මෛත‍්‍රිට රට පාලනය කරන්න පෞර්ෂයක් නෑ.. ඔහු නායකයෙක් නොවයි.. ඉතා දුර්වල පාලකයෙක්… අද නින්දිත විදිහට බැසිල්ගේ දෙපා මුල වැටිලා.. – සරත් විජේසූරිය

(12.10.2018 – 10:40 +0530 – lankacnews.com)

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට අකෘතඥම දේශපාලඥයා බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

ජනාධිපතිවරයා අද ඉතාම අවිචාරවත් ලෙස තමන්ම නායකයා වන තම ආණ්ඩුවට පහර දෙමින් සිටින බවත් රාජපක්‍ෂවරුන් සූක්‍ෂමව අටවා ඇති උගුලේ ඔහු වැටී ඇති බවත් මහාචාර්යවරයා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා පාරාජය කිරීමේ අවස්ථාවට මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ මොහොතේ සරිලන චරිතය වුවත් මෙරට පාලනය කිරීමට අවශ්‍ය නිර්භීතකම, පෞර්ශය නැති නායකයෙක් යයිද ඔහු කියා සිටී.

තමන් අතිශයින් දුර්වල දේශපාලඥයෙක් බව ජනාධිපතිවරයා විසින් දිනපතා දිනකට දෙතුන් වතාවක් පෙන්නුම් කරන බවද තමන් නායකයෙකු නොවන බව මේ වන විට ඔප්පු කර අවසන් යයිද විජේසූරිය මහතා පෙන්වා දෙයි.

අද වන විට ජනාධිපතිවරයා අන්තිම නින්දිත ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාගේ දෙපා මුල වැටී ඇති බවත් ඔහු මෙරට දේශපාලන සංස්කෘතිය අන්තිම දීන තත්වයකට පත්කරන දුර්වල චරිතයක් බවට පත්ව ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

මෛත්‍රී නින්දිත විදිහට බැසිල්ගේ දෙපාලග වැටුණා (prof.Sarath wijesooriya)

Posted by Ape Media Social Media on Thursday, October 11, 2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *