ළිං පතුලේ සිරවී සිටි අලියා ගොඩගත් මෙහෙයුම

(13.10.2018 – 10:09 +0530 – hirunews.lk/sinhala)

පැය එකහමාරක පමණ මෙහෙයුමකින් අනතුරුව කුඩා ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩට ගැනීමට වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

මෙම සත්වයා අද (13) අලුයම් කාලයේ ළිඳට වැටී ඇති අතර සත්වයාගේ කෑගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් පැමිණ කළ සෝදිසි කිරීමකදී අවුරුදු 08 ක් පමණ වන මෙම වන අලියා සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව ජේසීබී (බැකෝ) යන්ත්‍රයක් ආධාරයෙන් අලියාට ගොඩට පැමිණීමට මාර්ගයක් සකසා වන අලියා ගොඩටගෙන තිබෙනවා.

ගොඩට පැමිණි වල අලියා අසේලපුර රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

++++++++++++++++++++

ළිඳට වැටුණු අලි පැටවා බේරුණු හැටි

(13.10.2018 – 10:28 +0530 – sinhala.adaderana.lk)

වැලිකන්ද, කාලින්ගවිල ගම්මානයේ ළිඳක වැටී අවුරුදු 8 ක් පමණ වයසැති අලි පැටවෙකු වැලිකන්ද වනජීවි කාර්යාල නිලධාරීන් විසින් බේරා ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද (13) අළුයම මෙම අලි පැටවා ළිඳෙන් ගොඩට ගෙන අසේලපුර රක්ෂිතය වෙත මුදාහැරිය බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් වැලිකන්ද වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ළිං බැම්ම කපා පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු අලි පැටියා ගොඩගෙන ඇත.

අලි පැටවා ගොඩ ගැනීමේ මෙහෙයුම සඳහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

*****************************************

අමාත්‍ය මණ්ඩල කාර්යාලය නමින් කරන වංචාවක් ගැන තොරතුරු

(13.10.2018 – 06:59 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලින් ලැබීමට නියමිත පාර්සල් සහ නැව් බඩු, තීරු බදු රහිතව ඉවත් කර ගත හැකි බව පවසමින් මහජනතාව මුලා කිරීමට අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එලෙස විදෙස් රටවලින් ලැබීමට නියමිත බව හැගවෙන පාර්සල් සහ නැව් භාණ්ඩ අමාත්‍ය මණ්ඩලය විසින් තීරුබදු සහනය අනුමැතිය ලබාදී ඇති බවට ප්‍රචාරය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට මැදිහත් විය හැකි බව හුවා දක්වමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස ලිපි ශීර්ෂ සකස් කර ඇතැම් පුද්ගලයින් මුදල් ලබාගෙන ඇති බවයි අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා කියා සිටියේ.

කිසියම් පුද්ගලයෙකු වෙත විදෙස් රටවලින් ලැබෙන පාර්සල් හෝ නැව් භාණ්ඩ සඳහා රේගු ආනයන බදු සහනයක් හෝ වෙනත් කිසිදු බදු සහනයක් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී නොමැති බව ද ලේකම්වරයා අවධාරණය කළා.

එබඳු ලිපි ශීර්ෂවලට හසු නොවන ලෙසත්, එවැනි වංචාකාරී පුද්ගලයින් පිළිබද දැනුවත් නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අමාත්‍ය මණ්ඩල ලිපි ශීර්ෂ ඇති ලිපි සත්‍ය ඒවා ද යන්න අමාත්‍ය මණ්ඩල කාර්යාලය 011 232 5279 යන දුරකථන අංකය ඔස්සේ ඇමතීමෙන් තහවුරු කර ගත හැකියි ෴

*****************************************

දමිත් අසංකව පිස්සු වැට්ටූ රහත් යැයි කියාගන්නා හිමිනම – දමිත්ගේ අයියා හෙළිකරයි

(12.10.2018 – YouTube > Vishwa Karma)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *