හිරු සී.අයි.ඒ. : මැද පෙරදිග සේවය කළ කාන්තාවන් රවටා මුදල් ගැරූ ජාවාරම

(11.10.2018 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මැද පෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස සේවය කර නැවත මෙරටට පැමිණි කාන්තාවන්ට රජයෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.

කුවේට්, සෞදි අරාබිය වැනි මැදපෙරදිග රටවල සේවය කර යළි මෙරටට පැමිණ සිටින අනුරාධපුර, පොලොන්නරුව ආදී ගම්බද ප්‍රදේශවල කාන්තාවන් සොයා යන මෙම කාන්තාව ඔවුන්ට පවසන්නේ විදෙස් රැකියාවේ නිරත කාලය අනුව වන්දි මුදලක් රජයෙන් ලබාදෙන බවයි.

එය ලබා ගැනීම සදහා රුපියල් 7,500 ක මුදලක් වැය කර වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතු බව ද ඇය පවසා තිබෙනවා.

මේ පිළිබද සැකසිතූ පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. වෙත පසුගිය දා දන්වා සිටියේ පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ කාන්තාවන් 13 දෙනෙකු රැගෙන මෙම කාන්තාව කොළඹ මරදාන ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පැමිණෙන බවයි.

ඒ අනුව අප මෙම ස්ථානයට ගොස් කාන්තාව ගෙන් රජයෙන් ලබා දෙන බව කියනා වන්දි මුදල සම්බන්ධයෙන් විමසා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *