පොලොන්නරු යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලඟ සිට මෙහෙයවයි..

(17.09.2018 – 15:00 +0530 – lankacnews.com)

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැණුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.

නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් එම නටඹුන් පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් බවට එහි ඉදිකොට තිබූ ගඩොල් වලින් පෙනී යන බවට ප්‍රදේශවාසී ජනතාව කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++++

කිලිනොච්චි ‘චන්ද්‍ර’ උද්‍යානයේ ඉවත් කෙරුණේ ඉපැරණි නටබුන් ද?

(18.09.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ ‘චන්ද්‍ර’ නැමැති උද්‍යානයේ තිබී ඉවත් කර ඇත්තේ ඉපැරණි නටබුන් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙස ඉවත් කර ඇත්තේ අලුතින් ප්‍රතිසංස්කරණය ලද බැම්මක කොටසක් බවයි.

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92+%27%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%27+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B1%E0%B6%A7%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%3F

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් වාර්තාවක් කැඳවා ඇති බව ද ඔහු සඳහන් කළා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ මතය සම්බන්ධයෙන් සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරත්න හිමියන් කියා සිටියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *