මධ්‍යම කඳුකරයට තද වැසි

(01.10.2018 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (01) රාත්‍රී කාලයේත් දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ත්, 150 ත් අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වැසි හේතුවෙන් පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යට වූ බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වලට අද රාත්‍රී කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *