බත්තරමුල්ල පැලවත්තේ ‘කූල් ප්ලැනට්’ ප්‍රදර්ශනාගාරය දැවැන්ත ගින්නකින් විනාශ වේ

බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක දැවැන්ත ගින්නක්

(11.10.2018 – nethnews.lk)

බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක මේ වන විට හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ අංශ කටයුතු කරමින් ඇති බවයි.

එම ස්ථානයේ රැඳී සිටින පිරිස් සඳහන් කරන්නේ ගින්නත් සමග යම් යම් පිපිරීම් ද සිදුවන බවයි.

මේ හේතුවෙන් අදාළ මාර්ගය හරහා ගමනා ගමන කටයුතුද නතර කර තිබෙනවා.

++++++++++++++++++++

++++++++++++++++++++

+++++++++++++++++++++

++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

From Google Map (2015) :

Cool Planet (Pvt) Ltd
770, Pannipitiya Road, Pelawatta, Battaramulla
https://coolplanet.lk/

+++++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++

++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න මැඩපවත්වයි

(11.10.2018 – 13:20 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ද, ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ද යොදා ගැනුණා.

කෙසේ වෙතත්, බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

විනාඩි තුනක් විතර Fire Alarm එක වැදුනා – එයාලා කිවුවා ප්‍රශ්නයක් නෑ කියලා..! වෙළඳසැළේ ගින්න ගැන පාරිභෝගිකයෙකු කතාකරයි

(11.10.2018 – nethgossip.lk)

අද (11) පෙරවරුවේ බත්තරමුල්ල – පැළවත්ත මංසංධිය ආසන්නයේ පුද්ගලික රෙදිපිළි අළෙවි සැළක ඇති වූ ගින්න විශාල පරිශ්‍රමයකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කළා. කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මෙන්ම ගුවන් හමුදාවේද සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ අතර එම අවස්ථාවේදී වෙළඳසැළ තුළ සිටි පාරිභෝගිකයින් ඉක්මනින්ම ඉන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ගින්න හටගත් අවස්ථාවේදී වෙළඳ සැළේ ගිනි අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී ඇති අතර ඒ අනුව පාර්භෝගිකයින් ආරක්ෂිතව ඉවත් වී තිබෙනවා. කෙසේ නමුත් ගිණි ගැනීම සිදුවන අවස්ථාවේදී එම ආයතනයේ සේවකයින්ගේ දැනුවත් භාවය පිළිබඳ ඇතැම් පාරිභෝගිකයින්ගේ අප්‍රසාදයට ලක්වී තිබුණා.

ගිණි ගැනීම සිදුවන අවස්ථාවේදී එම වෙළඳසැළ තුළ සිටි පාරිභෝගිකයෙකු නෙත් ගොසිප් සමගින් මෙලෙස අදහස් දැක්වුවා :

+++++++++++++++++++++++++++++

පැය 6 ක මෙහෙයුමකින් පසු පැලවත්තේ ගින්න නිවයි

(11.10.2018 – 19:14 +0530 – sinhala.adaderana.lk)

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික නිමි ඇඳුම් වෙළඳ සැලක අද පෙරවරු 11 ට පමණ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.

ගින්න සීග්‍රයෙන් පැතිර යෑම වැළැක්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක්, කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ දෙකක්, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන රථයක්ද මෙන්ම හා ගුවන් හමුදා ගිනි නිවන රථ 2 ක්ද යොදා ගැණුණි.

එමෙන්ම යුද හමුදාවේ නිලධාරීන් 100 දෙනෙකු පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා යෙද වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

නිමි ඇඳුම් වෙළෙඳ සැලෙහි ඉදිරිපස කොටසේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන නිලධාරීන් කටයුතු කළද, වෙළෙඳ සැලෙහි පිටුපස කොටසින් යළි ගින්න ව්‍යප්ත වීම ආරම්භ වී තිබුණි.

මේ හේතුවෙන් යාබඳ පිහිටි ටයර් වෙළඳසැලකටද ගින්න පැතිර ගොස් තිබිණි.

ගින්න ව්‍යප්ත වීම පාලනය සඳහා ප්‍රදේශයේ විදුලිය සැපයුමද විසන්ධි කෙරුණු අතර, බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගයේ වාහන ධාවනයද සම්පූර්ණයෙන් නවතා දැමුණි.

ගිනි නිවීම් නිලධාරීන්, යුද හමුදා සහ ගුවන් හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගිනි නිවීමේ කටයුතුවල නිරත වන පසුබිමක ගින්න පාලනය සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයක සහයද ලබා ගනු ලැබීය.

පැය 6 ක් පමණ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ගින්න පාලනය කර ගැනීමට හැකි වූ අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

+++++++++++++++++++++++++++

https://1.bp.blogspot.com/-h-lVyefsnAo/W8AxJWPqfcI/AAAAAAABmGE/1HfPB8rTR4IgHBKye5_tI4g8ZMTgBVlYgCLcBGAs/s1600/collage.png
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *