අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950 ක් ආසන්නයේ

(08.10.2018 – 17:15 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950 ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා.

ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

++++++++++++++++++++

++++++++++++++++++++

අපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළට

(08.10.2018 – 18:41 +0530 – sinhala.adaderana.lk)

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ සිදු වූ ආපදාවලින් පුද්ගලයින් නව දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේ තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

පළාත් අටකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද දිනයේත් එලෙසම ක්‍රියාත්මක වුණි.

වර්ෂාවත් සමඟ කැලණි , කලු , ගිං යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ නැග තිබු අතර ඒ හේතුවෙන් ඇතැම් පහත් බිම්ද ජලයෙන් යටව තිබුණි.

කළු ගඟ මිල්ලකන්ද ප්‍ර‍දේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක්ද අද හටගත්තේය.‍

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල මාපලගම ප්‍රදේශයේ නිවාස දෙකක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවාස වලට දැඩි හානි සිදුවුණි.

එමෙන්ම කළුතර දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෑහින්න ප්‍රදේශයේ පස්කන්දක්ද ඊයේ පස්වරුවේ නාය ගිය අතර ඒ හේතුවෙන් කකුළු ගොවිපලක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

මේ අතර ගාල්ල යටලමත්ත ප්‍රෙද්ශයේ විදුලි රැහැන් මතට ගසක් කඩා වැටීමෙන් නිවාස රැසකට විදුලි සැපයුම ඇණහිට තිබේ.

අධික වැස්සත් සමඟ ඇති වූ ජලගැලීම් හේතුවෙන් කළුතර පයාගල මලේගොඩ ප්‍රදේශයේ පහත්බිම් කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතියි.

කෙසේ වෙතත් වැලිපැන්න ප්‍රදේශයේ ජලයෙන් යටව තිබූ පහත්බිම්වල ජලය මේ වන විට බැසයමින් පැවතීම නිසා ඉකුත් සෙනසුරාදා සවස තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමද අද උදෑසන යළි විවෘත කෙරුණි.

මේ අතර වැලිපැන්න පාලම මතින් තරුණයින් පිරිසක් ආනාරක්ෂිත අයුරින් වැලිපැන්න ගඟට පනින ආකාරය අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දඹුල්ල, ගලේවෙල, සිගිරිය ,හබරණ,නාඋල, ආදී ප්‍රදේශවල ලොකු ලූනු වගා බිම් විනාශ වී ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් අසරණ තත්වයට පත්ව සිටියි.

මෙම වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර නායයාම් අවදානම පිළිබඳව දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නිවේදනය තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගිං ගඟට එක්වූ කැළි කසළ ඉවත් කිරීමට යුදහමුදා නිළධාරීන් අද පියවර ගත්තේය.

දිවයිනට බලපා ඇති මෙම අයහපත් කළගුණික තත්වයත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්යන්ට මුහුණ දීම සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යංශය සූදානමින් සිටින බව වාරීමාර්ග,ජල කළමණාකරණ සහ ආපදා කළමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

++++++++++++++++++++

• Satellite Image From :

India Met. Dept. > [Asia Sector – INSAT-3D-IR1] –

*****************************************

නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි – පිවිතුරු හෙළ උරුමය

(08.10.2018 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රටට අසත්‍ය ප්‍රකාශ කළ නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව, පිවිතුරු හෙළ උරුමය පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *