ලුණුගම්වෙහෙර බස් අනතුරෙන් 70 කට අධික පිරිසකට තුවාල

(12.10.2018 – 16:25 +0530 – hirunews.lk/sinhala)

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

ලුණුගම්වෙහෙර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තුවාල ලැබූවන් දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර රෝහල් වෙත ඇතුළත් කළ බවයි.

කෙසේ වෙතත්, ඉන් පුද්ගලයින් 30 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවත් 45 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

+++++++++++++++++++++++++++

ලුණුගම්වෙහෙර අනතුරින් කාන්තාවක් මරුට – 40 ක් තවම රෝහලේ

(13.10.2018 – 09:00 +0530 – hirunews.lk/sinhala)

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් තුවාල ලැබූවන් 40 දෙනෙකු තවදුරටත් රෝහල් 3ක ප්‍රතිකාර ලබනවා.

දෙබරවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර යන රෝහල්වල මෙම පිරිස ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 74 හැවිරිදි අකුරැස්ස – හේනගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් තුවාල ලැබූවන් 24 දෙනෙකු හම්බන්තොට රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

දෙබරවැව රෝහලේ තුවාලකරුවන් 13 දෙනෙකු සහ ලුණුගම්වෙහෙර රෝහලේ තුන් දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර ඉන් 35 දෙනෙකු මේ වන විටත් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවුණා ෴

*****************************************

මාරයා පෙනී පෙනී සැමියා හැර දා බිරිඳ පණ රැක ගනී

(12.10.2018 – 13:14 +0530 – sinhala.adaderana.lk)

අද (12) උදෑසන 6.25 ට පමණ ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රිය අනතුරක් සිදුව තිබේ.

අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු මන්දගාමී දුම්රියේ කාර් රථයක් ගැටී ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වන විට රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර ඇති බව පැවසෙයි.

මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 57 ක් වු ගින්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති අතර, ඇය දුම්රිය ඈතින් පැමිණෙන අයුරු දැකීමෙන් පසු මෝටර් රථයේ වම්පස දොර විවෘත කර ඉන් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබේ.

දුම්රිය හරස් මාර්ගයේ තාවකාලික පදනම මත ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර, ඇය විසින් මෙම මෝටර් රථයට දුම්රිය හරස් මාර්ගය හරහා නොයන ලෙස සංඥා කර තිබේ.

නමුත් එය නොතකා මෙය හරස් මාර්ගයට ඇතුළු කර ඇති අතර, එහි දී මෙම අනතුර සිදුව තිබේ.

ගාල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මාරයා පෙනී පෙනී සැමියා හැර දා බිරිඳ පණ රැක ගනී

( ඔබ ගේට්ටුව වැසුවේ නෑ නේද ? අතින් සංඥා කරා විතරයි ? )

+++++++++++++++++++

+++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *