ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති…

(15.10.2018 – 08:40 +0530 – lankacnews.com)

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් – බගවන්තලාව, හැටන් – මස්කෙලිය සහ හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුලට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති.

මිට දින කිහිපයකට ප්‍රථම එම ප්‍රදේශය නායයාමට සක්‍රිය විමත් සමගමඑහි පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු ජාතික ගොඩනැලි ආයතනයේ නිර්දේශයක් මත ඔවුන් පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත් කරන ලදි .

එම ප්‍රදේශය නායාමට සක්‍රිය විමත් සමගඑම ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නොර්වුඩ් පොලිසිය පියවර ගත් අතර,එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට පොලිසිය පියවරගෙන තිබුණි.

එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ව නායයාමට සක්‍රිය වි ඇති ස්ථානය මගහැර නායයාමට සක්‍රිය වි ඇති ස්ථානයට ඉහලින් වු තේ වත්ත මැදින් පාගමනින් ගමන් කරවිමට පොලිසිය කටයුතු කර තිබුණි.

ප්‍රධාන මාර්ගය ගිලා බැසිමත් සමගම නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

නායයාමට සක්‍රිය වි ඇති ස්ථානය නිරික්ෂණ කිරිම සදහා ඊයේ (15) එම ස්ථානයට පැමිණි කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්න අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අවතැන් වු පවුල් 5 සදහා නොර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක රජය මගින් නිවාස ඉදි කර දිමට කටයුතු කරන බව පැවසිය.

නායයාමෙන් අවතැන් වුවන් ඔවුන්ගේ ඥාති නිවස්වල තාවකාලිකව නතර කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

+++++++++++++++++++

(15.10.2018 – nethnews.lk)

+++++++++++++++++++++++++++++++++++++

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගය නෝර්වුඩ් ප්‍රදේශයෙන් ගිලා බසී

(15.10.2018 – 14:39 +0530 – hirunews.lk/sinhala)

නායයෑම සක්‍රියව තිබූ හැටන් – බගවන්තලාව – බලංගොඩ – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 ක පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් අද උදෑසන කාසල්රී ජලාශයට ඇදී ගොස් ජලාශයේ තැන්පත් වී තිබෙනවා.

නෝර්වුඩ් – නිව්වැලිගම ප්‍රදේශයෙන් මාර්ගය මෙලෙස ගිලාබැස ඇති අතර, මීට පෙර පවුල් 5 කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.

එම අවස්ථාව ජංගම දුරකතනයක සටහන් වූ හැටි පහතින්…

+++++++++++++++++++++++

++++++++++++++++++++++++++

නෝර්වුඩ් – නිව්වැලිගමට තාවකාලික මාර්ගයක්

(16.10.2018 – 13:32 +0530 – hirunews.lk/sinhala)

නාය යාමට ලක්වූ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් – නිව්වැලිගම ප්‍රදේශය හරහා තාවකාලික මාර්ගයක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී තිබෙනවා.

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A

මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ ඉංජිනේරු කේ.ඩී.ආර්. දේවප්‍රිය මහතා කියා සිටියේ ජනතාවට, නාය ගිය මාර්ගයට ඉහළින් ඇති තේ වත්ත හරහා තාවකාලිකව ගමනාගමන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් ද නාය ගිය ස්ථානය පරීක්ෂා කිරීම සඳහා අද (16) පෙරවරුවේ එම ස්ථානයට පැමිණියා.

තාවකාලික මාර්ගය පුළුල් කර සැහැල්ලු වාහන ධාවනය සඳහා පහසුකම් සලසන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

++++++++++++++++++++++++++++++++

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ තවත් පස් කන්දක් නායයාමේ අවධානමක

(16.10.2018 – 16:50 +0530 – hirunews.lk/sinhala)

නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා.

එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා මේ බව සඳහන් කර ඇත්තේ නායයාමට ලක්වු ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක්වෙමින්.

ජලාශයට ඉහළ සිට විහිදී ඇති ගල් තලාවක් මත තිබු පස් තට්ටුවක් මෙලෙස නායගොස් ඇති අතර ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති තවත් පස් කන්දක් නායයාමේ අවධානමක පවතින බව ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම ස්ථානයේ පිහිටි තවත් නිවාස දෙකක් නායයාමේ අවධානමක පවතින අතර එම නාය සක්‍රිය වීමෙන් පසු පරීක්ෂණ සිදු කර නව මාර්ගයක් ඉදි කිරීමට නිර්දේශ ලබාදෙන බව ද සමන්ත බෝගහපිටිය මහතා සඳහන් කර තිබෙනවා.

නායයාමට ලක්වු ස්ථානයට ඉහළින් තේ වතු යාය හරහා සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරීමට විකල්ප මාර්ගයක් ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම නායයාම හේතුවෙන් පවුල් 7 කට අයත් සාමාජිකයන් 30 දෙනෙකු පමණ මේ වන විට ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව නවාතැන්ගෙන සිටිනවා.

++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

16.10.2018

++++++++++++++++++++++++++++++

නෝර්වුඩ් නායයාම ගැන ඩ්‍රෝන දත්ත සමීක්ෂණයක්

(17.10.2018 – 18:02 +0530 – lankadeepa.lk)

නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේ නායයාම සම්බන්ධයෙන් ඩ්‍රෝන දත්ත සමික්ෂණයක් කිරිමට මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය උදේනි නවගමුව මහතා ඇතුළු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පිරිසක් අද (17) නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරයක නිරතවිණි.

මෙම සංචාරයේදි නායයාමට ලක් වු ප්‍රදේශය එම පිරිස විසින් නිරීක්ෂණයට ලක් කළ අතර ලබාගත් ඩ්‍රෝන දර්ශන ඔස්සේ තවදුරටත් නායයාමේ අවධානමක් පවතිනවාද යන්න පිලිබදවත් මෙම නායයමෙන් කොපමණ පස් ප්‍රමාණයක් ජලාශට ගසාගොස් තැන්පත් වි ඇත්ද යන්න පිළිබදවත් තව කොපමණ පස් ප්‍රමාණයක් නායයාමට තිබේද යන්න ගණනය කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂයට එක් වු විද්‍යාඥයකු පැවසීය.

නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නායයාමට ලක් වු ප්‍රධාන මාර්ගය වෙනුවට නායායාමට ලක් වු ස්ථානයට ඉහළින් සැහැල්ලු වාහන සහ ජනතාවට ගමන් කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනට තිබෙන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවති.

මෙම සමික්ෂණයට එක් වු මොරටුව විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජේෂ්ඨ උපදේශක අචාර්යය උදේනි නවරත්න මහතා කියා සිටියේ කමන් ලබාගත් දත්ත පදනම් කරගනිමින් නායයාමට ලක් වු හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය යලිත් එම ස්ථනයේම ඉදි කිරිමට හැකිද යන්න වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ඉදිරියේදි ලබාදෙන බවයි.

මෙම නායයාම හේතුවෙන් නිවස පහක් කාසල්රි ජලාශයට කඩාගෙන වැටි අතර තවත් නිවාස දෙකක් නායයමේ අවධානමට ලක් වි ඇත.

එම නිවාස වල පදිංචි පවුල් 7 කට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථිරවම ඉවත් කිරිමට අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයා කටයුතු කර තිබේ.

නායයාමෙන් අවතැන් වුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥතින්ගේ නිවස්වල නතර වි ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිමට අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය කටයුතු සංවිධානය කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *