‘ඔව්.. මං පොහොට්ටුවේ නායකත්වය බාර ගන්නවා..’ – මහින්ද රාජපක්ෂ

(04.10.2018 – 00:01 +0530 – lankacnews.com)

‘ඔව්.. මං පොහොට්ටුවේ නායකත්වය බාර ගන්නවා..’ ඇදකුද වටවංගු නැතිව මහින්ද කෙලින්ම කියයි.. ශ‍්‍රීලනිප උපදේශක ධුරය කුණු බක්කියට…

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය බාර ගැනීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සදහන් කරයි.

තම පක්‍ෂයේ නායකත්වය ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරන ලද ආරාධනය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද විමසීමට පිලිතුරු ලෙස ඔහු ඒ බව පැවසීය.

හිටපු ජනාදීපතිවරයා මෙසේ කියා සිටියේ සිය නිල නිවසේදී පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ නායක හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

*****************************************

සෙල්ලම් පිස්තොලයක් පෙන්නා මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අල්ලයි

(03.10.2018 – 21:49 +0530 – lankadeepa.lk)

කොල්ලුපිටියේ විසා බලපත්‍ර නිකුත් කරන මධ්‍යස්ථානයකට සෙල්ලම් පිස්තොලයක් රැගෙන කඩා වැදී රුපියල් 55000 ක් කොල්ලකා පලායාමට උත්සහ කළ ආරක්ෂක නිලධාරියෙකු ඒ මෙහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරයා බම්බලපිටිය ප්‍රධාන කාර්යාලයට රැගෙන යාම සඳහා සුදානම් කර තිබූ මුදල් අඩංගු පාර්සලය සැකකරු සොරාගෙන තිබේ.

*****************************************

ලක්ෂ 18 ක පරිගණක සොරාගත් තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට

(03.10.2018 – 20:34 +0530 – lankadeepa.lk)

බම්බලපිටිය ප‍්‍රදේශයේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා පරිගණක හා එම උපාංග සොරාගත් එම ආයතනයේ තාක්ෂණ නිලධාරියකු අද (03) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු මාස ගණනක සිට වරින්වර මෙම පරිගණක හා උපාංග සොරාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු මෙම ආයතනයෙන් සොරාගත් පරිගණක හා උපාංග හිටපු හමුදා කපිතාන්වරයකු වෙත අලෙවි කර ඇති බවත් එම කපිතාන් අන්තර් ජාලය ඔස්සේ ඒවා අලෙවි කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *