උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..

(01.10.2018 – 10:40 +0530 – lankacnews.com)

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.

මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් කනගපුරම් මහවිරු සොහොන් ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදු කරන අතර, සොහොන පිරිසිදු කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

එමෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ පැවති කැළැව කපා ඉවත් කොට සොහොන් භුමිය පවිත්‍ර කිරීම් සිදු කරන අතර කනකපුරම් සුසාන භූමියේදී මිය ගිය කොටි සිමාජිකයින්ගේ සොහොන් කොත් කැබලි වලින් සාදන ලද ස්මාර්කයක්ද පසුගිය වසරේ සිට ස්ථාපිත කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

++++++++++++++++++++++++++

සියළු කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උපවාස..

(01.10.2018 – 12:40 +0530 – lankacnews.com)

මෙරට සියලු බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් අද (01) වවුනියාව දිස්ත්රිමක් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරත විය.

කිසිදු නඩු විභාගයක් නොපවත්වා දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගතව සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම රජය මැදිහත් වි නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් මෙම උපවාසය සංවිධානය කොට තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් උපවාසය සංවිධානය කොට ඇත.

විරෝධතාවයට එක්වු පාර්ලිමේන්තු මන්ත්රි ශිවශක්ති ආනන්දන් මහතා පැවසූවේ ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් ගත වුවත් යුද්ධයෙන් පසුව වසර 09 ක් ගත වුවත් වසර ගණනාවක් පුරාවට ලංකාවේ බන්ධනාගාර තුළ කිසිම නඩු විභාගයකින් තෙරව දේශපාලන සිරකරුවන් සිරගතව සිටින බැවින් රජය සෑම අවස්ථාවකදීම දේශපාලන සිරකරුවන්ගේ ගැටලුවේදී මග හරින් බැවින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් එසේ නොවන්නට උතුරු නැගෙනහිර සියලුම ජනතාව රජයට බලකරමින් නැගී සිටිමට සංවිධානය වන බවටද කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++

කපන්න එද්දි බයට ළිඳකට පනියි.. ගොඩට ගෙන කපන්න යද්දි පොලීසියට තිදෙනෙකු හසු වෙයි…

(01.10.2018 – 12:00 +0530 – lankacnews.com)

යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පසු පස තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි ආවා යැයි සැක කෙරෙන කල්ලියක තිදෙනෙකු 30 අත්අඩංගුවට ගෙන ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු පිටුපස යතුරුපැදියකින් තියුණු ආයධ සහිතව තිදෙනෙකු ලුහු බැඳ ඇති අතර එහිදී දිව ගිය ව්‍යාපාරිකයාගේ පුතා දිවි ගලවා ගැනීමට කෝපායි ප්‍රදේශයේ පිහිටි ළිඳකට පැන ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ආවා කල්ලියේ පිරිස් විසින් ළිඳට පැන්න පුද්ගලයා ගොඩට ගෙන පහර දීමට සූදානම් වී ඇත.

ළඳට පැන්න පුද්ගලයා ගොඩට ගැනීමට සැරසෙන අවස්ථාවේදී ළිඳ තුල සිටි එම පුද්ගලයාගේ කෑ ගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුවීම දැක ඒ බව කෝපායි පොලීසියට දැනුම් දී ඇත අනතුරුව එම අවස්ථාවේදීම කෝපායි පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සැකකරුවන් තිදෙනෙකු හා ඔවුන් පැමිණි යතුරුපැදියද සමග තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ළිඳට පැන්න පුද්ගලයාද බේරා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෝපායි ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් ආවා කල්ලියේ බවට සැකක කෙරෙන අතරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *