බුදුසසුනේ විනාශය වළක්‌වාගන්නේ කොහොමද ? – පී. ඩී. වයි. ගුණතිලක මහතා

(30.07.2017 – divaina.com)

සෑම දේම අනිත්‍යයෑයි පැවසෙන බුද්ධ දේශනාව තුළම බුදුදහම පමණක්‌ සදාකාලිකව රැඳී පවතීද? නමුත් වසර 5500 ක්‌ කල් බුද්ධ ශාසනය පවතින බවත් එම කාලය තුළ ශාසනය පිරිහෙන ආකාරය පිළිබඳ ලොවුතුරා බුදුන් වහන්සේ විසින් සවිස්‌තරාත්මකව විග්‍රහ කර තිබෙන බවත් අපි දනිමු.

වර්තමානය වන විට සිදු වන ඇතැම් ක්‍රියාවන් දෙස බැලීමේදී බුද්ධ ශාසනය තවත් වසර සියයක කාලයක්‌වත් පවතී දැයි සැක සහිතය. බුද්ධ ශාසනය විනාශ කිරීමේ අරමුණින්ම ක්‍රියාත්මක වන බලවේග වර්තමානය වන විට එළිපිටම ක්‍රියාත්මක වීමත් ඊට එරෙහිව සිදුවිය යුතු සාමූහික නැඟී සිටීමට බලවේගයක්‌ පැහැදිලිව දක්‌නට නොමැති වීමත් තුළ විවිධ සැකසංකා පහළවීම වැළැක්‌විය නොහැකිය.

දහහත්වැනි සියවසේ මුල් භාගයේදීද එනම් උඩරට රජකළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව තුළ බුදුදහම මුළුමනින්ම විනාශවීමේ අනතුරකට මුහුණ පා තිබුණි. එහෙත් එවක වැඩ විසූ වැලිවිට සරණංකර හිමියන් රාජ උදහසට පවා ලක්‌ව සැඟ වී සිටිමින් ශ්‍රී විජය රාජසිංහ රජුට ඔටුනු පළඳවා ශ්‍රී ලංකාවෙන් ඉවත්ව පැවැති උපසම්පදා ශීලය සියම් දේශයෙන් (වත්මන් තායිලන්තයෙන්) ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය සහාය ලබා දී ඇතැයි ඉතිහාසය තුළ රන් අකුරින් ලියෑවී ඇත.

ඊටපසු අපේ රට විදේශ අක්‍රමණවලට ගොදුරු වූ සෑම අවස්‌ථාවකම එහි සෘජු බලපෑම එල්ල වූයේ බුද්ධ ශාසනය විනාශ කිරීමේ අරමුණින්ම බව ඉතා පැහැදිලි සත්‍යයකි. ඒ සෑම අවස්‌ථාවකම සම්බුදු සසුන බේරා ගැනීම උදෙසා වීරවරයෝ අපේ රටේ පහළ වූහ. ඉංග්‍රීසීන්ට අපේ රට යටත්ව පැවති සමයේද බුදු සසුනට එවැනිම ඉරණමක්‌ අත් වූ අතර බුදුදහමට වර්ෂ 2500 ක්‌ සපිරෙද්දී දියසේන නම් කුමාරයෙකු දකුණු පළාතෙන් ඉපදෙන බවත් ඔහු තවත් වසර 2500 කට බුද්ධ ශාසනය රැක ගැනීමේ උතුම් කාර්යය සිදු කරන බවටත් විවිධ අනාවැකි ප්‍රකාශයට පත්වෙමින් තිබුණි.

බුද්ධ වර්ෂ පටන් ගැනෙනුයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සිටය. නමුත් බුද්ධ ධර්මය පටන් ගැනෙනුයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට අවුරුදු 45 කට කලින්ය. එබැවින් බුදුදහමට අවුරුදු 2500 ක්‌ සපිරෙනුයේ ක්‍රි. ව. 1911 දීය. එනම් බුද්ධ වර්ෂ 2455 දීය. අනගාරික ධර්මපාලතුමා (1864-1933 සැරිසරන්නේ මේ කාලය තුළය.

සැබැවින්ම 1891 වන විට සිද්ධාර්ථ කුමාරයා බුදු වී වදාළ බුද්ධගයාව පවා හින්දුන්ට ක්‍රමක්‍රමයෙන් අත්පත් වෙමින් තිබුණි. අවුරුදු 27 ක පමණ තරුණයකු දඹදිවට ගිය අවස්‌ථාවේදී බුද්ධගයාව හින්දු භක්‌තිකයන් විසින් හින්දු චාරිත්‍රානුකූල වැඳුම් පිදුම් කරනු දැක සිතේ ඇති වූ කලකිරීම නිසා වහා නැඟී සිට “බෞද්ධයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන උතුම් පාඨය හඬ නඟා ප්‍රකාශ කළේය. ඒ වෙන අන් කවරෙකුවත් නොව අනගාරික ධර්මපාල තුමන්ය.

ක්‍රි.ව. 1864 සැප්තැම්බර් 17 වැනි දින මාතර හිත්තැටිය නම් ගම්පියසේ ඉපදුණු ඩේවිඩ් හේවාවිතාරණ පසුකලෙක බුද්ධ ධර්මයට තිබෙන ළැදියාව නිසාම ධර්මපාල නම පටබැඳගෙන සියලු ආශා වලින්ද මිදී රාගසිත දමනය කිරීමෙන් නිවහල් ජීවිතයක්‌ ගත කිරීමට සිතීමෙන් අනගාරික නම් විය.

අනගාරික ධර්මපාලතුමන් ඉපදුණේ බුදුදහමට වසර 2452 සපිරෙද්දීය. මොහු බුද්ධගයාවට යන්නේ ක්‍රි.ව. 1891 දීය. එනම් බුදුදහමට වසර 2480 ක්‌ සපිරෙද්දීය. එහෙත් කාලයක්‌ බුද්ධගයාව මහන්තා කෙනෙකු යටතේ පාලනය වූ අතර අනගාරික ධර්මපාල තුමන්ගේ අප්‍රහිත ධෛර්යයෙන් ලේ බිඳකුදු නොහෙලා බුද්ධගයාව පමණක්‌ නොව බුදුන්වහන්සේ ඉපදුණු ලුම්බිණියත් පිරිනිවන් පෑ කුසිනාරාවත් තවත් වසර 2500 කට බෞද්ධයන්ට උරුම කර දුන්නේය. ක්‍රි.ව. 1931 මැයි මස 31 දින මහාබෝධි සමාගම පිහිටුවා බෞද්ධයෝ වෙනුවෙන් විශ්‍රාම ශාලා, ආරෝග්‍යශාලා පිහිටුවාලමින් සම්බුදු සසුන යළිත් බැබළවීම උදෙසා මහා ශාසනික සේවාවක්‌ කිරීමට අනගාරික ධර්මපාලතුමන් ගත් උත්සාහය නොවන්නට මේ වන විට බුද්ධ ශාසනය විනාශ කිරීමට තවත් අයකුට උත්සාහ ගැනීමක්‌ නොකළ යුතුව තිබුණි.

අනාවැකිකරුවන්ගේ අනාවැකිය වූයේ බුදුදහමට වර්ෂ 2500 ක්‌ සපිරෙද්දී දියසෙන් කුමාරයා ඉපදෙන බවකි. නමුත් සත්‍ය ලෙසින්ම සිදුවූයේ බුදුදහමට වසර 2500 සම්පූර්ණ වෙද්දී අනාවැකිකරුවන්ගේ සියලු අනාවැකි සත්‍ය කරමින් දියසේන නම් කුමාරයා අනගාරික ධර්මපාල ලෙස ඉපිද තවත් වසර 2500 කට සම්බුදු සසුන රැක දීමය. ඊට තවත් වෙන කිසිදු සාක්‍ෂි වුවමනා නැතැයි මම විශ්වාස කරමි.

බුදු සසුනට තිබෙන බරපතලම බලපෑම බුද්ධ දේශනාව ජීවමාන වීම යෑයි මාගේ විශ්වාසයයි. අපගේ ශාස්‌තෘවරයාණෝ මිහිපිට උපන් මනුස්‌සයෙකි. උන්වහන්සේ මනුස්‌සයකු ලෙස ඉපිද උත්තරීතර බුද්ධත්වයට පත් වූ පසු සියලු දෙව් බඹුන්ගේ පවා වන්දනාමානවලට ලක්‌ වූ බව සූත්‍ර දේශනාවල පවා සඳහන්ය. එපමණක්‌ නොව බුදුරජාණන් වහන්සේ විශ්වය පිළිබඳ හෙළිකළ කරුණු අද ඇමරිකානු පරීක්‍ෂණයන්ට පවා ලක්‌ව සාධක සහිතව සාක්‌ෂාත් වී තිබීම නොපෙනෙන බලවේගයන්ට වැඳුම් පිදුම් කරන ඇතැම් ආගමික නායකයන්ගෙන් උදහසට ලක්‌ වීමට හේතු වී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ප්‍රබලතම ගුණාංගය වන්නේ මා කියනා දේ සොයා බලා පිළිගන්නා ලෙස කරනු ලබන ඉල්ලීමේ උත්තරීතර විනිවිදභාවයයි. ඒ සත්‍යය ලොවට දිනෙන් දින පසක්‌ වෙද්දී නොපෙනෙන බලවේග පෙන්වා ජීවත් වූ ඇතැම් පුද්ගලයන්ට බඩේ පහර එල්ල වෙද්දී ඔවුන් පෙරළා පහර දෙනු ලබන්නේ මිහිපිට සත්‍යය පසක්‌ කළ බුදු සසුනටය.

මිනිසුන්ගේ මනස නොපෙනෙන ලෝකවල අතරමං කොට කෝටි ප්‍රකෝටි ගණනින් හරිහම්බ කළ මේ ආගමික ප්‍රචාරකයන් සම්බුදු සසුන විනාශ කිරීම සඳහා උපයෝගීකොට ගන්නේද නමින් පරම්පරාවෙන් බුද්ධාගම යෑයි පවසන රටේ ප්‍රබල චරිතයන්ය.

මට විවිධ අවස්‌ථාවල මුණ ගැසුණු ජපන් චීන ජාතිකයන්ගෙන් නුඹේ ආගම කුමක්‌දැයි විමසූ විට ඔවුන් දෙනු ලබන පිළිතුර වෙන්නේ හදවත තමයි ආගම යන සෘජු පිළිතුරය. නුඹේ තාත්තාගේ අම්මාගේ සීයාගේ ආගම කුමක්‌දැයි විමසූ විට ඔවුන්ගේ පිළිතුර වන්නේ බුද්ධාගම බවය. අපේ රටේ සිටින අය එවැනි උත්තර නොදී ආගම බුද්ධාගම පවසමින්ම බුදු සසුනට වින කරන්නේ වෙනත් ආගම්වාදීන්ගේ මුදල් කන්දරාවන්ට ගිජු වී ඇති බවට සාක්‍ෂි නො වුවමනාය.

මෙවැනි තත්ත්වයක්‌ අපේ රටේ මෙන්ම ලෝකය තුළින් උද්ගත වීම ප්‍රධානතම හේතුව වී ඇත්තේ බෞද්ධ පුනරුදයක්‌ ඇති නොවීමය. අපේ රටේ ඒ සඳහා සෘජුව වගකිව යුතු පාර්ශව මුනිවත රකිමින් සිටීමත් තවත් කොටසක්‌ බුදු සසුනේ නාමයෙන් බෞද්ධයා රවටාලමින් තම තමන්ගේ අවශ්‍යතා පමණක්‌ සපුරා ගනිමින් කූට ව්‍යාපාරවල නිරත වීමත් හැරුණු විට බෞද්ධ පුනරුදයක්‌ පිළිබඳ යථාර්ථවාදී පෙළගැස්‌මක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත.

පසුගිය කාලය තුළ බුද්ධ ශාසනයේ උන්නතියට යෑයි පවසමින් බෞද්ධයන්ගේ ඡන්දය තමන්ගේ ගොඩට දා ගත් බෞද්ධ නායකයන් යෑයි කියා ගන්නා පිරිස්‌ අද වන විට බුද්ධ ශාසනයට වන නින්දිත ප්‍රහාරයන් පිළිබඳ නොදැක්‌කා සේ සිටීම තුළම ඔවුන් පෙනී සිට ඇත්තේ තමන්ගේ බඩගෝස්‌තරවාදය වෙනුවෙන් විනා වෙන අන් කවරක්‌ සඳහාවත් නොවන බවට සක්‌ සුදක්‌ සේ මේ වන විට පැහැදිලි වී හමාරය. අවම වශයෙන් එහි නායකත්වයන් දෙමින් තමන්ගේ පැවැත්ම උදෙසාම දේශපාලන බඩ පිනුම් ගසන මේ බඩගෝස්‌තරවාදී දේශපාලන ජුන්ටාවන් කොමිස්‌ පිට කොමිස්‌ එන ඇමැති ධුරයට හැරුණු විට බුද්ධ ශාසන ඇමැති ධුරයට පොර බදිනවා මේ රටේ ඇස්‌ කන් ඇති කිසිවකු දැක නැත. අසා නැත. සම්බුදු සසුනේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරක්‌ ඇත.

උදාහරණයක්‌ ලෙස මාලදිවයිනේ බුදු සසුනට සිදු වූ විනාශය ආසන්නම හේතුව ලෙස පෙන්වා දිය හැක. මාලදිවයිනේ ඉතිහාසයේ සඳහන් වන්නේ ලංකාවේ රජ කළ කුමාරයෙකු සහ කුමරියක මධු සමය ගත කිරීම සඳහා මාලදිවයිනට පැමිණි බවත් පසුව ඔහු එහිම හිඳිමින් වෙනම රාජ්‍යයක්‌ ලෙස එරට පාලනය කළ බවත්ය. ඒ සඳහා ලංකාවට බදු වශයෙන් උම්බලකඩ එවූ බවත් 1956 ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී බණ්‌ඩාරනායක මහතා එම බදු ගිවිසුම නතර කරන තුරු එය ක්‍රියාත්මක වූ බවත්ය. එමෙන්ම මාලදිවයින සම්පූර්ණයෙන් බෞද්ධ රටක්‌ ලෙස කටයුතු කළ බවත්ය.

නමුත් මීට වසර 800 කට පමණ පෙර වෛරස්‌ රෝගයක්‌ වසංගතයක්‌ ලෙසින් පැතිරී ජීවිත බිළිගන්නට වූ අතර මුස්‌ලිම් ආක්‍රමණිකයන් එය දෙවියන්ගේ රෝගයක්‌ බවත් තම ආගම වැළඳගතහොත් ඉන් මිදිය හැකි බවත් එරට ජනතාවට ඒත්තු ගැන් වූ අතර ජීවිත ආශාවෙන් සිටි මිනිසුන්ට ආගමික ප්‍රොaඩාවකට නතුවන්නට සිදු වූහ. එම වෛරසයද වෙනත් රෝග මෙන් කාලයකදී රටින් තුරන්ව ගිය නමුදු සම්බුදු ශාසනය ඒ සමගින් මාලදිවයිනෙත් තුරන් කොට ඉස්‌ලාම් ආගම ප්‍රචලිත කොට මුස්‌ලිම් රටක්‌ බවට පත් කරන්නට ඉස්‌ලාම් ආගමික නායකයන්ට හැකි විය.

අපේ රටේද වර්තමානය වන විට සිංහල ජනගහන වර්ධනය 1% ක්‌ ලෙසද මුස්‌ලිම් ජනගහන වර්ධනය 4% ක්‌ ලෙසද වාර්තා වේ. එපමණක්‌ නොව මුස්‌ලිම් ජනගහන වර්ධනය සඟවා ඇතැයිද විවිධ ආරංචි මාර්ග පෙන්වා දේ. කෙසේ වුවත් ජනගහන වාර්තා පෙන්වා දෙන පරිදි 1980 මුස්‌ලිම් ජනගහනය 3% ක්‌ ලෙසද 2017 වර්ෂයේදී 12% ක්‌ ලෙසද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙති. ගණිතමය වශයෙන් වසර 37 ක්‌ තුළ අඩු තැනක සිට හතර ගුණයකින් මුස්‌ලිම් ජනතාවගේ වර්ධනයක්‌ ඇති වී ඇත්නම් වැඩි තැනක සිට ඉදිරිය ජය ගැනීම ඔවුන්ට අපහසු නොවනු ඇත. එමෙන්ම ඔවුන්ගේ අතකොලු බවට පත්ව සිටින අපේ රටේ දේශපාලන නායකයන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වය පනින රිලවුන්ට ඉනිමං තැබීමකට වඩා ගුවන්පාලම් ඉදිකරදීමකට වඩා ප්‍රබලය. මෙහි අවසානය ඉදිරි වසර 60/70 තුළදී ශ්‍රී ලංකාව මුස්‌ලිම් රටක්‌ වීම බව නම් හදවතට එකඟ නොවූවද නොකියාම බැරිය.

බුදුරජාණන් වහන්සේ යෝනක පුරයේ දහම් දේශනා කළ බව දක්‌වා ඇත්තේ අරාබි රටවල් මුල්කරගෙන බව ඉතා පැහැදිලිය. එසේ බුදු දහම වැළඳ ගත් අරාබි රටවල්වල සිටින කෝටි ප්‍රකෝටි ගණනින් බෞද්ධයන් ඉස්‌ලාම් බවට පත් කිරීමේ දැවැන්ත ක්‍රියාවලියක්‌ ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වීම තුළම අපේ රට තිබෙන්නේ අතිශය භයානක ඉරණමක අවසාන අදියරේ බව සමස්‌ත බෞද්ධයන් පිළිගත යුතු තිත්ත ඇත්තය.

බුදුදහමද අනෙක්‌ සියලු දේ මෙන් විනාශව යනු නියතය. එය බුදු දහමේද සඳහන්ව ඇත. තවත් වසර 2500 කට පෙරද ලෝක විනාශයක්‌ සිදුවුවහොත් අනෙක්‌ සියලු දේ මෙන් බුදුදහමද විනාශ වනු ඇත. එහෙත් එසේ කියා ආගමික ප්‍රෝඩාවකට ඒ උතුම් සම්බුදු සසුන විනාශ වී යැමට ඉඩ දිය නොහැක. මෙරට සියලු බෞද්ධයන්ගේ මතය එයම විය යුතුය. එසේ කියා සියල්ල සිදු වන තුරු බලා සිටියහොත් අපට අපේ අනාගත පරපුරට අත්වෙන භයානක ඉරණම කිසිදා වැළැක්‌විය නොහැකිය. සම්බුදු සසුන රකින්නට අපිට අපේ පැහැදිලි වැඩපිළිවෙළක්‌ ඉතා ඉක්‌මනින් අවශ්‍ය බව ලැබෙන ඇහෙන වාර්තා පෙන්වා දෙයි. ඒ සඳහාද ඉතා පැහැදිලි වැඩපිළිsවෙළක්‌ අප සතුව ඇති බවද ඔබගේ අවධානයට යොමුකරනු කැමැත්තෙමි. ඉදිරියේ එම වැඩපිළිවෙළ ඔබ හමුවේ තබන්නට මම අදහස්‌ කරමි. ඊට පෙර ඔබගේ අදහස්‌ ඔබගේ ප්‍රතිචාර මට අත්‍යවශයය. ඒ සඳහා මම ඔබට ආරාධනා කරමි.

********************* ( නැවත මුල් පිටුවට ….. )