Category «මිසදිටු බොරු ආගම්»

අඳුරේ අතපතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

(22.07.2019 – 19:43 +0530 – lankadeepa.lk) අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3 ක් ගතව අවසන්ය. ප‍්‍රහාරයට හසුවූ 500 ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය …

ෂාෆි කළේ වඳ සැත්කම් විතරද…? ත‍්‍රස්තවාදයටත් සම්බන්ධලු – නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න

(21.07.2019 – divaina.com) නීතිය ඉදිරියේ පවා අසරණවී සිටින සත්‍යය, නිර්භයව ඉදිරියට ගෙන ඒමේ වගකීම ඔවුහු සිය දෙවුර මතට ගත්හ. කිසිදු වාසියක් ප‍්‍රයෝජනයක් නොමැතිව සිය මුදල්, කාලය ඔවුන් විසින් සත්‍යය සහ ජාතිය වෙනුවෙන් වියදම් කරනු ලබන්නේ, සිය ජීවිත පමණක් නොව අඹු දරුවන්ගේ ජීවිත ආරක්ෂාව ද පැත්තක දමාය. ෂාෆි විසින් කරන ලද සංහාරය සහ ෂාෆිගේ අපරාධ ගොනුවේ …

අගමැති ජෝන් ඩොයිලිගේ අවතාරය ද ? රතන හිමිගෙන් ප්‍රශ්ණයක්

(21.07.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 3 ක් සපිරීම නිමිත්තෙන් අද ගුණසමරු උත්සවයක් පැවැත්වුණා. ඒ, පිළියන්දලදී නගර සභා ශාලාවේදීයි. අමරනීය මිනිසා ලෙස නම් කර තිබූ සෝමවංශ අමරසිංහ මහතාගේ 3 වන ගුණසමරු උත්සවයට මහා සංඝරත්නරය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. …

මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

(21.07.2019 – 13:20 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්! පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ …

හිස්බුල්ලාට තහනම් සංවිධානයකින් කෝටි 1757 ක්

(19.07.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala) ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ හෙවත් ‘මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය’ සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ, එම ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …

දින දෙකක තැපැල් වර්ජනය ඇරැඹෙයි

(16.07.2019 – 16:50 +0530 – lankadeepa.lk) ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද (16) පස්වරු 4.00 සිට දින දෙකක (02) සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව …

සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන විමල්ගේ හෙළිදරව්ව

(14.07.2019 – 22:31 +0530 – sinhala.adaderana.lk) බුද්ධි අංශ ප්‍රධානීන් සහ සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වැලිඔය ප්‍රදේශයේ පැවති හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්නන් පිළිබඳව චෝදනා එල්ල කර සිටි ඒ මහතා …

අගමැතිගේ අපල දුරු කරන්න අලි පැටියෙක් යොදා ගැනීමේ උත්සහයක්?

(13.07.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk) රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඇත් පැටවෙක් දේශපාලන අවශ්‍යතාවයක් මත පුද්ගලික බාරයට පැවරීමේ සූදානමක් පිළිබදව ලිපියක් භාරදීම සඳහා අද (13) අරලියගහ මන්දිරයට වැඩම කළ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් බාධා එල්ල වුණි. කෙසේවෙතත් එල්ල වූ බාධා හමුවේ වුවද උන්වහන්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත …

බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවදී – මගීන් මැදිහත්වී දුම්රිය නතර කර ගනී

(13.07.2019 – 15:02 +0530 – hirunews.lk/sinhala) කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවැදීම හේතුවෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුනා. කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් උදෑසන 8.30 ට පමණ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 …