Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි දරුවා පොලීසියේදීම අපයෝජනය කරලා

(23.05.2018 – 17:46 +0530 – lankadeepa.lk) වැලිඔය පොලිසිය අත්අඩංගුවේ සිටි තමා එදින රාත‍්‍රියේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කළ බවත් එම තත්වය නිසා තමන් දැඩි වේදනාකාරි තත්වයක පසු වන බවත් 12 හැවිරිදි පිරිමි දරුවකු උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට සහ පරිවාස නිළධාරීන්ට ප‍්‍රකාශ කර …

බොරුවට අපිව මිනීමරුවන් කරන්න හදන අයට කවදා හරි ජනතාව පිළිතුරු දෙයි – ගෝඨාභය රාජපක්‍ෂ “දිවයින”ට කළ විශේෂ හෙළිදරව්වක්‌

(23.05.2018 – divaina.com) • පොලිසිය අද යුද රහස්‌ හෙළි කරනවා; ඒක රාජද්‍රෝහී ක්‍රියාවක්‌ • අපි ත්‍රස්‌තවාදය අවසන් කරලා පරම්පරා ගණනාවක්‌ බේරගත්ත අය • උතුරේ ආරක්‍ෂාව බිඳ වැටීම භයානක තත්ත්වයක්‌ කවුරුන් කුමක්‌ කෙසේ කීවද අද රට ඇත්තේ අරාජිකවය. ඒ පිළිබඳ විවාදයක්‌ නැත. දුර්වල වූ රාජ්‍ය පාලනයක්‌ ඉදිරියේ සමස්‌තය දරුණු කඩාවැටීමකට ලක්‌ව තිබීම සියල්ලට හේතුවී ඇත. මේ …

බුදු දහමට ප‍්‍රමුඛස්ථානය.. ‘නැගපිය පරයා ඉක්මනට’ කියා නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගසයි..

(22.05.2018 – 00:02 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය : ‘‘දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129 ක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. එයින් 105 ක් තවමත් අත්අඩංගුවේ පසු වෙන්නේ. ඔවුන් නිදහස් කරන්නෙත් නෑ. නඩු පවරන්නෙත් නෑ. …

කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි. පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

(25.04.2018 – colombotoday.com) මුස්ලිම් හෝ හිංදු සිද්ධස්ථානයක ගැටළුවක් ඇතිවුවහෝත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත්සභා මන්ත්‍රීවරු පිරිසක් කෝකිලායි සම්බෝධි විහාරයට කඩා පැනීම පිලිබදව අප කල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය. 1983 ඇතිවූ යුද්ධය හේතුවෙන්, …

ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

(04.03.2018 – 23:07 +0530 – lankacnews.com) සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී …

ගොවි නායකයින්ගෙන් ආණ්ඩුවට රතු එළියක් – රටපුරා ගොවීන් සටනට සූදානම් කරයි

(02.03.2018 – lankatruth.com) රාජාංගනය වැවේ ජලය ලබාගෙන සිදු කරන පානීය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් පැවති විරෝධතාවය තිබූ ස්ථානයට සිවිල් ඇඳුමෙන් සැරසුණු මැර කණ්ඩායමක් පැමිණ සිද්ධිය ඇති කළ බවත් එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් මස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (02) පස්වරුවේ දඹුල්ලේදී පැවසීය. මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක …

මිනින්දෝරුවන් 8 වනදා සිට අඛන්ඩ වැඩ වැරුමකට සූදානමින්

(02.03.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala) මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් මේ මස 08 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ මිනින්දෝරු සංගමය සූදානම් වනවා. එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් මේ වනවිටත් අභ්‍යන්තර වෘත්තීය ක්‍රියාමාර්ගයක සේවකයන් …

හොරු රට යවලා ගොවීන්ට එලව එලවා ගහනවා.. – මෛත්‍රී ගුණරත්න කියයි..

(02.03.2018 – 16:40 +0530 – lankacnews.com) වර්තමාන ආණ්ඩුව රට කොල්ල කාපු හොරුන්ට රට යන්න අවසර දීලා ජාතියට බත සපයන ගොවි ජනතාවට එලව එලව පහර දෙන තත්වයට පත්වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පවතී ජන හමුවක් අමතමිනි. ‘‘මේ ආණ්ඩුව ඇවිත් …

අර්ජුන් මහේන්ද්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට මොහොමඩ් මුසම්මිල් කියයි..

(02.02.2018 – 06:24 +0530 – lankacnews.com) නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලීසියට නව ‘අවම බලය’ යෙදවීමක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය රජරට ගොවි ජනතාවගේ ඔළු පළමින්, ක්ලාන්තය දමන තෙක් පන්න පන්නා පහර දෙමින්, වෙඩි තබා බිම වට්ටමින් කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ …

තඹුත්තේගම විරෝධතාව අතරතුර 44 ක් අත්අඩංගුවට – පොලීසියේ 4 ක් ඇතුලු පිරිසකට තුවාල

(28.02.2018 – 14:14 +0530 – sinhala.adaderana.lk) තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාව අතරතුර කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුලු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුලු කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. අද දහවල් ගොවීන් අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගය තඹුත්තේගම නගරයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාව විසුරුවා …