Monthly archives: අප්‍රේල්, 2018

විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

(01.04.2018 – 22:00 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද සිට ක්‍රියාත්මක වන නව බදු ක්‍රමය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. ++++++++++++++++++++++++++++++++ "විශ්වාසභංග ජයග්‍රහණය …

රටක් හදන්න කෙළින් තීරණ ගන්න ඕනෑ – ගෝඨාභය රාජපක්ෂ

(30.03.2018 – 10:54 +0530 – lankadeepa.lk) රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය. එහෙත් මේ රජය දක්ෂයන් බිය වැද්දීම හා දක්ෂයින් නෙරපා හැරීම ආදි ක්‍රියා නිසා රාජ්‍ය පරිපාලනය කඩා වැටී රට එකතැන නතරවූ බවද ඔහු …

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

(01.04.2018 – 07:08 +0530 – newsfirst.lk/sinhala) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලබන 02 වනදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය. ලබන 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් …

මව්කුස තුලදී බිළිඳෙකුට ප්‍රථම වරට සාර්ථක සැත්කමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී

(31.03.2018 – 19:26 +0530 – hirunews.lk/sinhala) මව් කුසයේ සිටියදී බිළිඳෙකුට සාර්ථක ශල්‍යකර්මයක් සිදුකිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. එම ශල්‍යකර්මය සදහා පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති බව සදහන්. මෙලෙස මව්කුස සිටියදී බිළිඳෙකුට මෙරට රෝහලක සාර්ථක ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවටයි. සිය තුන්වන දරුවා බිහිකිරිමට සුදනම්ව සිටි බිබිල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් පේරාදේණිය …

හිරු සී.අයි.ඒ. : යාල වනෝද්‍යාන පිවිසුමේ සූරාකෑම

(31.03.2018 – 22:03 +0530 – hirunews.lk/sinhala) වන සතුන් නැරඹීම සඳහා යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් සිය ගණනක් පැමිණෙනවා. එලෙස පැමිණෙන සංචාරකයින්ට වනෝද්‍යාන පිවිසුමේ ඇති අවන්හලේ ආහාර ඇතුළු සියලු භාණ්ඩ අධික මිල ගණන්වලට අලෙවි කරන බව අප මෙම වසරේ ජනවාරි මස 2 වැනිදාද හෙළිකළා. හිරු සී.අයි.ඒ. හරහා ඒ බව හෙළිකිරීමත් සමග නියමිත මිල ගණන්වලට …