වෙඩි වැදී මඩේ එරුණු අලි පැටවකුගේ දිවි බේරන්න වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක

(28.09.2018 – nethnews.lk)

කන්තලේ සිට ඇල්ල ප්‍රධාන මාර්ගයේ සූරියපුර ප්‍රදේශයේ ජනරංජන වැවේ වැව් පිටියේ දින 03 ක් පමණ මඩේ එරී සිටි වයස අවුරුදු 05 ක පමණ වූ අලි පැටවෙකු එම මඩ වලෙන් බේරාගැනීම සඳහා පැය 24 ක පමණ කාලයක් නොනවත්වා කන්තලේ වනජීවී අඩවි කාර්යාලීය නිලධාරීන් හා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලීය නිලධාරීන් ක්‍රියාත්මක වී බේරාගෙන ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

ජේ.සී.බී යන්ත්‍ර දෙකක් භාවිතා කරමින් සිදුකළ මෙම බේරාගැනීමේ මෙහෙයුමට වනජීවී නිලධාරීන් හට යුද හමුදා නිලධාරීන්, සූරියපොළ පොලීසියේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහය දී ලබා දුන්නා.

දින 03 ක් මඩේ එරී සිටීම නිසා ශරීරය දුර්වල වීම හේතුවෙන් ගිරිතලේ පශුවෛද්‍ය පශු වෛද්‍ය නිලධාරීන් අද (28) වන විටත් ප්‍රතිකාර සිදු කරමින් සිටී.

මෙම අලි පැටවාගෙ ඉදිරි වම් පාදයට ඉහළින් වෙඩි සලකුණු දෙකක් ඇති අතර ඉන් සැරව ගැලීමක්ද පවතින බවයි පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ. වෙඩි සලකුණු දෙක ශරීරය අභ්‍යන්තරයට ගමන් කර ඇති අතර අභ්‍යන්තර අවයව වලටද හානි වී ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර මෙම හේතුව නිසා මෙම අලි පැටවා ඉතා දුර්වල තත්වයෙන් නැගිටීමට නොහැකිව සිටිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *