පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(12.10.2018 – 15:44 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙස ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද නම් කර ඇති බවයි.

පරිගණක වීඩියෝ ක්‍රීඩා සහ අන්තර්ජාලයට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ෴

https://www.facebook.com/Drkumaranayake/

*****************************************

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරයෙකු උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන පෙන්නලා කළ වැඩේ

(12.10.2018 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ආචාර්යවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ සහ ඡායාරූප පෙන්වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ඊයේ දිනයේ එම පාසලේ සංවර්ධන සමිතියේ විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් චෝදනා කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මේ වනතෙක් අදාළ ගුරුවරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප එම විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූවා.

*****************************************

මාවනැල්ල කලාපයට අයත් කොටගල අශෝක පුර විශේෂ පාසල

සුවිශේෂිත්වය …

(11.10.2018 – sinhala.adaderana.lk)

සමස්ත ලංකා මට්ටමින් පවා චිත‍්‍ර ඇඳ ජයග‍්‍රහණ ලබාගැනිමට තරම් වාසනාව ලැබු කායික අබාධිත සහිත වයස අවුරුදු 11 දියණියක් වන ඇය ලංකාවේ ශිෂ්‍යත්වය විභාගයට පෙනි සිටි දරුවන් අතරින් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගෙන, කාගෙත් කථා බහට ලක් වි ඇත.

පසුගියදා මාවනැල්ල කලාපයට අයත් කොටගල අශෝක පුර විශේෂ පාසල වෙත අද දෙරණ වාර්තාකරු ගමන් ගත්තේ ඇයගේ හපන්කම් මුළු ලංකාවටම කියන අභිප්‍රායෙනි.

අඩු මන්සික තත්ත්වයක් ඇති ළමුන් නේවාසිකව රැක බලා ගෙන පුනරුත්තාපනය කර මෙ මධ්‍යස්ථානය මඟින් ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේය.

අත් පා ඇති දරුවන්ට සමාජයේ තම අයිතිවාසිකම් සියල්ල අඩුවක් නැතිව ලැබෙන විට අඩු මාන්සික තත්ත්වයන් මත උපදින පිරිස් සඳහා ලැබෙනුයේ අඩු සැලකිල්ලක් සේම පැහැදිලි අනාගත සැලසුමක් නොවේ.

එසේ හෙයින් විවිධ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන දුවා දරුවන්ට තම හැකියාවන් වර්ධනය කර ගන්නට අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නට පාසලක්ද මෙහි ඇත.

මෙම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි.

මෙම පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, කායික අබාධිත තත්ත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප‍්‍රශ්නවලට පිළිතුරු ලියන්නට සිදුව ඇත්තේ කටින් වීම විශේෂත්වයකි.

ස්භාවික ජල උල්පත්වලින් ලැබෙන ජලයෙන් තම ජල අවශ්‍යතා සපුරාගන්නා අතරම මධ්‍යස්ථානය නඩත්තු කිරිම හා මෙහි නේවාසික ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ මධ්‍යස්ථානයට සතුව පවතින රබර් ඉඩ කඩම්වලින් වීම මෙහි ඇති තවත් සුවිශේෂිතාවයකි.

මීට අමතරව මෙහි පැමිණෙන දේශීය විදේශිය සංචාරකයන් විශාල වශයෙන් ළමුන්ගේ හෙට දවස වෙනුවෙන් බොහෝමයක් දේවල් පරිත්‍යාගයන් කරනු ලබන අතර, මෙම මධ්‍යස්ථානයේ මව් ආයතනය වන ප‍්‍රීතිපුර වත්තල පිහිටි ප‍්‍රධාන මධ්‍යස්ථානයෙන් අවශ්‍ය බොහෝ සේවාවන් ද නිරතුරුව සපයා දෙන බව ද පැවසෙයි.

ඡායාරූප – සමන් විජේබණ්ඩාර

සුවිශේෂිත්වය ...
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *