උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ගැන ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට පැමිණිළි කරයි

(20.09.2018 – nethnews.lk)

උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා.

ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලම්හි ඇති වූ සිද්ධීන් ඊට උදාහරණ බවයි මෙම ලිපියේ දක්වා තිබෙන්නේ. පුරා වස්තු විනාශ කිරීම් සහ තර්ජනය කිරීම් දැක්වෙන ජායාරූප ද මෙහි ඇතුළත් කර තිබෙනවා.

ජාතිවාදී පදනමකින් ව්‍යාජ නිජබිම් සංකල්පයක් පෙරදැරිව, දෙමළ ජනතාව පමණක් උතුරු පළාතේ ජීවත් විය යුතුය යන අදහස සහිතව මෙම පුරාවස්තු විනාශ කිරීම් සහ තර්ජනය කිරීම් සිදුවන බවද මෙම ලිපියේ සඳහන්.

එය ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ තලේබාන් ත‍්‍රස්තවාදීන් සිදුකළ පුරාවස්තු සංහාරයට සමාන බවද ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය පවසනවා. මෙහි වගකීම උතුරු පළාත් සභාව භාරගත යුතු බවයි මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු මගහැර යයි

(20.09.2018 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත්වු සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මගහැර ඉවත්ව ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නියෝජිතයින් ඉදිරිපත් කළ තර්ක හමුවේ නිරුත්තර වීම හේතුවෙන්.

මෙම සමගාමී සැසියේ දී මහ බ්‍රිතාය්‍යයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර මහතා සහ කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මහතා සිය අදහස දැක්වීම සිදු කළා.

එහිදී ඔවුන් මතුකල තර්ක හමුවේ ප්‍රබල එල්ටීටීඊ හිතවාදියෙකු වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් වේලි නිරුත්තරවු අයුරු දක්නට ලැබුණා.

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

එහිදී දරුස්මාන් වාර්තාව ඒකපාර්ශවික සකස්කල වාර්තාවක් යැයි ශ්‍රී ලංකා නියෝජිතයින් චෝදනා කල අතර එය ප්‍රතික්ෂේප කළ ඩේවිඩ් වෙලි කියා සිටියේ එම වාර්තාව සැකසීමට එක් වු යස්මින් සූකා මහත්මිය මේ දිනවල මියන්මාර්ය සම්බන්ධ වාර්තාවක්ද සකස්කරමින් සිටිනා බවයි.

එහිදී එයට ප්‍රතිචාර දැකු වු ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ සුකා මියන්මාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතරම් උනන්දු වන්නේ රටවල් දෙකම ථේරවාදී බෞද්ධ රටවල් වීම නිසා බවයි.

එහිදී දිගින් දිගට ශ්‍රී ලංකා නියෝජිතයින් මතු කළ තර්ක හමුවේ නිරුත්තරවු ඩේවිඩ් වේලී තමන්ට තවත් වැඩසටහනකට සම්බන්ධවීමට ඇති බව පවසමින් සැසියෙන් ඉවත්ව ගියා.

+++++++++++++++++++++++++++++++++++++

LTTEය ත්‍රස්ථවාදී සංවිධානයක් නොවේයැයි සම්මත කිරීමට ජිනීවාහි කූඨ උත්සාහයක්.. අතහිත ලංකා ආණ්ඩුවෙන්..

(21.09.2018 – 06:30 +0530 – lankacnews.com)

2015 දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ 30/1 යෝජනාවලයට පාදකවූ ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන වාර්ථාව (The OISL report)’ මගින් එල් ටී ටී සංවිධානය ත්‍රස්තවාදී කන්ඩායමක් නොවන බවට වැරදි අර්ථකතයක් දී හිතාමතාම එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමගයවන්නට උත්සාහ කරනු ලැබ ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා මුලසුන හෙබවූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමිනි.

ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් යන විද්වතුන් දෙදෙනාගේ තර්කය වූයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඊට පෙර ලංකාවේ යුධ තත්වය ‘ත්‍රස්තවාදය සමඟ සටන (Combatting terrorism )’ ලෙස හඳුන්වා දී තිබුනද මානවහිමිකම් කොමසාරිස්වරයා විසින් 2015 සැප්තැම්බර් 15 දා ලබා දුන් ‘මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂ වාර්ථාවේ (The OISL report)’ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ ‘රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කන්ඩායමක් (Non-state armed group)’ ලෙස මිස ‘ත්‍රස්වාදී කන්ඩායමක් (Terrorist group )’ ලෙස නොවන බවය. මේ නිසා වසර ගනනාවක් තිස්සේ ත්‍රස්ථාවාදයට මුදලින් ආධාර කල අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන (UN Global Counter Terrorism Strategy)’ යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවයි. ආචාර්ය නාලක ගොඩහේවා හා මහාචාර්ය ගුසෙල් මහත්වරු තර්ක කලේ ශ්‍රී ලංකාවේ අනාගත රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩසටහන (UN Global Counter Terrorism Strategy)’ යටතේ එල් ටි ටීයට අදත් උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිලිබඳවද පරීක්ෂණයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරන ‘ප්‍රති යෝජනාවක් (Counter Resolution)’ ඉදිරිපත් කල යුතු බවය.

එවැනි තත්වයක් යටතේ අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරණ අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන් එදා එල් ටී ටි ඊ යට මුදල් සැපයූවන් නිසා, කොටි ත්‍රස්ථවාදීන් විසින් සිදු කල සියලු මනුෂ්‍ය ඝාතන වලට වග උත්තර බඳින්නට සිදුවන බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේය.

සැප්තැම්බර් 20 දා ජිනීවාහීදි පැවති මෙම සමාන්තර සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්, යුරෝපීය අප්‍රිකානු හා ආසියනු රටවල් ගනනාවක තානාපති කාර්යාල නිලධාරීන් මෙන්ම දෙමල ඩයස්පෝරා සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

– චාමින්ද කරුණාරත්න ජිනීවා සිට

+++++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන අධිකරණයට යාමේ හැකියාවක්

(21.09.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූ මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් අමතමින්.

මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මුලසුන හෙබ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර සැසිවාරයක් ඊයේ පැවැත්වුණා.

මේ සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින්ද එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++++

LTTE හිතවාදීන්ගේ චෝදනාවලට සරත් වීරසේකරගෙන් පිළිතුරු

(21.09.2018 – 20:03 +0530 – sinhala.adaderana.lk)

සිංහල ජනතාව විසින් දෙමල ජනතාව සමූල ඝාතන කළ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති සමාන්තර සැසිවාරයකදී එල්.ටී.ටී.ඊ හිතවාදීන් චෝදනා කළේය.

ඊට සහභාගී වූ ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව සමාන්තර සැසිවාරයක් අද පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංහල ජනතාව විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට එල්.ටී.ටී.ඊ හිතවාදීන් චෝදනා කළේය.

එහිදී අදහස් දැක්වූ එල්.ටී.ටී.ඊ හිතවාදියෙකු මෙලෙස ප්‍රකාශ කළේය :

‘‘උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සහ කොටි හිතවාදී පිරිස් ලාංකික ජනතාව දෙමල ජාතියට එරෙහිව සමූල ඝාතනය කළ කියලා චෝදනා කරනවා. ඔවුන් හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යවමින් දන්වා සිටියේ දෙමල ජනතාව එදා වගේම අදටත් සමූල ඝාතන ලක්වෙමින් සිටිනවා කියලා.’’

එහිදී පිළිතුරු ලබාදුන් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය :

‘‘දෙමල සමූල ඝාතනයක් දැනටමත් වෙනවා නම් තමන්ගේ කැමැත්තෙන් දෙමල ජනතාව සිංහලයින් ඉන්න දකුණට දිනපතා සංක්‍රමණය වෙන්නේ කොහොමද? අද වන විට බස්නාහිර පළාතේ දෙමල ජනගහනය ඉතා වැඩි වී ඇති අතර හින්දු කෝවිල් 450 කට වැඩියේ තියෙනවා. සිංහල ජනතාව දෙමල ජනතාව සමූල ඝාතනය කරන්නේ නම් එහෙම වෙන්නේ කොහොමද? සිංහල සෙබලු තම දිවිය පරදුවට තියලා දෙමල ජනතාව නැවති පදිංචි කිරීමට හාර ලක්ෂ අනූ පන්දාහක් පුද්ගල නාශක බෝම්බ සහ පන්දාහක් ටැංකි නාශක බෝම්බ ඉවත් කරනකොට ඔවුන්ට එක තේ කෝප්පයක්දෙන්න විග්නේශවරන් ආවේ නෑ. එහෙම නොකරපු අය තමයි අද චෝදනා කරන්නේ.’’

+++++++++++++++++++++++++++++++++++++

ජිනීවා සිංහ-කොටි දරුණු සටන් මැද බුද්ධිමත් දෙමල තරුණයෙකුට දේශපේ‍්‍රමී විද්වතෙකුගෙන් පිලිතුරු..

(22.09.2018 – 10:00 +0530 – lankacnews.com)

මෙවර ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේ සැප්තැම්බර් 20 දා ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ වැඩසටහන’ යන මාතෘකාවෙන් පැවති සමාන්තර සැසියකදි දෙමල තරුණයෙකු ඇසූ බුද්ධිමත් ප්‍රශ්ණයකට ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉතා පැහැදිලි පිලිතුරක් ලබා දුන්නා.

ප්‍රශ්ණය (දෙමල තරුණයෙක්) :
‘‘ලංකාවේ ත්‍රස්තවාදය ඇති වන්නට හේතු තිබෙනවා නේද? ඔබ දෙමල ජනතාවට සාධාරණය ඉටු කරනවා නම්, ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳනවා නම්, ජාතියක් ලෙස නිසි ගෞරවය දෙනවා නම් මේ ප්‍රශ්ණ මගහරවාගත හැකියි නේද? නැවත ත්‍රස්තවාදය, යුද්ධ හා තවත් ප්‍රශ්ණ ඇති නොවීමට නම් දෙමල ජනතාවට අදත් ඉතුරු වී තිබෙන ගැටලු විසඳිය යුතුයි නේද ?’’

පිලිතුර (ආචාර්ය නාලක ගොඩහේවා ) :
‘‘ලෝකයේ ඕනෑම රටක ප්‍රශ්ණ තිබෙනවා. 1948 බ්‍රිතාන්‍යයන් අප රට හැර යන විට ඔවුන් අපේ රටේ සිටින විවිධ ජන වර්ග බේද කරලයි ගියේ. බේද කොට පාලනය කිරීම තමයි ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ යටත් විජිත සමයේ. මේ යථාර්තය අප තේරුම් ගත්තේ නැති නිසා තමයි පසුගිය වසර 70 තුල සිංගපූරුව , මැලේසියාව, වියට්නාමය වැනි ආසියාවේ අනෙක් රටවල වේගයෙන් ඉදිරියට යද්දී අපට දියුණු වන්නට බැරි වුනේ. අපි අතර තිබූ ප්‍රශ්ණ කෙමෙන් වැඩි වෙලා අවසානයේ ආයුධ සන්නද්ධ ගැටිමක් බවට වර්ධනය උනා. ඒ කෙසේ වෙතත් දැන් ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන්. දැන් අපි සියලු දෙනාම එකතු වී අනාගතය ගැන කල්පනා කල යුතුයි.

අපිට පිලිගන්නට වෙනවා අප දියුණු රටන් නොවන බව. අපට බොහෝ අඩු පාඩු කම් තිබෙනවා විශේෂයෙන් ආර්ථික ගැටලු. මේවා රටේ කොයි පලාතටත් එකසේ බලපානවා. ඒ නිසා උතුරේ දෙමල ජනතාව වැරදි වැටහීමක් ඇති ගත යුතු නැහැ මේවා ඔවුන්ට පමනක් සිදුවන අසාධාරණයක් කියා.

අද අප රටේ තිබෙන විශාලතම ගැටලුවක් තමයි බුද්ධි ගලනය. තරුණ තරුණියන් විශාල වශයෙන් රට හැර යනවා.ඔවුන් රට හැර යන්නේ ලංකාවට ඔවුන් බලාපොරොත්තුවන අවස්ථාවන් ලබා දෙන්නට තවමත් නොහැකි නිසායි. මෙය දෙමල ජනතාවට පමණක් තිබෙන ප්‍රශ්ණයක්ද ? නැහැ. එය ලංකාව තුල සිටින සෑම ජන කොටසකටම බල පා ඇති ගැටලුවක්.

අපි දැන් උතුර ගැන කතා කරමු. මගේ පෞද්ගලික මතය නම් අද උතුරේ සිටින දෙමල දේශපාලන නායකත්වයට උතුර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුනා වැඩක් කරන්නට. නමුත් කැමතියි ජනතාවට ප්‍රශ්ණ තිබෙනවාට. එවිට එය ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය කරගෙන යාමට පහසුවක්.

මට මතකයි 2009 යුද්ධය අවසන් වූ විට හිටපු ජනාධිපතිවරයා කඩිනමින් පලාත් පාලන මැතිවරණ කැඳෙව්වා. අපි දන්නවා පලාත් පාලන ක්‍රමවේදය ලංකාව මත බලහත්කාරයෙන්ම වාගේ පටවනු ලැබුවේ 1987 ඉන්දියාව විසින් ජන වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස. නමුත් ත්‍රස්ථවාදය නිසා කිසිම රජයට මින් පෙර බැරිවුනා උතුරේ පලාත් සභා මැතිවරණයක් තියන්නට. නමුත් 2009 දී යුද්ධය අවසන් වූ වහාම පසු ගිය රජය විසින් මැතිවරණ කැඳවනු ලැබුවා.

මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වලට නියෝග කලා උතුරු හා නැගෙනහිර ආයුධ සන්නද්ධව සිටි සියලුම කන්ඩායම් නිරායුධ කරන්න කියා. ඒ වන විට එල් ටී ටී ඊ ය පරාජය වෙලා නිසා අවි දරා සිටියේ රජයට පක්ෂපාත දෙමල කණ්ඩායමුයි. රජයට මැතිවරණ වංචාවක් කරන්නට අවශ්‍යව තිබුනා නම් හොඳම විසඳුම වී තිබුනේ මේ ආයුධ සන්නද්ධ කන්ඩාම් සිටියදීම මැතිවරණ පැවැත්වීමයි. නමුත් හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් දිනාගත් ප්‍රදේශ වල සාධාරණ මැතිවරණයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය නායකයින් පත් කරගන්නට දෙමල ජනතාවට ඉඩ දීමටයි.

ඒ අනුව උතුරු පලාතේ අති විශාල බහුතරයකින් ජයග්‍රහණය කලේ කලක් එල් ටී ටී ය හා හිතවාදීව සිටි දෙමල ජාතික සංධානයයි. නමුත් රජය ඔවුන්ට බාධා කලේ නැහැ. මන්ද එය තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තමුන් කැමති නායකයන් පත් කරගන්නට. නමුත් එදා සිට අද වන තුරු උතුරු පලාත් සභාවේ බලය දරණ දෙමළ සංධානය පලාතට කිසිම සංවර්ධනය කර නැහැ. අපි අද උතුරට ගිය විට යුතුරේ දෙමල ජනතා ව මැසිවිලි නගනවා, ඔවුන්ට ආර්ථික නිදහස නැහැ, කර්මාන්ත නැහැ , රැකියා අවස්ථා නැහැ කියා. අපට පෙනී යන්නේ උතුරේ දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ විසඳනවා වෙනුවට එම ප්‍රශ්ණ භාවිත කරනවා තම පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට.

දැන් ඔබ වැනි තරුණයන්ට අපට කියන්නට තිබෙන්නේ ඔබ එකතුවන්න රටට ආදරය කරන අනෙක් අය සමඟ. එසේ එකතු වී රට ගොඩ නගන්න. ඔබ හිතන්න එපා දෙමල ජනතාවට විශේෂ වූ සමාජ අසධාරණයක් සිදුවෙනවා කියා. එක්සත් ජාතීන්ගේ ඩර්බන් සම්මුතිය පවා පිලිගන්නවා ලෝකයේ ඕනෑම රටක යම් මට්ටමකට සමාජ ආසාධාරණය දැකිය හැකියි කියා. ලංකාවේත් එය සිදු විය හැකියි ඕනෑම පලාතක ඕනෑම පුද්ගලයෙකුට. නමුත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවන බව මම පැහැදිලිවම ඔබට කියනවා.’’

මෙම සම්මත්‍රණයේ මුලසුන හෙබවූයේ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතායි. දේශක කමිටුවට ජගත් ශ්‍රී ලාංකික එකමුතුව නියෝජනය කරමින් මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහෙන්දි, නිමලා ලියනපටබැදි හා රොෂාන් වර්ණපුර සහභාගීව සිටියා.

– චාමින්ද කරුණාරත්න

+++++++++++++++++++++++++++++++++++++

ජිනීවා සිංහ-කොටි දරුණු සටන් මැද බුද්ධිමත් දෙමල තරුණයෙකුට දේශපේ‍්‍රමී විද්වතෙකුගෙන් පිලිතුරු..

(22.09.2018 – 10:00 +0530 – lankacnews.com)

මෙවර ජිනීවා හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේ සැප්තැම්බර් 20 දා ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ වැඩසටහන’ යන මාතෘකාවෙන් පැවති සමාන්තර සැසියකදි දෙමල තරුණයෙකු ඇසූ බුද්ධිමත් ප්‍රශ්ණයකට ආචාර්ය නාලක ගොඩහේවා ඉතා පැහැදිලි පිලිතුරක් ලබා දුන්නා.

ප්‍රශ්ණය (දෙමල තරුණයෙක්) :
‘‘ලංකාවේ ත්‍රස්තවාදය ඇති වන්නට හේතු තිබෙනවා නේද? ඔබ දෙමල ජනතාවට සාධාරණය ඉටු කරනවා නම්, ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳනවා නම්, ජාතියක් ලෙස නිසි ගෞරවය දෙනවා නම් මේ ප්‍රශ්ණ මගහරවාගත හැකියි නේද? නැවත ත්‍රස්තවාදය, යුද්ධ හා තවත් ප්‍රශ්ණ ඇති නොවීමට නම් දෙමල ජනතාවට අදත් ඉතුරු වී තිබෙන ගැටලු විසඳිය යුතුයි නේද ?’’

පිලිතුර (ආචාර්ය නාලක ගොඩහේවා ) :
‘‘ලෝකයේ ඕනෑම රටක ප්‍රශ්ණ තිබෙනවා. 1948 බ්‍රිතාන්‍යයන් අප රට හැර යන විට ඔවුන් අපේ රටේ සිටින විවිධ ජන වර්ග බේද කරලයි ගියේ. බේද කොට පාලනය කිරීම තමයි ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ යටත් විජිත සමයේ. මේ යථාර්තය අප තේරුම් ගත්තේ නැති නිසා තමයි පසුගිය වසර 70 තුල සිංගපූරුව , මැලේසියාව, වියට්නාමය වැනි ආසියාවේ අනෙක් රටවල වේගයෙන් ඉදිරියට යද්දී අපට දියුණු වන්නට බැරි වුනේ. අපි අතර තිබූ ප්‍රශ්ණ කෙමෙන් වැඩි වෙලා අවසානයේ ආයුධ සන්නද්ධ ගැටිමක් බවට වර්ධනය උනා. ඒ කෙසේ වෙතත් දැන් ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය අවසන්. දැන් අපි සියලු දෙනාම එකතු වී අනාගතය ගැන කල්පනා කල යුතුයි.

අපිට පිලිගන්නට වෙනවා අප දියුණු රටන් නොවන බව. අපට බොහෝ අඩු පාඩු කම් තිබෙනවා විශේෂයෙන් ආර්ථික ගැටලු. මේවා රටේ කොයි පලාතටත් එකසේ බලපානවා. ඒ නිසා උතුරේ දෙමල ජනතාව වැරදි වැටහීමක් ඇති ගත යුතු නැහැ මේවා ඔවුන්ට පමනක් සිදුවන අසාධාරණයක් කියා.

අද අප රටේ තිබෙන විශාලතම ගැටලුවක් තමයි බුද්ධි ගලනය. තරුණ තරුණියන් විශාල වශයෙන් රට හැර යනවා.ඔවුන් රට හැර යන්නේ ලංකාවට ඔවුන් බලාපොරොත්තුවන අවස්ථාවන් ලබා දෙන්නට තවමත් නොහැකි නිසායි. මෙය දෙමල ජනතාවට පමණක් තිබෙන ප්‍රශ්ණයක්ද ? නැහැ. එය ලංකාව තුල සිටින සෑම ජන කොටසකටම බල පා ඇති ගැටලුවක්.

අපි දැන් උතුර ගැන කතා කරමු. මගේ පෞද්ගලික මතය නම් අද උතුරේ සිටින දෙමල දේශපාලන නායකත්වයට උතුර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි. ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුනා වැඩක් කරන්නට. නමුත් කැමතියි ජනතාවට ප්‍රශ්ණ තිබෙනවාට. එවිට එය ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය කරගෙන යාමට පහසුවක්.

මට මතකයි 2009 යුද්ධය අවසන් වූ විට හිටපු ජනාධිපතිවරයා කඩිනමින් පලාත් පාලන මැතිවරණ කැඳෙව්වා. අපි දන්නවා පලාත් පාලන ක්‍රමවේදය ලංකාව මත බලහත්කාරයෙන්ම වාගේ පටවනු ලැබුවේ 1987 ඉන්දියාව විසින් ජන වාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස. නමුත් ත්‍රස්ථවාදය නිසා කිසිම රජයට මින් පෙර බැරිවුනා උතුරේ පලාත් සභා මැතිවරණයක් තියන්නට. නමුත් 2009 දී යුද්ධය අවසන් වූ වහාම පසු ගිය රජය විසින් මැතිවරණ කැඳවනු ලැබුවා.

මැතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වලට නියෝග කලා උතුරු හා නැගෙනහිර ආයුධ සන්නද්ධව සිටි සියලුම කන්ඩායම් නිරායුධ කරන්න කියා. ඒ වන විට එල් ටී ටී ඊ ය පරාජය වෙලා නිසා අවි දරා සිටියේ රජයට පක්ෂපාත දෙමල කණ්ඩායමුයි. රජයට මැතිවරණ වංචාවක් කරන්නට අවශ්‍යව තිබුනා නම් හොඳම විසඳුම වී තිබුනේ මේ ආයුධ සන්නද්ධ කන්ඩාම් සිටියදීම මැතිවරණ පැවැත්වීමයි. නමුත් හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ යුද්ධයෙන් දිනාගත් ප්‍රදේශ වල සාධාරණ මැතිවරණයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය නායකයින් පත් කරගන්නට දෙමල ජනතාවට ඉඩ දීමටයි.

ඒ අනුව උතුරු පලාතේ අති විශාල බහුතරයකින් ජයග්‍රහණය කලේ කලක් එල් ටී ටී ය හා හිතවාදීව සිටි දෙමල ජාතික සංධානයයි. නමුත් රජය ඔවුන්ට බාධා කලේ නැහැ. මන්ද එය තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තමුන් කැමති නායකයන් පත් කරගන්නට. නමුත් එදා සිට අද වන තුරු උතුරු පලාත් සභාවේ බලය දරණ දෙමළ සංධානය පලාතට කිසිම සංවර්ධනය කර නැහැ. අපි අද උතුරට ගිය විට යුතුරේ දෙමල ජනතා ව මැසිවිලි නගනවා, ඔවුන්ට ආර්ථික නිදහස නැහැ, කර්මාන්ත නැහැ , රැකියා අවස්ථා නැහැ කියා. අපට පෙනී යන්නේ උතුරේ දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ විසඳනවා වෙනුවට එම ප්‍රශ්ණ භාවිත කරනවා තම පටු දේශපාලන අරමුණු ඉටු කරගන්නට.

දැන් ඔබ වැනි තරුණයන්ට අපට කියන්නට තිබෙන්නේ ඔබ එකතුවන්න රටට ආදරය කරන අනෙක් අය සමඟ. එසේ එකතු වී රට ගොඩ නගන්න. ඔබ හිතන්න එපා දෙමල ජනතාවට විශේෂ වූ සමාජ අසධාරණයක් සිදුවෙනවා කියා. එක්සත් ජාතීන්ගේ ඩර්බන් සම්මුතිය පවා පිලිගන්නවා ලෝකයේ ඕනෑම රටක යම් මට්ටමකට සමාජ ආසාධාරණය දැකිය හැකියි කියා. ලංකාවේත් එය සිදු විය හැකියි ඕනෑම පලාතක ඕනෑම පුද්ගලයෙකුට. නමුත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවන බව මම පැහැදිලිවම ඔබට කියනවා.’’

මෙම සම්මත්‍රණයේ මුලසුන හෙබවූයේ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට යෝජනාවූ විද්වතෙක් වන මහාචාර්ය මහමත් සුකෘ ගුසෙල් මහතායි. දේශක කමිටුවට ජගත් ශ්‍රී ලාංකික එකමුතුව නියෝජනය කරමින් මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහෙන්දි, නිමලා ලියනපටබැදි හා රොෂාන් වර්ණපුර සහභාගීව සිටියා.

– චාමින්ද කරුණාරත්න

FB Video

+++++++++++++++++++++++++++++++++++++

ජිනීවා නුවරින් මව්බිමේ අනාගතය හැඩ ගස්වන ඓතිහාසික ලියවිල්ලක් එලි දකී…

(22.09.2018 – 16:40 +0530 – lankacnews.com)

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවේ සමාන්තර සැසිවාරයකදී ජගත් දේශප්‍රේමී ලංකික සංසදය “ජිනීවා ප්‍රකාශනය” නමින් ඓතිහාසික ලියවිල්ලක් එළිදක්වා ඇත.

කරුණු 4 කින් යුත් “ජිනීවා ප්‍රකාශනය” 1976 දී යාපනය වඩුක්කොඩේ ප්‍රකාශනයේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි හිතවාදීන් සම්මත කර ගත සියලු ප්‍රකාශන දක්වා සියලු මතවාදීය ප්‍රකාශවලට පිළිතුරක් ලෙස සැලකේ.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශනය එලි දැක්වූ අතර ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු විධායක සභිකයන්, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, ජිනීවාහී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්, කොටි ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ විවිධ රටවලින් පැමිණි නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වුහ.

එම ප්‍රකාශනයේ සදහන් වූ කරුණු 4 :

  1. දෙමළ ජනතාවට පමණක් වෙන් වූ නිජබිමක් ශ්‍රී ලංකාව තුළ නැත.
  2. ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට දෙමල වීම නිසාම සිදුවන විශේෂ අසාධාරණයක් නැත.
  3. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වන පීඩනයට ලක්ව සිටින සිංහල, දෙමළ සහ මුහුදු වැදි ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා සුරැකීමට පියවර ගත යුතුය.
  4. කලාපීය සුළු ජන කොටසක් වන සිංහල ජනතාවට, ජාතියට, ඔවුන්ගේ සංස්කෘතියට, භාෂාවට, උරුමයන්ට කලාපීය බහුතරය වන දෙමළ ජනවර්ගයෙන් සහ බටහිර ජාතීන්ගෙන් සිදුවන සියලු ආකාරයේ නොපෙනත්කම් වහා නැවැත්විය යුතුය.

– දුෂාන්ති හපුගොඩ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට

+++++++++++++++++++++++++++++++++++++

යුධ අපරාධ චෝදනා එල්ල කළේ වෙනත් අරමුණක් ඉටුකර ගන්නයි – මහචාර්ය චන්න ජයසුමන

(22.09.2018 – nethnews.lk)

ජගත් දේශපේ‍්‍රමී ලාංකික සන්සදය 39 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අතුරු සැසියකට අද එක්වුණා. යුද අපරාධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට චෝදනා එල්ල කර ඇත්තේ වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා බවයි මෙහිදී එම සන්සදය ප‍්‍රකාශ කර ඇත්තේ. මේ ඒ පිළිබඳ ජිනීවා නුවර සිට අදහස් දක්වන එම සන්සදයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා :

කරුණු 04 කින් සමන්විත ජගත් දේශපේ‍්‍රමී ලාංකික සන්සදයේ ජීනීවා ප‍්‍රකාශනයද මෙහිදී එළිදැක්වුණු බවයි ප‍්‍රකාශ කෙරුණේ :

+++++++++++++++++++++++++++++++++++++

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන්න එපා

(24.09.2018 – 20:55 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නොකරන ලෙස රියර්අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීක් කළා.

ඒ මෙම කවුන්සිලයේ 39 වන සැසිවාරය අද අමතමින්.

+++++++++++++++++++++++++++++++++++++

ආන්දෝලනාත්මක භෝජන සංග්‍රහයක් ගැන හෙළිදරව්වක්

(24.09.2018 – 19:18 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද (24) අනාවරණ කළේය.

මේ බව ප්‍රකාශ කෙරුණේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (24) එරටදී පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.

ඒ අනුව රාත්‍රී භෝජන සංග්‍රහය පිළිබඳව එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ ජිනීවාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතුව ද අදාළ අවස්ථාවේ එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා කාර්යබහුල බැවින් සම්බන්ධ කරගත නොහැකි බවයි.

කෙසේ වෙතත් පසුව අප වෙත දැනුම් දිමක් සිදු කරමින් මෙරට ජිනීවාහී තානාපති කාර්යාලය පැවසුවේ අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට ජිනීවාහි පිහිටි ශ්‍රි ලංකා තනාපති කර්යාලයේ නිලධාරින් විසින් දන්වා ඇති බවයි.

මේ අතර ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබුණි.

එහිදී අදහස් දැක්වු ආචාර්ය නාලක ගොඩහේවා මහතා :

‘‘LTTEය ත්‍රස්ත සංවිධානයක් ලෙස සාමාජික රටවල් 32 ක් විසින් තහනම් කර තිබියදීත් OUSL වාර්තාව ඉදිරිපත් වන විට ත්‍රස්ත යන වචනය ඉවත් වී තිබෙනවා.එහි LTTEය අර්ථ නිරූපණය කරලා තියෙන්නෙ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් ලෙසයි.ත්‍රස්ත සංවිධානයක් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායමක් අතර විශාල වෙනසක් පවතිනවා.

මෙහිදී අපට වැටහෙනවා චේතනාන්විතව මානව හිමිකම් කවුන්සිලය නොමග යැවීමේ උත්සාහයක් පවතින බව. ඇත්තටම ලොවපුරා ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වූවන්ට මේ වගේ සාධාරණයක් ඉටු කරන්න අවශ්‍ය නම් LTTEය සංවිධානය විනාශ වුවත් ඊට මූල්‍යමය ශක්තිය ලබා දෙන පාර්ශ්ව පිළිබඳව විමර්ශනය කළ යුතුයි.

මෙය මානව හිමිකම් කවුන්සිලයට මගහැරී තිබෙනවා. අනිත් එක මේ යෝජනාව ඉදිරිපත් වන විට වගන්ති 20 ක් තිබුණා. ඉන් එකකින් පමණයි LTTEය සංවිධානය ගැන පවසා තිබුණෙ. ශ්‍රී ලංකාව රාජ්‍යයන් 02 කට වෙන් කිරීමට අවශ්‍යව සිටි පාර්ශ්වයන්ට එය සන්නද්ධ අරගලයකින් සිදු කරගත නොහැකි වූ නිසා එය වෙනත් අයුරකින් ඉටු කරගැනීමට දැන් මුදල් යෙදවෙනවා.’’

++++++++++++++++++++++++++++++++++++++++

දෙමල ඊලාම් අන්තර් පාලන රජය පිහිටුවා අවසන්.. ශ්‍රී ලාංකික විද්වත්තු ප්‍රථම වරට ජිනීවාහී මූලස්ථානයේ මාධ්‍ය හමුවක..

(25.09.2018 – 08:40 +0530 – lankacnews.com)

ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික සංවිධානයේ අනුබද්ධිත මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ආරාධනයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුල ශ්‍රී ලංකාවේ පුරවැසියන් නියෝජිනය කරමින් ප්‍රවෘත්තී සාකච්චාවක් පවත්වා ලංකාවේ වර්ථමාන මානව හිමිකම් තත්වය හා 2015 දී සම්මතවූ 30/ 1 යොජනාව ගැන පැහැදිලි කිරීමට ‘ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව (WORLD SRI LANKAN ASSOCIATION)’ සැප්තැම්බර් 24 දා සමත් විය. ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, මහාචාර්ය මහමත් ගුසෙල් යන විද්වතුන් පැහැදිලි කිරීම් කල අතර නිමලා ලියනපටබැඳි, මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහැන්නදි සහ රොෂාන් වීරපුර යන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුවේ සමාජිකයින්ද ප්‍රවෘත්තී සාකාච්චාවට එකතු වී සිටියහ.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ මානව හිමිකම් කවුන්සිලය විසින් 25/1 යෝජනාව යටතේ ලංකාව පිලිබඳ පරීක්ෂණයක් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් වරයාගේ කාර්යාලයට උපදෙස් දුන් අවස්ථාවේ ලංකාවේ පැවති තත්වය ‘ත්‍රස්තවාදය සමඟ සටනක් (COMBATTING TERRORISM)’ ලෙස හඳුන්වා ලෙස හඳුන්වා දී තිබුනද 2015 සැප්තැම්බර් 15 දා ලබා දෙන ලද ‘මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්ථාවේ (XXXXX)’ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ ‘රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කන්ඩායමක් (NON STATE ARMED GROUP)’ ලෙස මිස ‘ත්‍රස්තවාදී කන්ඩායමක් (TERRORISTS) ලෙස නොවන බවය. කාගේ හෝ අනුදැනුම ඇතුව සිදුවූ මේ කපටි ක්‍රියාව නිසා වසර ගනනාවක් තිස්සේ ත්‍රස්ථාවාදයට මුදලින් ආධාර කල අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ මූලෝපායන් (GLOBAL COUNTER TERRORISM STRATEGY)’ යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවයි.

එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බව එදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිලිගෙන තිබුනානම් අද මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරණ අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන් එදා එල් ටී ටි ඊ යට මුදල් සැපයූවන් නිසා, කොටි ත්‍රස්ථවාදීන් විසින් දශක තුනකට අසන්න කාලයක් පුරා සිදු කල සියලු මනුෂ්‍ය ඝාතන වලට වග උත්තර බඳින්නට සිදුවන බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය.

ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පෙන්වා දුන්නේ යුද්ධයේ අවසාන කාලයේ දෙලක්ෂ අසූ පන්දහසක් දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කිරීමෙන් එල් ටී ටී ඊ සංවිධානය පැහැදිලිවම ‘අන්තර්ජාතික මානුශිකවාදී නීතිය (INTERNATIONAL HUMANITARIAN LAW) පිලිබඳව 1949 ඇතිකරගත් 4 වන ජිනීවා සම්මුතියේ 3 වන වගන්තිය උල්ලංඝනය කොට ඇති බවය. ත්‍රස්ථවාදය මියගොස් නැති බවත් එදා ‘එල් ටී ටී ඊ’ සංවිධානයට මුදල් සැපයූ කන්ඩායම් එකතුව මේ වන විට ඩෙන්මාර්කය පදනම් කරගෙන දෙමල ඊලාමය වෙනුවෙන් අන්තර් පාලන රජයක් පවා පිහිටුවා ඇති බවත් ආචාර්ය මහනාමහේවා මහතා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රවෘත්තී සාකාච්ඡාවට ස්වාධීන මතධාරියෙකු ලෙස සහභාගී වූ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට පවා යෝජනා වූ විද්වතෙකු වන මහාචාර්ය ගුසෙල් මහතා තර්ක කලේ ශ්‍රී ලංකාවේ අනාගත රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ‘ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ මූලෝපාය (GLOBAL COUNTER TERRORISM STRATEGY)’ යටතේ එල් ටි ටීයට අදත් උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිලිබඳවද පරීක්ෂණයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බල කරන ‘ප්‍රති යෝජනාවක් (COUNTER RESOLUTION)’ ඉදිරිපත් කල යුතු බවය. එදා එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස නම් නොකිරීමෙන් මානව හිමිකම් කවුන්සිලය බරපතල වරදක් කර ඇති බව පෙන්වා දුන් මහාචාර්ය ගුසෙල් මහතා පවසා සිටියේ අනාගතයේ විවිධ ත්‍රස්ථවාදී කණ්ඩායම් මේ වැරදි පූර්වාදර්ශය භාවිතා කිරීමට ඉඩ ඇති බවය.

සිදුවූ වරද නිවැරදි කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති එකම මග කොටි ත්‍රස්තවාදීන්ට එදා මුදල් සැපයූවන්ට එරෙහිව ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහිව එක්සත් ජාතීන් විසින් 1999 දී සම්මත කරගත් ‘ත්‍රස්ථවාදය සඳහා මුදල් සැපයීම වලැක්වීමේ අන්තජාතික සම්මුතිය (INTERNATIONAL CONVENTION FOR THE SUPPRESSION OF THE FINANCING OF TERRORISM)’ යටතේ ප්‍රති යොජනාවක් සම්මත කිරීම බව ජගත් ශ්‍රී ලාංකීය එකමුතුවේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙම ප්‍රවෘති සාකච්ඡාව සඳහා රටවල් ගනනාවක මාධ්‍ය වේදීන් සහභාගී වී සිටියහ.

– චාමින්ද කරුණාරත්න ජිනීවා සිට

+++++++++++++++++++++++++++++++++++++

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයෙන් චෝදනාවක්

(25.09.2018 – 19:55 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් වගකීම් විරහිතව හැසිරෙන බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය චෝදනා කරනවා.

එම සංසදය පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් සැසිවාරයන් තුල පල කරන පදනම් විරහිත අදහස් හෙලා දැකීමට හෝ ඒවාට පිලිතුරු දීමට රජයේ නියෝජිතයන් පසුගිය කාලය පුරා කටයුතු නොකළ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 39 වන සැසිවාරය මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙනවා.

සැසිවාරයට එක්ව සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ශ්‍රී ලංකා හමුදාවන්ට එල්ල කරන පදනම් විරහිත චෝදනා වලට පිලිතුරු දීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් ක්‍රියා නොකිරීමට විරෝධය පල කරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය අද ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලිපියක් භාර දුන්නා.

මේ අතර අරුණ වරුසහැන්දිගේ මහතා ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නියෝජනය කරමින් ජිනිවා මානව හිම්කම් සැසිවාරයේ දී අද අදහස් දැක්වුවා.

+++++++++++++++++++++++++++++++++++++

ලංකා ආණ්ඩුව තෙල් මිල සුත‍්‍රය ජනතාවගෙන් හංගනවා.. – ජිනිවා වෙත පැමිණිලි කෙරේ..

(26.09.2018 – 12:40 +0530 – lankacnews.com)

වත්මන් රජය යටතේ දිනෙන් දින උල්ලංඝනය වන පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ‘ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව’ හා ‘පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය’ එක්ව ජිනීවාහී ‘එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට’ අද දින සංදේශයක් බාර දෙන ලදී.

මේ අවස්ථාවට ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා, මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහැන්නදිගේ, නිමලා ලියනපටබැඳිගේ හා රොෂාන් වීරපුර යන විද්වත්හු සහභාගී වී සිටියහ.

සංදේශය බාරදීමෙන් පසු මාධ්‍ය අමතමින් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා කියා සිටියේ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් කමිටුවට බාරදෙන චෝදනාවකට පිලිතුරක් ලබා ගැනීමට මාස ගනනාවක් ගත වන අතර රජයේ අකාර්‍යක්ෂමතාවට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ජනතාවට බවයි.

වත්මන් රජය බලයට පත් වූ වහාම සිදුකල ‘මහබැංකු බැඳුම්කර මගඩිය’ නිසා සිදුවූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව, අසීමිත ලෙස බදු වැඩි කිරීම් හරහා ජනතාවගෙන් අයකරගැනීමට රජය කටයුතු කරන බවයි.

වත්මන් රජය බලයට ආ පසු හඳුන්වාදුන් ‘තොරතුරු දැනගැනීමේ පනත’ අද පුස්සක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් මදුශාන් හරීන්ද්‍ර මහතා චෝදනා කලේ තෙල් මිල සූත්‍රය රහසක් වශයෙන් තබාගැනීමෙන් ලංකාවේ ජනතාවගේ පාරිභෝගික අයිතීන් කඩවී ඇති බවයි.

මානව හිමිකම් කාර්යාලයට ලංකාවේ පාරිභෝගික අයිතීන් කඩවීම් පිලිබඳ දැනුවත් කිරීම සඳහා සංදේශයක් ඉදිරිපත් කරනා ලද්දේ ප්‍රථම වරටය.

– චාමින්ද කරුණාරත්න ජිනීවාහි සිට

+++++++++++++++++++++++++++++++++++++

යුද අපරාධ චෝදනා ගැන සරත් වීරසේකර ජිනීවා සැසියට කරුණු දක්වයි

(28.09.2018 – 10:59 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් ඇති පසුබිමක ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ද අහෝසි විය යුතු බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති සමාන්තර සැසි වාරයකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයා නොමැතිවීමෙන් ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය ද අහෝසි වන බවයි.

යුද අපරාධ චෝදනා ගැන සරත් වීරසේකර ජිනීවා සැසියට කරුණු දක්වයි

මෙහිදී අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා මෙසේ පැවසීය :

‘‘ගරු සභාපතිතුමනි එක්සත් ජාතින්ගේ සංගමයෙන් අපට දුන් තාක්ෂණික සහයේ අවසාන ප්‍රතිඵලය වුණේ අපට විරුද්ධව යුද අපරාධ යෝජනාවක් ඉදිරිපත් විමයි.

මෙය මානව හිමිකම් කවුන්සලයෙන් අනුමත වුණේ විවාදයකින් තොරව ඡන්දයක් ද නොමැතිවයි.

මන්ද එයට අපේ නියෝජිතයා සම අනුග්‍රහකත්වය දැක්වු නිසායි. නමුත් එයට ජනාධිපතිගේවත් කැබිනට් මණ්ඩලයේ වත් අනුමැතිය ලැබුණේ නැහැ.

ඊයේ අපේ ජනාධිපති එක්සත් ජාතින්ගේ මහා සමුළුවේදි අපට අපේ අභ්‍යන්තර කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතුයි කිවා.ඔහුගේ එම කියමනෙහි වටිනාකමක් ලැබෙන්නේ අපි 30/1 න් ඉවත් වුණොත් පමණයි.

මන්ද නැත්නම් එහි නිර්දේශ ක්‍රියාක්මක කිරීමට අපි බැඳී සිටින නිසා. අමෙරිකාව මේ කවුන්සලෙන් ඉවත් වුනා මෙය කුහක සහ දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහි තැනක් කියා.

අමෙරිකාව මෙම යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයා නිසා එවිට අපේ සම අනුග්‍රාහකත්වය ද ඉබේම අහෝසි විය යුතුයි.’’

+++++++++++++++++++++++++++++++++++++

ජිනීවා මානව හිමිකම් සමුළුවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව නාලක ගොඩහේවා කියයි

(28.09.2018 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනාවලට, ලබන වසරේ පැවැත්වීමට නියමිත 40 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුවේදි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කර ඊට සහය ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

ඔහු මේ බව කියා සිටියේ ජිනිවා හි පැවති 39 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වී අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්, දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සදහා ලක් රජය නියෝජනය කරමින් මෙරට සිට කණ්ඩායමක් ඉදිරිපත් නොකෙරෙනු අතර, ඒ සඳහා සහභාගි වූයේ ජිනිවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමයි ෴

+++++++++++++++++++++++++++++++++++++

කොටි ඩයස්පෝරාව ජිනීවා සමුළුවේදී මුල් වරට ඇදවැටේ

(29.09.2018 – divaina.com)

මුල් වරට ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ කොටි ඩයස්පෝරාවේ කි‍්‍රයාකාරකම් ඇද වැටී ඇත. ඒ ස්විස් බලධාරීන් විසින් මුලතිව්හි ඊළාම්වාදී නායකයන් 10 දෙනකුගෙන් යුත් පිරිසකට ජිනීවා ඒමට වීසා බලපත් නොදීම සහ තමිල්නාඩුවේ කොටි හිතවාදී තිරුමුරුගන් ගාන්ධි ඉන්දීය රජය මගින් අත්අඩංගුවට ගැනීම නිසාය.

මේ නිසා ශ්‍රී ලංකාව ජාති සංහාරයක යෙදුණු බවට දක්‌වමින් මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීම් 6 ක්‌ පමණක්‌ පැවැත්වීමට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට හැකිවී ඇත.

මෙතෙක්‌ ඔවුන් එවන් රැස්‌වීම් 18 ක්‌ පමණ පවත්වා තිබිණි. එහෙත් සැප්තැම්බර් 25 වනවිට ඩයස්‌පෝරාවේ සියලු කටයුතු අවසන් වී ඇත.

මෙම තත්ත්වය මත කොටි ඩයස්‌පෝරා ප්‍රධානි මරියද්‍රාස්‌ ටොස්‌කෝ දැඩි අසරණ තත්ත්වයකට පත්වී තිබේ. මෙවර ශ්‍රී ලංකාවේ සිට උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිකරන් සහ කිලිනොච්චි මන්තී එස්‌. ශ්‍රීධරන් පමණක්‌ පැමිණ සිටියහ.

– කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට

+++++++++++++++++++++

කොටි 100 ක්‌ මුදා හරින්න මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලයි; සිංහලයෝ දෙදෙනෙක්‌ කොටි වෙනුවෙන් කොළ බෙදති

(29.09.2018 – divaina.com)

මගී ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, විල්පත්තුව වනෝද්‍යානයේදී දේශීය සංචාරකයන් ඝාතනය කිරීම, මගී බස්‌ රථ කීපයකට බෝම්බ තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුළු බිහිසුණු අපරාධ සිදු කළ කොටි ක්‍රියාකාරීන් සිය දෙනෙකු නිදහස්‌ කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ සංවිධානය නමැති සංවිධානය මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැවලට්‌ ගෙන් ඉල්ලා ඇත.

මෙම සංවිධානයට අයත් සිංහලයන් දෙදෙනෙකු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ එම ඉල්ලීම ඇතුළත් පත්‍රිකාවක්‌ බෙදාහරින අයුරු දැක ගැනීමට හැකිවිය.

මෙම සිංහලයෝ දෙදෙනා මහරගම හා පානදුරේ පදිංචිකරුවෝ වෙති.

මොවුන් විදේශිකයන් හමුවේ පැවසුවේ යහපාලන රජය දේශපාලන සිරකරුවන් රඳවා ගෙන සිටින බවයි.

එහෙත් මොවුන් සිදු කළ යුද අපරාධ කිසිවක්‌ අනාවරණය කර නැත. හිටපු කොටි ක්‍රියාකාරීන් මුදා ගැනීම සඳහා සිංහලයන් දෙදෙනකු ජිනීවා පැමිණ ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීම සිදු කළ මුල් අවස්‌ථාව මෙයයි.

– කීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට

+++++++++++++++++++++++++++++++++++++

• සිංහ පුතුන් ජිනීවා සොලවයි.. තිස් වසරක් ලෝකයට සැඟවූ රහස මහාචාර්ය චන්න ජයසුමන ජිනීවාහිදී කියයි..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *