Category «මත් හුලිජ්ජ සහ මත් ද්‍රව්‍ය»

කොළඹ – නාගලගම් වීථියේ වෙඩි තැබීමකින් 4 කට තුවාල

(02.01.2018 – 17:24 +0530 – hirunews.lk/sinhala) කොළඹ – නාගලගම් වීථියේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් හතරදෙනෙකු කොළඹ – ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එහි හදිසි අනතුරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකුට මේ වනවිට ශල්‍යකර්මයක් සිදුකරමින් …

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට.. – සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

(24.11.2017 – 08:02 +0530 – lankacnews.com) බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වන බව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි. මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත එම සංගමය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය : බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වනවා 2018 අයවැය යෝජනා තුලින් …

කසිප්පු බොන සමාජයයි බියර් බොන සමාජයයි එකක් නෙමෙයි දෙකක්

(17.11.2017 – 19:34 +0530 – sinhala.adaderana.lk) 2018 අයවැයෙන් බීර මිල ගණන් පහළ දැමීම තුළින් අලුතින් පිරිසක් මත්පැන් පානයට ඇබ්බැහි වන බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසයි. අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය. කසිප්පු පරිහරණය අවම කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම ක‍්‍රියාවලිය සිදු කරනු ලැබූව ද එය කිසිසේත් ඉටු නොවන …

බීර මිල අඩු කිරීමෙන් මත්පැන් පානයට යොමුවීම වැඩිවනවා – ජාතික සංඝ සම්මේලනය

(13.11.2017 – 21:16 +0530 – hirunews.lk/sinhala) මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් යෝජනාව හරහා මෙරට තරුණ පරපුර මත්පැන් පානයට යොමුවීමේ ප්‍රවනතාව වැඩිවිය හැකි බව පුජ්‍ය පාහිංයගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ජාතික සංඝ සම්මේලනය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මංගල සමරවීර අමාත්‍යවරයා ගෙනල්ලා තියෙන අය …

මේක රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්… – ජනතා විමුක්ති පෙරමුණ

(10.11.2017 – lankatruth.com) වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය මෙන්ම මංගල සමරවීර ඇමතිවරයාගේ මංගල අයවැය රට සම්පූර්ණයෙන් විකිණීමට පාර කපන අයවැයක් බවත් 1977 න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව පැවසූවේ අද (10) …

‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යමපාලන ප්‍රතිපත්තිය මුදල් ඇමතියා පැහැදිලි කරයි…

‘‘පැණි බීම බොනවාට වඩා බියර් බීම ගුණයි…’’ යහපාලන ප්‍රතිපත්තිය මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි… (11.11.2017 – 00:08 +0530 – lankacnews.com) ආණ්ඩුවේ අයවැයෙන් සියලුම පැණි බීම සඳහා නව බද්දක් හදුන්වා දුන්නේ ය. ඒ අනුව සියලුම සිසිල් බීම වර්ගවල මිල ලීටරයක් රුපියල් 50 කින් පමණ වැඩිවීමට නියමිතය. එනම් සමාන්‍ය කොකා කෝල හෝ අලියා බීම බෝතලයක් රුපියල් 15 සිට …

කිරිඇල්ල සිසුවාගේ අභිරහස් මරණය ඝාතනයක්

(04.11.2017 – nethnews.lk) රත්නපුර – කිරිඇල්ල – කරදන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවාගේ මරණය ඝාතනයක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිසුවා අභිරහස් ලෙස මියගොස් සිටියදී ගල් තලාවකින් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයෙන් පසු එය ඝාතනයක් බවට හෙළිවී තිබෙනවා. පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම …

වර්ජය අවසන් වන තෙක් SPCයෙන් බෙහෙත් නොමිලේ

(01.11.2017 – 13:05 +0530 – sinhala.adaderana.lk) රජයේ ඖෂධවේදීන් සංගමය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසු සැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දිනයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතා මගහැරවිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත …

ඉදිරියේ දී තනි සිගරැට් පැකැට්ටුව විකිණීමත් තහනම් : පාසැලක සිට මීටර් 500 ක් ඇතුලත සිගරැට් විකිණීමත් තහනම් : රාජිත ලෝක සෞඛ්‍ය සමුලුවේ දී කියයි

(20.10.2017 – 19:10 +0530 – lankaenews.com) ලංකාවේ 60% ක් මැරෙන්නේ බෝ නොවන රෝග වලින් 9 වන වරටත් පැවැත්වූනු ලෝක සෞඛ්‍ය සමුලුව මෙවර පසුගිය 15- 17 දක්වා ජර්මනියේ බර්ලින් නුවර දී පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ. මෙහිදී බෝනොවන රෝග …

අධ්‍යාපන අමාත්‍යංශයේ මුලික අරමුණ ඇමති අකිල පහදයි

(16.10.2017 – 17:17 +0530 – hirunews.lk/sinhala) ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුත් දරුවකු බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික පරමාර්ථය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ සඳහා අවශ්‍ය පරිදි විෂය නිර්දේශ සම්පාදනය කිරීමට තමන් ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබාදුන් බවයි ඔහු කියා සිටියේ. තවමත් බොහෝ විෂයන් හි සිසුන්ට දරාගත නොහැකි මට්ටමේ විෂය කරුණු …