කාර්යාල වේලාවේ කාර්යාල පරිශ්‍රය තුල පැවැත්වු මත්හුලිජ්ජ සාදය

(18.10.2018 – 19:58 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්හුලිජ්ජ සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා.

අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

*****************************************

ඔරුවලදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබු බණ්ඩා මරුට

(18.10.2018 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පසුගිය 4 වනදා මෙම වෙඩි හුවමාරුව සිදුවු අතර තුවාල ලබා සිටි පුද්ගලයා මාකදුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයන්ගේ සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලූ සංවිධාන කටයුතු සිදුකළ තැනැත්තා බවට ද අනාවරණ වී තිබෙනවා.

30 හැවිරිදි ඔහු රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නමින් හැදින්වෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

වෙඩි වැදීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් ඔහුට කොළඹ ජාතික රෝහලේදී ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා.

බණ්ඩා නමැති මෙම පාතාල සාමාජිකයා පොලිස් නිලධාරියෙකුට මරු කැදවූ මාතර රන් කොල්ලය සදහා සැකකරුවන් පැමිණි වෑන් රථය පැදවූ සැකකරු බවට ද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *