රුපියල් ලක්ෂ පහකට අධිකමූල්‍ය වංචාවක් කළැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරිනිය රිමාන්ඩ්

(28.09.2018 – 16:07 +0530 – lankadeepa.lk)

පනස් එක් වතාවක් පරිගණක දත්ත වෙනස් කර ආදායම් බලපත් වලින් රුපියල් ලක්ෂ පහකට (5,000,000) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ දොඩංගොඩ පදිංචිකාරියකි.

ආදායම් බලපත් අංශයේ මුදල් වංචාවක් සිදු වී ඇතැයි හොරණ ප්‍රාදේශිය ලේකම් කමල් ජයසුන්දර මහතා හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් අනුව ඇරැඹු විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීනිය අත්අඩංගුවට ගෙන තිබිණි ෴

*****************************************

ඉන්ධන මිල සුත්‍රය දුන්නේ නැත්නම් අධිකරණය හමුවට යනවා – ගම්මන්පිළ කියයි

(28.09.2018 – nethnews.lk)

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමන් ඉල්ලා ඇති පරිදි ඉන්ධන මිල සූත‍්‍රය හෙළි නොකරන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්ධන මිල සූත‍්‍රය අනාවරණ කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යාංශය වෙත අභියාචනයක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

ඉන්ධන මිල යලි ඉහළ යා හැකි බවට මුදල් අමාත්‍යවරයා සිදු කල ප‍්‍රකාශයකටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

ඊයේ (27) මුදල් අමතිවරයා මාධ්‍ය සාකච්ජාවේදී කියනවා ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන මාසයේ 10 වෙනිදා ඉන්ධන මිළ ඉහළ යා හැකි බව සදහන් කර සිටියා. ඒකත් හරියට ඉංග්‍රීසි චිත්‍රපටි වල ‘කමින් සූන්’ කියලා ඉදිරියට එන්න තියෙන දේ දැන් ඉදලා පෙන්වනවා වගේ ජනතාවට ඉදිරියේ ඇතිවන මිල වැඩිවීම ගැන දැන් ඉදලම දැනුම් දෙන්න ඇමතිවරයා කටයුතු කරනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා සදහන් කර සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *