හිරු සී.අයි.ඒ. : පාසලේ පැවති විවාහ මංගල උත්සවය

(16.09.2018 – 20:36 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර කේ.බී. රත්නායක විද්‍යායේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පසුගියදා ගුරුවරුන් දන්වා තිබුනේ පාසලේ උත්සවයක් සදහා ඇන්තූරියම් මල් රැගෙන එන ලෙසයි.

ඒ අනුව ඇතැම් දරුවන් ඇන්තූරියම් මල් රැගෙන පාසලට පැමිණෙන තිබුණා.

කෙසේ වෙතත් හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු සැපයු දෙමාපියන් පිරිසක් චෝදනා කලේ මල් ගෙන එන ලෙස දන්වා තිබුනේ විදුහල්පතිතුමියගේ දරුවාගේ විවාහ මංගලෝත්සවයේ සැරසිලි සදහා බවයි.

අප එම චෝදනාව පිළිබද අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන් විමසීමක් කළා :

(Video unavailable : This video has been removed for violating YouTube’s Terms of Service.)

https://www.youtube.com/watch?v=aRbMh5F3U1Y#t=5

*****************************************

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක්

(16.09.2018 – 18:31 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් බඩ ඉරිඟු ගොවීන් ආරක්ෂා කරන බව පැවසුවද ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම යටතේ කුකුල් කෑම බද්දෙන් නිදහස් කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව ආර්ථික වශයෙන්ද ඝාතනය කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කර ඇත බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

*****************************************

ඉන්දියාව, මන්ත්‍රී ශිවාජිලිංගම් නැවතත් ප්‍රතික්ෂේප කරයි

(16.09.2018 – 20:01 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ඉන්දියාව නැවතත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ යුද්ධයේ අවසන් සමයේ එරටදී විරෝධතා ව්‍යාපාරවල නිරතවීම හේතුවෙන්.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඉන්දීය වීසා අයදුම්කර ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ දෙමළ පළාත් පාලන ආයතන නියෝජිතයින් පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සඳහායි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට වීසා ලබාදීම ඉන්දියාව යළි ප්‍රතික්ෂේප කළ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *