ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

(22.09.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් ගෙන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කර්මාන්තශාලාවේ සේවකයන්ට ඊයේ දහවල් ලබා දුන් ආහාර විෂ වී සේවකයින් 160 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලටත්, 156 දෙනෙකු ගම්පහ රෝහලටත් ඇතුළත් කෙරුණා ෴

*****************************************

ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට

(22.09.2018 – 12:23 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කොංග්‍රස් පාලන සමය තුළ එවකට කොංග්‍රස් සභාපතිනිය වූ සෝනියා ගාන්ධි සහ එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ පී. චිදම්බරම් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජුව සබඳතා පැවැත්වූ බවට භාරතීය ජනතා පක්ෂ නායකයෙකු සහ රාජ්‍ය සභා නියෝජිතයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසනවා.

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7

පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ද ඔහුගේ ආරාධනයෙන්.

සුබ්‍රමනියම් ස්වාමි මහතා සිදුකළ නවතම හෙළිදරව්වට අනුව 2009 වසරේ මෙරට යුද්ධයේ අවසන් සමයේ දී චිදම්බරම් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙත වැදගත් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

ඒ, ඉන්දීය නාවික හමුදාව ඔහු බේරා ගැනීමට පැමිණෙන බව පවසමින්.

එම පණිවුඩයට අනුව ප්‍රභාකරන් වෙරළාසන්නයට පැමිණි බවත්, ඉන්දීය නාවික හමුදාව නොව ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රදේශය වටලා තිබූ බවත්, පසුව වෙරළ පෙනි පෙනී ප්‍රභාකරන් මෙරට ආරක්ෂක හමුදා අතින් ජීවිතක්ෂයට පත්වූ බවත් සුබ්‍රමනියම් ස්වාමි මහතා සඳහන් කළා.

කෙසේ නමුත්, ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට පැමිණීමට සූදානමින් සිටි බවත්, මතු වූ දැඩි විරෝධය හමුවේ එය ඉන්දීය වෙරළෙන් පිටත් නොවූ බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම සැලසුම් වෙනස්වීම පිළිබදව ප්‍රභාකරන් දැනුවත් කිරීමට කොංග්‍රස් බලධාරීන් අපොහොසත් වූ බවයි සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++++++++

*****************************************

ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු හමුවේ

(22.09.2018 – 11:22 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා.

ඒ, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින්. පවුලේ ඥාතීන් සමඟ වෑන් රථයකින් මිනුවන්ගොඩ සිට පොලොන්නරුවට විනෝද චාරිකාවක පැමිණ සිටියදී ඔවුන් ඊයේ දහවල් මෙම අනතුරට ලක්වුණා.

%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A

දියේ ගිලී මිය ගිය 45 හැවිරිදි පියා ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, මිය ගිය දියණියගේ වයස අවුරුදු 14 ක්.

මේ අතර, ගිරිතලේ ජලාශයෙන් දිය නෑමේදී ප්‍රවේශම් වන ලෙසට අනතුරු ඇගවීම් සහිත පුවරු කිසිවක් සවි කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම ජලාශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *