සුනඛ මවගේ උණුසුමේ හැදී වැඩුණු සිංහ පැටවා

(07.10.2018 – 21:21 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනක් කාලයේ වැලි තලාවෙන් යටව තිබූ අපූරු සත්ව සෙනෙහසක් පිළිබඳ පුවතක් අපට මොරටුවෙන් වාර්තා වුණා.

මෙම කතාංගයේ ප්‍රධාන භූමිකා හිමි වන්නේ සුනඛ මවක් සහ සිංහ පැටවෙකුටයි.

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%8F++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

2014 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ ධේනුවක් පැටව් සිව් දෙනෙකු බිහි කළා.

නමුත්, තම පැටවුන්ට කිරි දීම මව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පැටව් තිදෙනෙකුට ම සිදුවුණේ ජීවිතයෙන් සමු ගන්නටයි.

ඉතිරි වූ සිංහ පැටවා ජීවත් කිරීමේ ගැටලුව විසඳන්නට සත්වෝද්‍යාන බලධාරීන් විවිධ විසඳුම් සෙව්වා.

ඒ අතරේදීයි ඔවුන්ට මොරටුවේ සිටින සත්ව ලෝලියෙකු වන හේෂාන් මෙන්ඩිස් හමුවන්නේ.

හේෂාන් සතුව සිටි ෂෙලී නැමැති ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛ මව මේ සඳහා යොදා ගන්නට ඔවුන් සැලසුම් කළා.

*****************************************

ලොරියත් එක්ක යතුරුපැදිත් පෙරළෙයි

(08.10.2018 – 13:02 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (08) අළුයම මාන්කුලම – පනික්කන්කුලම ප්‍රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ රියදුරුට නින්දයාම හේතුවෙන් ලොරි රථය පෙරළී ගොස් ඇති අතර, අනතුරින් ලොරි රථ රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි.

ලොරි රථය පෙරළීම හේතුවෙන් ලොරි රථයේ රැගෙන ගිය යතුරුපැදි කොටසක් කැඩී ගොස් ඇති බවද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ලොරියත් එක්ක යතුරුපැදිත් පෙරළෙයි
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *