පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 5

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම්

(17.10.2018 – 12:28 +0530 – lankadeepa.lk)

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17) ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර ඇත.

අමාත්‍යවරයාගේ එම නිර්දේශය සහිත ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමුකළ බව අමාත්‍යාශය සඳහන් කරයි.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේ තොරතුරු අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවද අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.

නාලක ද සිල්වා මහතාට ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වු මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා මීට පෙර ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබුණි.

මෙම වැඩතහනම් කිරීමේ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට යැවීමෙන් ඉහත චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ වඩාත් ස්වාධීනව හා විනිවිද භාවයෙන් යුතුව කිරීමට හැකි වන බවද අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++

DIG නාලකගේ වැඩ තහනමට, පොලිස් කොමිසමේ අනුමැතිය

(17.10.2018 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය හිමිවුණා.

http://www.hirunews.lk/Data/News_Images/201810/1539775460_4468916_hirunews_DIG-Nalaka-De-Silva-1.jpg

වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිසම වෙත අද පස්වරුවේ යොමු කෙරුණු අතර, ඊට මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මීට පෙර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට එම අමාත්‍යාංශයේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම කටයුතු කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.

මේ අතර එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෙට උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් ශ්‍රී ලංකාවේ මිනිස් ඝාතන ?

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා විමල් හමුවෙන්නත් ගිහින්

(17.10.2018 – 16:32 +0530 – lankadeepa.lk)

ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා තමන් මුණගැසීමට තම නිවසට හා කාර්යාලයට පැමිණි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (17) පැවසීය.

එහෙත් එම අවස්ථාවලදී තමන් නිවසේ නොසිටි බැවින් ඔහු නිවස තුළට ගෙන නැතැයිද එහෙත් තමන් මුණගැසිය යුතු බව සඳහන් කරමින් ඔහු නිවස ඉදිරිපිට රැදී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එම ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තුකරුවකු බවට මේවනවිට තොරතුරු අණාවරණය වී ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් යනුවෙන් ඔහු සංවිධානය තුළ හඳුන්වන බවත් ඔහුට ආර්.බී 317217/වී.ජේ දරණ අංකයෙන් යුතු හැඳුනුම්පතක් ද රෝ සංවිධානය නිකුත් කර තිබූ බවද කී මන්ත‍්‍රීවරයා කීය.

දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා බව පවසමින් 2015 ජනාධිපතිවරණයට පෙර ඔහු මෙරටට පැමිණ ඇතැයිද සඳහන් කළ මන්ත‍්‍රීවරයා රෝ ඔත්තු සේවයෙන් ලැබුණ මුදලින් ඔහු ලංකාවේ ජීවත් ව ඇති බවද වීරවංශ මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++

ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

(17.10.2018 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා බැඳුණු ඝාතන ක්‍රියාන්විතයක් මෙරට ක්‍රියාත්මක කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළා.

++++++++++++++++++++++++++

ඉන්දීය රජය දැන් මානසික රෝගියකු බව කියන රාජේන්ද්‍ර කුමාර්ගේ රෝ පැටිකිරිය – පාන් කියාගන්න බැරි ආණ්ඩුව මරාගෙන මැරුණු කොටින්ට වන්දි ගෙවන හැටි – ත්‍රස්තවාදීන් හුරතල් කරන්න ගෙන එන නව පනත

(17.10.2018 – YouTube > Wimal Weerawansa)

+++++++++++++++++++++++++++++++++++++

තමාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, ‘රෝ’ ඒජන්තවරයෙකු විය හැකි බව ජනපති කියයි

(17.10.2018 – 09:44 +0530 – newsfirst.lk/sinhala)

තමාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා, රෝ ඒජන්තවරයෙකු විය හැකි බව ජනාධිපතිතුමා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී පවසා ඇතැයි ද හින්දු පුවත්පත අද වාර්තා කළේ ය.

එම වාර්තාවේ දැක්වෙන්නේ, CIA සංවිධානයේ කටයුතු පිළිබඳ ජනපති ට්‍රම්ප් නොදන්නවා සේම, මෙම ඝාතන සැලැස්ම පිළිබඳව ද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නොදන්නවා විය හැකි බව ය.

ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ, රජයේ විවිධ පාර්ශව ඇතුළු මූලාශ්‍ර ගණනාවකින් විමසා කරුණු තහවුරු කර ගත් බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

++++++++++++++++++++++++++

Sri Lankan President Sirisena alleges that RAW is plotting his assassination

++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය ගැන මා ලියූ වාර්තාව සත්‍යයි.. ඇමතිවරුන් සිවු දෙනෙකු සාක්‍ෂියි.. – The Hindu මාධ්‍යවේදීනිය කියයි..

(18.10.2018 – 03:25 +0530 – lankacnews.com)

තමන් විසින් වාර්තා කරන ලද සියළු කාරණා සත්‍ය බවට තහවුරු කල හැකි යයි ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට රෝ කුමන්ත‍්‍රණයක් පවතින්නේ යයි තමන් විසින් පල කරන ලද වාර්තාව සනාථ කර ගැනීමට තමන් කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකුට කතා කල බවද ඇය සදහන් කරන්නීය.

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් පල කරන ලද අදහස්වලට සිය විරෝධය ද පල කරමිනි ෴

ඇය මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් පල කරන ලද අදහස්වලට සිය විරෝධය ද පල කරමිනි ෴

++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++

මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි – මහින්ද සමරසිංහ

(18.10.2018 – 18:02 +0530 – lankadeepa.lk)

රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු’ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවද ඇමතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් එවැන්නක් පැවසුවේ නම් එම පුවත ලබාදුන් අය තම නමින් එය පළකරන ලෙස ද පැවසිය යුතුව තිබූ බව කී ඇමතිවරයා ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනිය පවසා ඇති අන්දමට එම පුවත ඇය අමතා ලබාදීමට සිව් දෙනෙකුම කටයුතු කිරීම සැක සහිත බව ද කීවේය.

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් ඉන්දියාවට සත්‍ය පැහැදිලි කරදීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම රජයට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බව ද මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිසක් හෝ වෙනත් කවුරුන් හෝ සැලසුම් සහගතව මෙම පුවත පළකරවා දෙරට අතර ගැටුමක් ඇති කර කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මෙම පුවත ලබාදුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදිනියගෙන් තොරතුරු ලබාගත නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙනත් පියවරක් අනුගමනය කිරීමට සිදුවන බව ද ප‍්‍රකාශ කළේය.

රෝ ඔත්තු සේවය සම්බන්ධ පුවත ආණ්ඩුවේම කිසිවකු විසින් කළ ද්‍රෝහී ක‍්‍රියාවක් ද යන්න ගැන මාධ්‍යවේදියෙකු මෙහිදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙවැනි අසත්‍ය නිර්මාණය කිරීම රටට යහපත් නොවන බවයි.

අමාත්‍ය මණ්ඩලය තුළ කෙරෙන ප‍්‍රකාශයන් විකෘති කර පිටතට දෙන අය එහි සිටී නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ලැජ්ජාවක් බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++++

ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් විරසක කරන සැලැස්මක් තියෙනවා – එස්.බී දිසානායක

(17.10.2018 – 12:28 +0530 – lankadeepa.lk)

ඉන්දියානු ‘රෝ’ ඔත්තු සේවය මගින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැරැසෙන බවට පළ වු පුවත හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට යන සිද්ධියත් ජනාධිපතිවරයාට එරෙහිව අගමැතිවරයා ඇතුළු එජාපය ගෙන යන සැලැස්මක ප්‍රථිපලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.

මෙය දෙරට රාජ්‍ය නායකයින් අතර විරසකයක් ඇති කිරීමට ගන්නා උත්සාහයක් බැවින් එය ජනාධිපතිවරයා විසින් ඒ මොහොතේම ප්‍රතික්ෂේප කර ඇතැයිද පැවසීය.

පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙලෙස සඳහන් කළේය ෴

++++++++++++++++++++++++++++++

ඝාතන කුමන්ත‍්‍රණය ගැන ජනපති උපදේශකරුන්ටත් සැක

(18.10.2018 – nethnews.lk)

කතාබහට ලක්ව ඇති ජනපති ඝාතන කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශව සුළු කොට තැකීම සැක සහිත බව ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. ඔහු මේ බව කියාසිටියේ කොළඹ අද (18) මාධ්‍ය හමුවක් කැදවමින්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ හඩ සාම්පල පිළිබද රස පරීක්‍ෂක වාර්තාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති උපදේශක නීතිඥ සරත් කෝංගහගේ ද අදහස් පළ කළා.

++++++++++++++++++++++++++++++

නාලක CIDයෙන් පිටව යයි

(18.10.2018 – 18:58 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉන් පිටත්ව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නාලක ද සිල්වා මහතාගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරකෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට පසුගියදා දැනුම්දීමක් සිදුකර තිබුණි ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++++

ජනපති ඝාතන රෝ කුමන්ත‍්‍රණය මට කීවේ සමලිංගික කැබිනට් ඇමතියි.. – The hindu මාධ්‍යවේදිනිය කියයි..

(18.10.2018 – 22:21 +0530 – lankacnews.com)

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පැවසීය.

ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝදය පල කරමිනි.

මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර මුලින්ම තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරයෙක් බවයි.

‘දේදුනු වර්ණය’ ලොව පුරා පිලිගැනෙන්නේ ‘සමලිංගිකයන්ගේ වර්ණය’ ලෙසයි.

දේදුනු පාටට පෙනී සිටින, දේදුනු සමනලුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන, රට පාවා දෙමින් බොරු බේගල් කියන මේ මොන්ගල් ඇමතිවරයා කව්දැයි ඔබ අනිවාර්යයෙන්ම දන්නව ඇති.

Posted by මචං ceylon one on Thursday, October 18, 2018

++++++++++++++++++++++++++++++

හින්දු පුවත්පතේ ප්‍රවෘත්තිය ගැන හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති වගකීම භාර ගනී

(20.10.2018 – 18:35 +0530 – hirunews.lk/sinhala)

‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සාහ කරනවා’ යන ශීර්ෂය යටතේ ද හින්දු පුවත්පතේ පලවූ ප්‍රවෘත්තිය වෙනුවෙන් තම ආයතනය පෙනී සිටින බව ද හින්දු ප්‍රකාශන සමූහයේ සභාපති එන්. රාම් මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණිය අදාළ ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර විවිධ මූලාශ්‍ර යටතේ තහවුරු කිරීම් කරගෙන ඇති බවයි.

පසුගිය අඟහාරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳ පුවතක් හින්දු පුවත්පතේ පළ කර තිබුණා.

එම ප්‍රවෘත්තියේ සඳහන් වූයේ තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ රෝ සංවිධානය ක්‍රියාත්මක කර ඇති බවට ජනාධිපතිවරයා විසින් අදාළ කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබූ බවයි.

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.

මේ අතර පසුගිය බදදා පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
මෝදි මහතා දුරකථන සංවාදයක නිරතවූ අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුනේ තම ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දක්වා සහ තමා කළ ප්‍රකාශය විකෘති කර ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.

එමෙන්ම තමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියාවේ සම්බන්ධයක් අතැයි ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ද හින්දු පුවත්පතේ හිටපු කර්තෘ සහ මේවන විට ද හින්දු ප්‍රකාශන සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එන්. රාම් මහතා අදාළ ප්‍රවෘත්තියේ සත්‍යතාවය වෙනුවෙන් තදින් පෙනී සිටින බව සිය ට්විටර් පණිවුඩ‍යෙන් අවධාරණය කරනවා.

++++++++++++++++++++++++

නාලක, නාමල් කට හඬ ගැලපේ – ඉන්දීය ජාතිකයාගෙන් අධිකරණයට ඉල්ලීමක්

(23.10.2018 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ සාම්පල සැසදෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (23) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළ නඩුව අද (23) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එම වාර්තාවට අනුව ඔවුන් දෙදෙනාට අදාළව කට හඬ සාම්පල් 124 ක් ලබාදී ඇති අතර, ඉන් 123 ක්ම සැසදෙන බවටයි හෙළි වී ඇත්තේ.

මේ අතර, දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ වරකාපොළ පිහිටි නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද (23) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාව කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හානි කර අයුරින් ක්‍රියා කරන බවට ද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.

මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට ලිඛිත ප්‍රකාශයක් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසටයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා ඔහුට පැය දෙකක කාලයක් ලබාදුන්නා.

එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද සිව්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ෴

++++++++++++++++++++++

ජීවිත තර්ජන තියෙනවාඃ සීඅයිඩීයට භාරදෙන්න එපා ඉන්දියානුවා උසාවියේ හඬා වැටෙයි

(24.10.2018 – divaina.com)

ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මර්සලී තෝමස් නමැති ඉන්දියානු ජාතිකයා ඊයේ (23 දා) පිටු 20 ක ලිපියක් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තමා ආපසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර නොදෙන ලෙස ඉල්ලා හඬා වැටුණේය.

සිය ජීවිතයට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් තර්ජන එල්ල වී ඇති බැවින් එකී තර්ජන ලිතව ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙස එම පුද්ගලයා ඊයේ (23 දා) පෙරවරුවේ විත්ති කූඩුවේ සිට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ගෙන් ඉල්ලා සිටියේය.

ind111

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරිය ඔහුට ලිපිය ලිවීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට නියෝග කළ අතර එම අවසරය අනුව පැය 3 කට අධික කාලයක්‌ වැය කර ලියන ලද ලිපිය භාරදීමට පෙර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.

එකී නියෝගය අනුව පොලිස්‌ අධිකාරි පී. අම්පාවිල මහතා ඊයේ පස්‌වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර තමන්ට භාරදුන් ලිපියේ ඡායා පිටපතක්‌ පොලිස්‌ අධිකාරිවරයාට ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරිය ඉන්දියානු ජාතිකයා සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසට පොලිස්‌ අධිකාරිවරයාට නියෝග කළාය.

සැකකරු යළි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යැමට පෙර ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

අධිකරණයේ නිරීක්‌ෂණය සඳහා ඔහු ලබන නොවැම්බර් 21 වැනිදා යළි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තුළදී තමාගේ ජීවිතයට තර්ජන එල්ල විය හැකි බව තමා විශ්වාස කරන බැවින් එම නිලධාරීන්ට තමන් යළි භාර නොදෙන්නැයි එම පුද්ගලයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රැඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත්තේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය මත බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක්‌ නිකුත් කිරීමේ හැකියාවක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

පෙර දිනයේ අධිකරණය විසින් ලබාදුන් නියෝග අනුව එම පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශ අනුව විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බවත් ඔහුගේ අතක පවතින රෝගී තත්ත්වයකට ශල්‍යකර්මයක්‌ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් ඒ සඳහා එම පුද්ගලයා අකැමැත්තක්‌ දක්‌වා ඇති බවත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඔහුගේ සෙසු රෝගී තත්ත්වය පරීක්‌ෂා කිරීමට රුධිර සාම්පලයක්‌ ලබා ගැනීමට වෛද්‍යවරුන් දැරූ උත්සාහය ද ඔහුගේ විරුද්ධත්වය නිසා අත්හැර දැමීමට සිදු වූ බව ද විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ.

ඔහුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් කැඳවූ මානසික වෛද්‍ය වාර්තාව මේ දක්‌වා ලැබී නොමැති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ ෴

+++++++++++++++++++++++

+++++++++++++++++++++++

+++++++++++++++++++++++

+++++++++++++++++++++++

‘‌රෝ කතා ‌ගොතා මීරාට බලපෑම් කළොත් බලාගෙනයි..!’ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

(24.10.2018 – News e Lanka)

හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය :

ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදීන් එල්ලකරණ චෝදනා පිළිතුරුදීමේ අයිතියෙන් ඔබ්බට ගොස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට කරන බලපෑමක් දක්වා වර්ධනය වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ යැයි මීරා සිරිනිවාසන්ගේ නමින් හින්දු පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවූ අතර එය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේවෙතත් හින්දු පුවත්පත ඇමතිවරුන් සිව් දෙනෙකුම මෙම පුවත තහවුරු කළ බවට වන ස්ථාවරයක සිටියි. මේ අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරු සිව් දෙනෙක් හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමග සබඳකම් පවත්වමින් තොරතුරු ලබාදෙන බවයි.

මෙය මාධ්‍යවේදීන්ට , විශේෂයෙන්, හින්දු පුවත්පතේ කොළඔ වාර්තාකාරිණියට පදනම් විරහිත චෝදනා නගමින් බලපෑම් කිරීමක් වන ලෙස හඳුනාගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇයට සිය මූලාශ්‍ර හෙළිනොකිරීමට ඇති අයිතිය පිළිගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම සිදුවීම ජනමාධ්‍යවේදීන්ගේ විශේෂයෙන් මෙරට සිටින, විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී කරුණක් ද වන හෙයින් මේ පිළිබඳ වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.

කැඳවුම්කරු
සි.දොඩාවත්ත

ලේකම්
දිලීෂා අබේසුන්දර

++++++++++++++++++++++++++++

හිටපු DIG නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරයට

(25.10.2018 – 21:56 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්.

ඔහු අද පස්වරුවේ 5 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවුණු අතර එහිදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

++++++++++++++++++++++++++

නාමල් කුමාර දුක සතුට අතර මැදිවෙයි

(26.10.2018 – nethnews.lk)

තමන් හෙළිකළ තොරතුරු අනුව විමර්ශනය කර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වන බව නාමල් කුමාර පවසනවා. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නාලක සිල්වා විසින් කුමන්ත‍්‍රණයක් කළේයැයි පළමුවරට හෙළි කළේ ඔහු විසින්. කෙසේවෙතත් තමන් කළ මෙම හෙළිදරව්ව පිළිබඳ ඇතැම් අය තවදුරටත් සිදු කරන විවේචන පිළිබඳ කණගාටුවන බව නාමල් කුමාර නෙත් නිවුස් වෙත කියා සිටියා.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නාලක සිල්වා විසින් කුමන්ත‍්‍රණයක් කළේයැයි හෙළිකිරීමෙන් පසු තමන්ගේ ආරක්ෂාවටය තර්ජනයක් පවතින බවද නාමල් කුමාර පැවසුවා. ඒ අනුව ඔහු පදිංචි නිවසද අතහැර ගිය අතර කෙසේවෙතත් සතුටුවිය හැකි ආරක්ෂාවක් තවමත් තමන්ට සපයා නොමැති බවයි ඔහු අදත් කියා සිටියේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද තමන් හෙළිකළ තොරතුරු අනුව විමර්ශන තවදුරටත් සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නාලක කුමාර මෙහිදී කියා සිටියා.

+++++++++++++++++++++++++++

ඝාතන කුමන්ත්‍රණයට පොලිස් නිලධාරීන් 47 ක ගෙන් ප්‍රකාශ ගනියි

(26.10.2018 – 17:07 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති සහ හිටපු ආරක්ෂ ලේකම්වරයා ඝාතන කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 47 ක ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (08) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇතුළු 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ඒ මහතා පැවසීය.

මෙම විමර්ශන හුදෙක්ම හඬපට මත පදනම් වූ විමර්ශනයක් නොවුන අතර මේ විමර්ශනය සඳහා හඬ පට මෙන්ම විශේෂඥ සහයද සැලකකිල්ලට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති සහ හිටපු ආරක්ෂ ලේකම්වරයා ඝාතන කිරීමට කුමන්ත්‍රණය කිරීම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට මුලින්ම හඬ පට හයක් ලැබුණු අතර එම හඬ පට අධිකරණ නියෝගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ඒ මහතා පැවසීය.

පසුව රස පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඬපට සංවාද අනුව හඬ පට 124 වෙන් කළ බවත් වෙන් කළ හඬපට වලින් 123 ක හඬ ගැලපෙන බව වාර්තා කළ බව පෙන්වා දෙයි.

ඉන්පසුව පැමිණිලිකාර නාමල් කුමාර විසින් හඬපට ඇතුළත් තවත් සංයුක්ත තැටි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත ලබා දුන් අතර සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාද හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බව ඒ මහතා පැවසීය.

මේ අතර සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ජංගම දුරකථනය හා ලැප්ටොප් පරිඝණක යන්ත්‍රය සහ හඬ පට ඇතුළත් සංයුක්ත තැටි 03 න රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවත් ඒවායේ පරීක්ෂණ ලැබීමට නියමිත බව ඒ මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දින 5 ක් පුරා ප්‍රශ්න කළ ආකාරයද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දින 05 තුළදී පැය 48 කුත් විනාඩි 20 කුත් සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර නාමල් කුමාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට සිදු කර ඇති පැමිණිල්ල වී ඇත්තේ ජනාධිපතිතුමා හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය බව ඒ මහාතා පෙන්වා දෙයි.

පැමිණිල්ලේ එලෙස සටහන් වුවද හඬපට වලින් එවැනි තත්ත්වයක මතුවී නොමැති බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළ අතර නමුත් වැඩිදුර පරීක්ෂණ ඉදිරියට සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

+++++++++++++++++++++++

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. – නාමල් කුමාර

(27.10.2018 – 22:39 +0530 – lankacnews.com)

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඉන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. – නාමල් කුමාර මෙතෙක් නොකී කුමන්ත‍්‍රණයේ සියල්ල හෙලි කරයි…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

මරන්න අන දුන්නේ කවුද

මරන්න අන දුන්නෙ කවුද…

Posted by ඔබට සතුටුයිද දෑන් on Saturday, October 27, 2018

+++++++++++++++++

https://4.bp.blogspot.com/-Sccd_5X51OM/W9S9MwQdnZI/AAAAAAABnGQ/romHH6hm8-kAh6UfL4Ntyo5jafQfdxhTQCLcBGAs/s1600/collage.png

++++++++++++++++++++++++

මා සමඟ මහින්ද හා ගෝඨාභය කෑගල්ලේ උත්සවයකදී ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් වුණා

(29.10.2018 – mawbima.lk)

තමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා යන තිදෙනාම කෑගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ගෙන්වා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වූ බවත් එම කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයාගේ නම හෙළි වූ විට මුළු රටම පුදුමයට පත්වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය.

මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන මුලින්ම තමන් එතරම් ගානකට නොගත්තද ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව අවබෝධ වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන පරීක්‍ෂණ සිදු වන බවත් මෙහි මාධ්‍යට තවමත් හෙළි නොවූ කොටසක් පවතින බවත් එම කොටස හෙළි වූ පසුව මෙය පිටුපස සිටි සියලුම කුමන්ත්‍රණකරුවන් ගැන තොරතුරු හෙළි වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයා රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින විට වෙනත් පිරිසක් මඟින්ද මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීමට තවමත් ඉඩ තිබෙන නිසා දැඩි අවධානයකින් සිටින ලෙසට නවතම බුද්ධි අංශ වාර්තාවකින් තමා දැනුවත් කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ආසන්නම සිද්ධිය වූයේ මෙම ඝාතන කුමන්ත්‍රණය බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ඝාතන කුමන්ත්‍රණ කතාව හෙළිවීමත් සමඟම ස්නයිපර් ගිනි අවි දෙකක් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ බවත් මෙම සිද්ධීන් අතර සම්බන්ධයක් තිබෙන බවට පිළිගත හැකි සාක්‍ෂි බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ඝාතන කුමන්ත්‍රණය සිද්ධිය ගැන සිදුවූ පරීක්ෂණ සෑහීමකට පත්වන ආකාරයෙන් සිදු නොවූ බවට සමාජය තුළ මතයක් තිබෙන බවද ජනාධිපතිවරයා පැවැසීය.

මෙම ඝාතන කුමන්ත්‍රණය මෙතරම් බරපතළ කාරණයක් වී තිබියදීත් ආණ්ඩුවේ ප්‍රධානීන් කිසිවකු මේ සම්බන්ධයෙන් තමාගෙන් කිසිවක් විමසුවේ නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

කැබිනට් මණ්ඩලය රැස්වන සෑම දිනකම අගමැතිවරයා එයට සහභාගි වීමට පෙර තමාගේ කාර්යාලයට පැමිණ යම් යම් දේ කතා කරමින් සිට බොහෝ විට තමා සමඟම කැබිනට් රැස්වීමට සහභාගි වීමට යන බවත්, පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ගියෙත් තමා හමුවීමෙන් පසුව බවත් එසේම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය අනාවරණය වීමෙන් පසු අවස්ථා දෙක තුනකදී තමාගේ නිල නිවෙසටද රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියත් ඒ කිසිම අවස්ථාවක ඝාතන කුමන්ත්‍රණය ගැන වචනයක්වත් තමා සමඟ කතා කර නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

මීට අමතරව ජාතික ආණ්ඩුව ආරම්භයේ සිටම පැනනැඟුණු එක්සත් ජාතික පක්‍ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් ප්‍රතිපත්තිමය ගැටුම් ගැනද ජනාධිපතිතුමා විසින් මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

අමාත්‍යාංශ විද්‍යාත්මකව නම් කිරීමට ක්‍රියා නොකළ බවත් විෂයන් විද්‍යාත්මකව වෙන් කිරීමට කියා නොකළ බවත් ඒ ගැන තමාගෙන් කිසිවක් විමසීමට ක්‍රියා නොකළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය එක් අමාත්‍යාංශයක් වශයෙන් ක්‍රියා කිරීම, රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කොට අග්‍රාමාත්‍යවරයාගේ යටතටපත් කිරීම ඇතුළු ගැටලු රැසක් පැවැති බවත් සංස්කෘතික නොගැළපීම්ද බොහෝ කාරණාවලදී තිබුණු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළේ නීත්‍යනුකූලව තමාට ලැබී ඇති බලතල අනුව බවත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් 120 දෙනකුට ආසන්න පිරිසක් නව ආණ්ඩුව සමඟ සිටින බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අරලියගහ මන්දිරයේ මාධ්‍ය හමුවලට සහභාගි වූ පිරිසෙන් කොටසක්ද නව ආණ්ඩුව සහාය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් අවශ්‍ය වෙලාවට ඔවුන් නව ආණ්ඩුව සමඟ එක් වීමට නියමිත බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

= ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

++++++++++++++++++++++++

30-10-2018

++++++++++++++++++++++++

31-10-2018

++++++++++++++++++++++++

01-11-2018 – නාමල් කුමාර, අමිත් වීරසිංහ ගැන කියපු දේ …

++++++++++++++++++++++++

01-11-2018

++++++++++++++++++++++++

02-11-2018

++++++++++++++++++++++++

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් -ඩ්‍රෝන කැමරා සහිත කෝටි ගණනක වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ

(07.11.2018 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා එහිදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 21 වනදාට ගොනුකරන ලෙස නීතිපතිට සහ විත්තිකාර පාර්ශවයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම නාලක සිල්වාගේ නීතීඥවරයා මෙහිදී විමසා සිටියේ තම සේවාදායකයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද, එසේත් නොමැතිනම් සාමාන්‍ය නීතිය යටතේද යන්නයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ විමර්ශන කටයුතු සිදුකළ බවයි.

එලෙස විමර්ශන සිදු කිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබාදිය හැකි චෝදනා ඔහුට එරෙහිව පවතින බවට අනාවරණ වූ බවද නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දුන්නා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එමෙන්ම රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් ඩ්‍රෝන කැමරා සහිත නවීන වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වීම සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කළා.

රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක මෙවැනි වාහනයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

පොලීසියේ ප්‍රබලතම අංශයක් වන ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සැකකරු, සාමාන්‍ය පුරවැසියෙකු වන නාමල් කුමාර මහතා වසරක පමණ කාලයක් සිය ග්‍රහණයේ තබාගෙන විවිධ සැළසුම් සිදුකර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයේදී අනාවරණ කළා.

එසේම සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතන සැළැස්ම පිළිබඳ මෙන්ම ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැළැස්ම පිළිබඳවද මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඔහු දැනුම් දුන්නේ.

යම් අනාවරණයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිස්පතිවරයා විසින් නාමල් කුමාර මහතා, නාලක ද සිල්වාට භාරදී ඇතත්, ඔහු නාමල් කුමාර මහතා සිය ග්‍රහණයේ තබාගෙන සැළසුම් දියත් කර ඇති බවටද නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා සිටියා.

එසේම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව – මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

++++++++++++++++++++++++

ෆීල්ඩ් මාෂලයා ගැන නාමල් කුමාර ගෙන් සහ අජිත් ප්‍රසන්න ගෙන් ….

08.11.2018

++++++++++++++++++++++++

නාමල් කුමාරගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා රිමාන්ඩ්

(13.11.2018 – 19:20 +0530 – lankadeepa.lk)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව හෙළි කළ නාමල් කුමාර යන අයගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ඉන්දියන් ජාතිකයා රඳවාතබාගෙන කරන ලද විමර්ශන අවසන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත්විණි.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දියානු ජාතිකයාය

+++++++++++++++++++++++++++++++++++++

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 4

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *