එක් අයකු මිය ගොස් දින 21 ක් ගත වෙද්දී තවත් අයෙකු මියයන ගමක් !

(19.09.2018 – nethnews.lk)

දින 21 ක් ගත වෙද්දී බයෙන් ගැහෙන ගම්මු

එක් අයකු මිය ගොස් දින 21 ක් ගත වෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීම් මාලාවක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වෙනවා.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික සිද්ධීන් සිදුවෙන බවටයි ගම්වාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ගතවූ මාස කිහිපයේ පමණක් හල්මිල්ලවැව ගම්මානයේ එක අයකු මියගොස් දින විසිඑකක් ගතවෙද්දී තවත් අයකු මිය යෑම් මේ වන විට පහළොස් දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වය කිසියම් අදුෂ්‍යමාන තත්ත්වයක් දැයි ගම්මුන් දැඩි බියකින් පසුවනවා.

ගම්මුන් කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ සිය මරණාධාර සමිතියේ පවා මුදල් නොමැතිව සිදුවන මරණයන්වල අවසන් කටයුතු සිදු කර ගැනීමට පවා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව ගම්මානයේ සුසාන භූමිය පෙන්වමින් එක් අයෙක් කියා සිටියේ මේ ආකරයට දින 21 න් 21 ට මිය ගිය 15 දෙනා එක පෙළට භූමිදානය කර ඇති බවයි.

මේ වන විට අවසන් පුද්ගලයා මිය ගොස් දින පහක් ගත වී සිටින නිසා යළිත් දින 21 ක් ගත වෙද්දී සියලු දෙනාම දැඩි භීතියකින් පසු වන බවද ගම්වාසීන් කියා සිටියා.

හල්මිල්ලවැව ගම්මානයේ සියලුම ඇළ දොළ ගංගා සිදී ගොස් වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින අයුරු දැක ගන්නට ලැබෙනවා.

අවසන් වශයෙන් ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව කාගේ හෝ අවධානය යොමු කර මෙම භීතියෙන් සහ සිදුවීම්වාලාවෙන් ගම මුදා දෙන ලෙසයි.

– කාංචන කුමාර ආරියදාස

++++++++++++++++++++

(19.09.2018 – webgossip.lk)

කෙසේවෙතත් ගම්මුන් ගෙන් කොටසක් කියා සිටින්නේ තම ගම්මානයේ පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර නොකිරීම නිසා දේව ශාපයක් ගමට උදාවී ඇති බවයි.

තවත් සමහරුන් කියා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් තම ගම්මානයේ පිරිස මේ ආකාරයෙන් මිය යන්නට ඇති බවයි.

ගම්මානේ පන්සලේ විහාරාධිපති මීගොඩ සංතසිරි හිමි කියා සිටියේ අස්වාභාවික මිය යෑම නිසා ගම්මානයේ ජනතාව මෙන්ම තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවත් තමන් වහන්සේ පිරිත් සජ්ජායනා සිදුකිරීමට සහ දේව කන්නලව්වක් ගම තුළ ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව යි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *