ප්‍රථම වරට මූලික රෝහලක් තුළ ආතරයිටීස් රෝගියෙක් සඳහා කෘතීම දණහිස් බද්ධයක්

(12.10.2018 – 18:58 +0530 – sinhala.adaderana.lk)

ප්‍රථම වරට මූලික රෝහලක් තුළ ආතරයිටීස් රෝගියෙක් සඳහා කෘතීම දණහිස් බද්ධයක් සිදුකළ පුවතක් මහනුවර තෙල්දෙණියෙන් වාර්තා වුණි.

තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙම ශල්‍ය කර්මය සාර්ථකව අවසන් කළ බවයි.

කලක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි වයස අවුරුදු 64 ක්වන කාන්තාවකගේ දණහිසක් සඳහා කෘතීම දණහිසක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ඊයේ (11) තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේදී සිදු කෙරුණි.

ආතරයිටීස් රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එම රෝහලේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගියා තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට මාරු කරනු ලැබුවේය.

පසුව නාවලපිටිය රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය මොහාන් බන්නැහැක මහතා ඇතුළු වෛද්‍යවරුන් හය දෙනෙකුගේ සහ හෙදියන් සිවු දෙනෙකුගේ මූලිකත්වයෙන් ඊයේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ දී අදාළ කාන්තාවට මෙම කෘතීම දණහිසක් බද්ධ කිරීම සිදු කර තිබේ ෴

*****************************************

CCTV : ගවයෙකු හා ගැටෙන යතුරුපැදිය …

(12.10.2018 – 16:51 +0530 – sinhala.adaderana.lk)

සමාජ ජාලා වෙබ් අඩෙවි තුළ යතුරුපැදි අනතුරක් සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වූ වීඩියෝවක් මේ දිනවල සැරිසරන බව දක්නට ලැබෙයි.

යතුරුපැදිකරුවෙක් ගවයෙකුගේ ගැටී මෙම අනතුර සිදුවන සිදුව තිබේ.

පසුගිය 6 දා පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගන්නා දෙදෙනා තුවාල ලබන අතර එය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැත.

*****************************************

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

(12.10.2018 – 17:09 +0530 – hirunews.lk/sinhala)

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක මිලක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක මිලක් ද නියම කර ඇති බවයි.

එමෙන්ම ආනයනකරුවන් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 92 කට වඩා වැඩි මුදලකට වෙළදාම් කිරීම ද සිදුනොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *