ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය.

ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකෙයි ෴

++++++++++++++++++++++++

topsinhalamp3.com > Amara Ranathunga (mp3 files)

++++++++++++++++++++++++

meemessasinhalasongs.com > Amara Ranathunga (mp3 files)

To Download mp3 files : Select the Song (& play) :
Firefox > Tools > Page Info > Media > In Address Box : Right-click on the Audio file & Select ‘Copy’ > Close ‘Page Info’ Window > ‘Paste & Go’ the link in a new ‘Browser Tab’ > Right-click on the Player & Select ‘Save Audio As …’ > Save mp3 file.
(Repeat the above procedure for each song)

+++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

(15.10.2018 – YouTube > Hiru Gossip)

Mathaka Manpetha – Dayarathna Ranatunga + Amara Ranatunga – #EP 03

+++++++++++++++++++++++++++

සපුමල් සුවඳක් සේ – සැලලිහිණියෝ නුඹ දන්නෙ නෑ… මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – gossiplankanews.com)

ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට හෘදයාබාධයකින් ඇය මියයන විට 79 වැනි වියේ පසු විය.ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වූ ඇය තිදරු මවකි.

අමරා -දයාරත්න යුවළ එක්ව ගැයූ ගීත මෙන්ම තනිව ගැයූ ගීත කිහිපයක්ම ජනප්‍රියත්වයට පත්ව තිබේ. සපුමල් සුවඳක් සේ , සැලලිහිනියෝ නුඹ දන්නෙ නෑ, එක කිරුළක්, මහ රෑ යාමේ, රාධා ක්‍රිෂ්ණා ඒ අතරින් කිහිපයකි.

දයාරත්න – අමරා යුවළ සංගීත ක්‌ෂේත්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි. එවක අමරා කස්‌තුරිආරච්චි නම් වූ ඇය දයාරත්න රණතුංගයන් සමග විවාහ වී වසර 52 ක් සම්පූර්ණ වී ඇත.

දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්‌ත ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමද්මති දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවන්ය. සියල්ලන් සංගීත විශාරදයන්ය. මුණුබුරන් දෙදෙනා ඔසද චමිත් සහ සහිෂ අරුන්ද ගී ගයති.

සමුගත් අමරා රණතුංග මහත්මිය ‍කැලණිය විශ්වවිද්‍යාලයේ ස්‌ථිර ආචාර්යවරයෙක්‌ වූයේ 1964 දීය. අනතුරුව ඇමරිකාවේ කැලිෆොනියා විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස කලක් කටයුතු කළ අතර ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිලිබඳව සුදු ජාතිකයින් දැනුවත් කිරීමද සිදු කළාය.

ඉන්පසු ශ්‍රී ලංකාවට යළි පැමිණ‍ ඇය 1995 දී කැලණි විශ්ව විදයාලයේ අංශ ප්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂෙත්‍රෙය් ගොඩනැගුණ ආකල්ප තමා කඩා බිඳ දැමූ බව එවක ඇය ප්‍රකාශ කළාය. ඇය සමග සරසවියේ ස්ථිර පත්වීම් ලද අය අතර අමරදේවයන් හා ශාන්ති ගීතදේවයන් ද සිටියහ.කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ කළේද ඇයගේ කැපවීමක ප්‍රතිඵල ලෙසයි.

අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය ෴

+++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++

නිහඬ වූ අමරණීය හඬ

(16.10.2018 – 12:12 +0530 – lankadeepa.lk)

ලක් ජන හදවත් ගීතයෙන් මුසපත් කළ අමරණීය හඬක හිමිකාරිණිය වූ මහාචාර්ය අමරා රණතුංගයන් ඊයේ (15) අභාවප‍්‍රාප්ත වූවාය.

ශ‍්‍රී ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වූ අමරා රණතුංග මහත්මිය මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.

දෝන අමරා කස්තුරිආරච්චි නමින් 1939 වසරේ අගෝස්තු මස 22 වන දින හංවැල්ලේ දී උපත ලැබූ ඇගේ පියා දොන් වියෝලිස් කස්තුරිආරච්චි මහතාය. ඔහු හංවැල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා යි.

දෝන ඇල්පිනෝනා මීගහපොල මහත්මිය ඇයගේ මවයි. ඔවුන්ගේ පවුල සංගීතලෝලී පවුලක් වූ අතර එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූයේ අමරා කස්තුරිආරච්චි දියණියයි.

ඇයට රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් ලෙසින් විශේෂයෙන්, අවුරුදු 12 තරම් කුඩා වයසකදී එහි බාහිර සිසුවියක ලෙස ඊට සහභාගි වීමට ඇයට අවස්ථාව උදාවී ඇත්තේ ද එවක පටන් ඇය සතුවූ සුවිශේෂී සංගීත කුසලතාව හේතුවෙනි.

ඉන් පසුව ඇය ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී වැඩිදුර සංගීතය හදාරා ඇත.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් ලෙස කටයුතු කළ ඈ ගුරුවරියක ද වූවාය.

අමරා රණතුංග මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිර ආචාර්යවරියක් ලෙස එක් වූයේ 1964 දීය. කලක් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස ද කටයුතු කළ ඇය එහි සිටිමින් ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිළිබඳව බටහිර ජාතිකයින් දැනුවත් කළාය.

ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඇය යළිත් කැලණි විශ්ව විද්‍යාලයේ අංශ ප‍්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. ඒ 1995 දීය. කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂේත්‍රයේ ගොඩනැගී තිබූ ආකල්ප තමා කඩා බිඳ දැමූ බව එවක ඇය ප‍්‍රකාශ කළාය.

ඇය සමඟ සරසවියේ ස්ථිර පත්වීම් ලද අය අතර පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් හා ශාන්ති ගීතදේවද වූහ. කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ වූයේද මහාචාර්ය අමරා රණතුංගයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

දයාරත්න – අමරා යුවළ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි. එවක අමරා කස්තුරිආරච්චි වූ ඈ ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග සමඟ මීට පස් වසකට ඉහතදී විවාහ වූ ඉන් අනතුරුව අමරා රණතුංග වූවාය. ඇය තිදරු මවකි.

අමරා – දයාරත්න යුවළ එක්ව ගැයූ ගීත මෙන්ම ඔවුන් කේවල වශයෙන් ගායනා කළ ගීත කිහිපයක්ම ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.

‘සපුමල් සුවඳක් සේ’ , ‘සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ’, ‘එක කිරුළක්’, ‘මහ රෑ යාමේ’, ‘රාධා ක‍්‍රිෂ්ණා’, ‘ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ’, සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන’, ‘පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා’, ‘පේ‍්‍රම කතාවක චරිත දෙකක් අපි’ ආදී ගීත ඒ අතර වේ.

දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්ත ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමුද්මතී දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවෝය.

ඒ සියල්ලෝ සංගීත විශාරදවරු වෙති. ඔවුන්ගේ මුණුබුරන් දෙදෙනා වනඔසද චමිත් සහ සහිෂ අරුන් ද ගී ගයති. මහාචාර්ය අමරා රණතුංග ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කර ඇති මෙහෙවර අනුපමේය වේ.

‘මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන
ආවෙමි අඳුරෙම ඔබව සොයා….’ කියන්නට ඇය යළිත් නොපැමිණෙනු ඇත.

‘දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා’ කියන්නට දයාරත්න රණතුංගයන්ට සිටි ආදරවන්තිය අද ඔහු තනිකර යන්නට ගොසිනි.

‘ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා….

කියන්නට තවත් භවයකදී ඔහුට ඇය හමුවනු ඇත. ඒ භවයේදීත් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් මෙන්ම ලෝක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් විසල් මෙහෙවරක් කරන්නට ඔවුන්ට හැකිවේවා යන්න අපේ පැතුමයි.

අභාවප‍්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිතය.

මහාචාර්ය අමරා රණතුංග දේවියනි,

ඔබට සුබ ගමන් !

(සටහන – ඩයනා උදයංගනී)

+++++++++++++++++++++++++++++++

මහ රෑ යාමේ මේ ඇල් හේනේ …

+++++++++++++++++++++++++++++++

ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අද (18) දැයෙන් සමුගනී

(18.10.2018 – 07:16 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (18) පස්වරු 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

දේහය පස්වරු 2 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතයි.

මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සංගීත ඥාණයෙන් සහ ජනප්‍රියත්වයෙන් අගතැන් පැමිණියද මහාචාර්ය අමරා රණතුංග මහත්මිය ජන සමාජය සමඟ සුහදව කටයුතු කළ බවයි.

තමා උගත් සංගීතය අනාගත පරම්පරාව වෙනුවෙන් අඩුවක් නොමැතිව දායාද කිරීමට ඇය කැපවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ශාස්ත්‍රීය නිර්මාණාත්මක සහ ප්‍රායෝගික යන අංශ තුනෙන්ම සිංහල සංගීතයට ඇය කළ මෙහෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එමඟින් ඇගයීමට ලක් කර තිබෙනවා.

http://www.hirunews.lk/Data/news_uploads/201810/202357_1.jpg

+++++++++++++++++++++++++++++

අමරා රණතුංගගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(18.10.2018 – sarasaviya.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති නාවල, කොළඹගේ මාවතේ පිහිටි නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

(ඡායාරූප : උදේශ් ගුණරත්න – ජනාධිපති මාධ්‍ය අංශය)

20181018Amara-2
20181018Amara-1

++++++++++++++++++++++++++++

මහාචාර්ය අමරා රණතුංගට අවසන් ගෞරව

(18.10.2018 – 14:46 +0530 – lankadeepa.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ.

+++++++++++++++++++++++++++++++

Amara Ranatunga Moments in Last Respect

https://2.bp.blogspot.com/-pGQ4QGE-ZI8/W8lNCZTZsNI/AAAAAAABmic/s05iBP_KSz87uvXKkG6n_GlstjgV3iQ-wCLcBGAs/s1600/collage.png
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *