(07.10.2018 – 07:02 +0530 – sinhala.adaderana.lk)
වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ රාත්රී 9.50 ට පමණ වන අලින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ වැලිකන්ද නාමල්ගම ප්රදේශයේදී මෙම වන අලීන් තිදෙනා ගැටී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ හේතුවෙන් වන අලින් ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් දුම්රියේ මැදිරි 3 ක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වෙතත් අද දෙරණ වාර්තාකරු පැවසුවේ අදාළ අනතුර සිදු වු ස්ථානය අසළ අලිමංකඩක් තිබෙන බවට දැන්වීම් පුවරුවක්ද තිබෙන බවයි.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය එම අනතුරට මුහුණ දී ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

++++++++++++++++++++++
*****************************************
තරුණ ජීවිතයක් බිළිගත් කලල්පිටිය මාරක අනතුරේ CCTV සාක්ෂිය
(07.10.2018 – 14:58 +0530 – hirunews.lk/sinhala)
නිට්ටඹුව, කලල්පිටිය ප්රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය තුන්වනදා දහවල් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිගමුව ප්රදේශයේ පදිංචි තරුණයෙක් බවටයි වාර්තා වන්නේ.
මෙම අනතුර සිදුවන අයුරු ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (සිංහල හෝ ඉංග්රීසි බසින්) ලබාදෙන්න ෴