ජනාධිපති නියත විවරණයෙන් පසු ගෝඨාභය මුලින්ම වෙල්ගමගේ බල ප‍්‍රදේශයේ වේදිකාවේ… (විඩියෝ)

(17.03.2019 – 22:19 +0530 – lankacnews.com) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ‘එළිය’ සම්මන්ත්‍රණයේදී සිදු කල දේශණය පහත දැක්වෙයි : ‘‘අද සෑම කෙනෙක්ටම මේ ආර්ථිකය කඩාවැටීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. යළි ආර්ථිකය ගොඩනැගීම අප ඉදිරියේ පවතින අභියෝගයක්. එදා අපි අභියෝගවලට මුහුණදී ඒවා ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්‍ෂ මහතා එදා රජය භාර ගත්තේ විශාල …

පොහොට්ටු-ශ‍්‍රීලනිප සන්ධාන ගසා ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත‍්‍රි දෙන්න බෑ.. අපි යලි රැවටෙන්නේ නෑ.. – ප‍්‍රසන්න රණතුංග

(17.03.2019 – 15:00 +0530 – lankacnews.com) පොහොට්ටු – ශ‍්‍රී.ල.නි.ප සන්ධාන ගසා මෛත‍්‍රී නැවත ජනාධිපති කිරීමට සුදානම් නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට සන්ධාන ගත වීමට සුදානම් වුවද ඡන්දේ ඉල්ලීමට ශ‍්‍රී.ල.නි.පය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් ජනතාව තුල කැමැත්තක් නැති බවයි. ශ‍්‍රී ලංකා …

රුවන්වැලිසෑය බුල්ඩෝසර් කිරීමේ අවදානමක්.. කොන්ත‍්‍රාත්තුව 50,000 යි…

(16.03.2019 – 22:15 +0530 – lankacnews.com) අයවැය විවාදයේ බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය : ‘‘අගමැතිතුමා මීට මාස දෙකකට පෙර වේදිකාවක් වේදිකාවක් ගාණේ ප්‍රකාශකල දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තියට අපි නම් අත තියන්නේ නෑ කියන කතාව. කිරිඇල්ල …

විහාරස්ථානයක නම විකුණමින් මුදල් චංචා කළ චීවරධාරියෙක් ඇතුළු 2ක් ගස් බඳී – විඩියෝ

(16.03.2019 – 12:04 +0530 – sinhala.adaderana.lk) මීගොඩ පොලිස් වසමේ, ගොඩගම විහාරස්ථානයේ හා එහි විහාරාධිපතිගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළ චීවරධාරියෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ චීවරධාරියා සහ ගිහි පුද්ගලයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ගොඩගම විහාරස්ථානයේ විහාරධිපති ස්වාමීන් වහන්සේට වකුගඩුවක් බද්ධ කිරීමට සහ දඹදිව වන්දනාවේ යාමට බව …

වාසුගෙන් යලිත් අගමැති සැරටම අහගනී.. බැදුම්කර මගඩිය ගැන කබ්රාල්ගේ වාර්තාව සභාගත කිරීම දිවි හිමියෙන් වලකයි…

(15.03.2019 – 15:00 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අගමැතිවරයාගේ වැය ශීර්ෂය යටතේ කළ කතාවේදී, අජිත් නිවාඩ් කබ්රාල් මහතා බැදුම්කර කොමිසමට ඉදිරිපත් කරන ලද 2017 ඔක්තෝම්බර් 25 දින වාර්තාවෙන් කරුණු උපුටාගෙන එහි ඇති වැදගත්කම විග්‍ර‍හ කරමින්, එම වාර්තාව සභාගත කරනවා යයි කීවේය. එසේ කී විගසම අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා කලබලවී අජිත් නිවාඩ් කබ්රාල් …

ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයාට දේශප්‍රේමී ලාංකික සංසදයෙන් චෝදනාවක්

(15.03.2019 – 20:13 +0530 – sinhala.adaderana.lk) බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 05 ක් සමඟ එක්ව මෙවර ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනාවට ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අෂිස් මහතා අත්සන් තබා තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව නොවන බව දේශප්‍රේමී ලාංකික සංසදයේ විධායක සභික මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි. අද දෙරණ …

උප්පැන්නයටත් ජාතික හැඳුනුම්පතටත් එකම අංකයක්

(14.03.2019 – 20:26 +0530 – sinhala.adaderana.lk) වසර 155 ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ වන බව පැවසූවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ …

මෛත‍්‍රී විශ්වාස නෑ.. ශ‍්‍රීලනිපය සමග සන්ධාන අනවශ්‍යයි.. අයවැය වර්ජනයෙන් පසු පොහොට්ටුවෙන් දැඩි ප‍්‍රහාර…

(14.03.2019 – 22:31 +0530 – lankacnews.com) විශ්වාස කළ නොහැකි මිනිසුන් සමග සන්ධාන ගත වීමෙන් පසු ජනාධිපති වැය ශීර්ෂයට සිදුවූ දේම සිදුවිය හැකි යැයි තමන්ට සැක බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි. අයවැයට විරුද්ධව ඡන්දය දෙන බවට මුලින් කියූ ශ‍්‍රීලනිප කණ්ඩායමක් අවසානයේ ඊට විරුද්ධ නොවී පැන ගොස් සැඟවුණු බවත් එවන් පුද්ගලයන් සමඟ සන්ධාන …

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් අතරතුර වෛද්‍යවරයෙක් හෙදියකට පහරදෙයි

(13.03.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් අතරතුරදී වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියකට සිදුකළ පහරදීමක් පිළිබඳ පුවතක් වාර්තා වී ඇත. පහරදීමෙන් තුවාල සිදුවීම නිසා හෙද නිලධාරිනිය ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර සිද්ධියට විරෝධය පා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (13) පෙරවරුවේ වර්ජනයක ද නිරත වුණි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඊයේ (12) ශල්‍යකර්මයක් සිදු කෙරෙන …

ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

(12.03.2019 – 16:44 +0530 – lankadeepa.lk) මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු ජනනාත් රංග වරකාගොඩ මහතා ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (12) නියම කළේය. අද (12) උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේ දී මෙම අනතුර …