය හරහා ගමන්කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර කාර්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය අනාවරනය කොට ඇත.

කාර්රථය අනතුරට පත්වන අවස්ථාවේදී කාර්රථය තුල 08 දෙනෙකු සිට ඇති අතර දුම්රිය ගැටීමට ආසන්න අවස්ථාවේදී කාර්රථයේ රියදුරු හා කුඩා ළමයෙකු කාර්රථයෙන් ඉවතට පැන ඇති අතර සෙසුපිරිස අනතුරට ලක්ව ඇත.

එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සෙසු පිරිස් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

——————————————–

(16.09.2018 – nethnews.lk)

+++++++++++++++++++++++++++++++++++++

4 දෙනෙකුට මරු කැඳවූ, ඕමන්තේ රිය අනතුරට හේතුව හෙළිවෙයි

(16.09.2018 – 19:07 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – ඕමන්තේ – පන්රිකෙයිදකුලම් ප්‍රදේශයේදී 4 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුරට හේතුව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අනතුරට ලක්වූ මෝටර් රථය, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමේදී එහි එන්ජිම ක්‍රියා විරහිතවීම නිසා යාපනයේ සිට මාතර බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියෙහි මෙලෙස ගැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන්කර තිබෙනවා.

ඉන් මිය ගොස් ඇත්තේ කාන්තාවන් 04 දෙනෙක්.

ඔවුන් යාපනය – ඩෙල්ෆ් දූපතේ පදිංචිකාරිනියන්.

අනතුර සිදුවන අවස්ථාවේදී ඉදිරිපස ගමන් කළ පිරිමි පුද්ගලයෙකු සහ තවත් කුඩා දරුවන් තුන්දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 250ක් පමණ දුරකට ඇදී ගොස් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++++

16.09.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Very sorry for the dead and the injured, and for their families. It is the car drivers responsibility to ensure that no trains are coming on the track before crossing the track, and that they have sufficnet time to cross the track safely. Stop, see, listen, turn the head in both directions and employ the god given senses. Sri Lankan car drivers are the most indisciplined in the world that I can think of. They think they are clever and are bees knees, but in reality they are arrogant once behind a steering wheel and do not appreciate that the safety and lives of the passengers and other road users are in their hands. They rarely behave responsibly. We can see in the video that the rail track is stright and can be seen for a very long distance, how far I cannot say from the video, suggesting that the driver was trying to beat an oncoming train assuming that he and his car were superior to the capability of the train. No point in blaming the authorities for not providing a gates at every crossing. They should be provided but in a country where PM downwards are stealing and stripping national assets for their private use, and all the people and government services are strapped for cash, how do you expect Sri Lanka to have the same facilities as in Western world.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *