Monthly archives: නොවැම්බර්, 2018

රටම රකින ‘ජනමහිමය’ ජනරැලිය (05.11.2018)

නව ආණ්ඩුවට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කරනු ලැබූ ‘ජන මහිමය’ මහජන රැළිය පාර්ලිමේන්තු වටරවුම අසලදී 05.11.2018 දින පැවැත්විණි. එම රැළියට එක්වෙමින් ජනාධිපවරයා මෙම අදහස් පළ කළේය : • පසුගිය කාලය තුළ රට වෙනුවෙන් තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා නොව රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටි පුද්ගලයින් …

නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් තෙවරප්පෙරුම සහ හේෂා අත්අඩංගුවට

(05.11.2018 – 11:53 +0530 – hirunews.lk/sinhala) මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දිනයේ පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර …

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක්

(05.11.2018 – 13:34 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ එස්. ඕපනායක මහතා කියා සිටියේ මෙම රථවාහන තදබදය හේතුවෙන් මාතර සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහනට පිටවීම සඳහා අතුරුගිරිය – කොතලාවල සහ කඩුවෙල හුවමාරුව භාවිත …

මා අගමැති ලෙස පිලිගන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. කතානායක නිල වශයෙන් නිවේදනය කරයි.. පාර්ලිමේන්තුව බලෙන් කැඳවන බවටත් ඉඟි..

(05.11.2018 – 11:20 +0530 – lankacnews.com) පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි. කතානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. කෙසේ වෙතත් ප‍්‍රවීණ ව්‍යවස්ථා විශාරදයන් පවසන්නේ පාර්ලිමේන්තුව වාරාවසාන කල පසු කතානායකට මේ අකාරයෙක් කටයුතු කල නොහැකි බවත් …

පිටරට තියෙන ඩොලර් හැකි ඉක්මනින් ලංකාවට එවන්න – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(04.11.2018 – 18:28 +0530 – lankadeepa.lk) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙමින් පවතින නිසා ඩොලර්වලට වැඩි මිලක් ගන්නට නම් ඉක්මනින්ම තමන් සතු ඩොලර් රටට එවන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලිය මත අය කරනු ලැබු රැඳවුම් බදු ඉවත් කර ඇති නිසා බැංකු හරහා …

අගමැති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

(04.11.2018 – 20:31 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර පින්බිම වෙත පැමිණ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය. එම අවස්ථාවට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය. ඓතිහාසික අනුරාධපුර පින්බිම වෙත අද පස්වරුවේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවාය. …

සන්ධාන රැළිය හෙට (05) පාර්ලිමේන්තු වට රවුමේ

(04.11.2018 – 19:14 +0530 – hirunews.lk/sinhala) රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක්වීමට හෙට (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් …

පාර්ලිමේන්තුව නොවැම්බර් 14 යළි කැඳවීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

(04.11.2018 – nethnews.lk) පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14 යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා උදෑසන 10 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත බව නව ගැසට් නිවේදනයේ සදහන් කර ඇත. නව රජයෙන් බලාපොරොත්තුවන දේ …

මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින් සිටි රාජිතයාට නැවතත් සෞඛ්‍ය ඇමතිකම දෙන්නැයි ඉල්ලා පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක…

(03.11.2018 – 22:51 +0530 – lankacnews.com ඇසුරෙන්) රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය. වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් කිහිප දෙනකුම කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රාජිත සේනාරත්න මහතා තරම් වැඩ කළ කිසි කෙනකු නොමැති බවයි. සෞඛ්‍ය ඇමැති ලෙස නැවතත් රාජිත …

සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට ප‍්‍රථම වතාවට වර්චුවල් ටෙලර් යන්ත‍්‍රයක්

(03.11.2018 – nethnews.lk) ප‍්‍රථම වතාවට වර්චුවල් ටෙලර් යන්ත‍්‍රයක් මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක් වන සම්පත් බැංකුව විසින් ඉකුත්දා හදුන්වා දුන්නා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සංවිධානය වූ ඉන්ෆෝ ටෙක් 2018 ප‍්‍රදර්ශනයේදීයි. සම්පත් බැංකුවේ කළමණාකරණ අධ්‍යක්‍ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා මෙම නව හදුන්වාදීම පිළිබඳ අදහස් දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මේ හරහා සිය පාරිභෝගිකයන්ට සේවා රැසක් ඉතා …