ජනාධිපති උපදේශක ශිරාල් සහ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන් ‘දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ’දී අසරණ වේ

(11.10.2018 – 09:20 +0530 – lankacnews.com)

ජනාධිපති උපදේශක ශිරාල් අලුත් පාර්ලිමේන්තුවේදී හොඳම එකෙන් ඇන ගනී.. මංගලගේ සමහර ඒවා නුසුදුසු බව කියයි.. අත්සන් කරද්දී නොතේරුනේදැයි පෙරළා අසයි..

ජිනීවා යෝජනාවලිය පිලිබද දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට ඊයේ රාත්‍රී රජය වෙනුවෙන් පැමිණි ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සහ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන් ගුණවර්ධන මහතා විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සහ තර්ක හමුවේ දැඩි අපහසුතාවයට පත්විය.

පසුගියදා ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවට සහභාගී වූ මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් විසින් මංගල සමරවීර ඇමතිවරයා සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1 යෝජනාවලිය දැවැන්ත පාවාදීමක් බව සහේතුකව ඔප්පු විය.

ලංකාවට යුද අපරාධ එල්ල කල දරුස්මන් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රජය පාර්ශවයෙන් ශිරාල් ලක්තිලක මහතා පළමු වරට හෙළි කළේය. එසේනම් ඒ මත පදනම් වූ මහ කොමසාරිස් වාර්තාව (OISL) සහ 30/1 ප්‍රතික්ෂේප නොකරන්නේ මන්දැයි මහාචාර්ය ජයසුමන ප්‍රශ්න කල අතර ලක්තිලක මහතාට එයට පිළිතුරක් නොවීය.

තවද 30/1 යෝජනාවේ ඇතැම් කරුණු ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ලක්තිලක මහතා ප්‍රකාශ කළේය. ලෝකයක් හමුවේ සම අනුග්‍රාහකත්වය දක්වන විට ඒ බව නොතේරුනිදැයි මහාචාර්ය ජයසුමන ප්‍රශ්න කල අතර ඔහු ඒ හමුවේ බලවත් අසීරුතාවයට පත් විය.

සුදර්ශන ගුණවර්ධන මහතා මංගල සමරවීර රැක ගැනීමට අසීරු උත්සාහයක නිරත වුවද ශිරාල් ලක්තිලක මහතා ඒ වෙනුවෙන් කිසිදු උත්හසාහයක් නොදැරීමද වැඩසටහන පුරා කැපී පෙනිණි.

අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම.. දෙරණ අලුත් පාර්ලිමේන්තුව 10.10.2018

Posted by Channa Jayasumana on Wednesday, October 10, 2018

+++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *