Category «යහපාලන ටිකිරි මොළේ»

නව ව්‍යවස්ථාවට එරෙහි ජාතික සමුළුව 19 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී

(15.10.2017 – mawbima.lk) ‘ලංකාව ඔරුමිත්තනාඩුවක් නොකරනු’, ‘බෙදුම්වාදී ව්‍යවස්ථා එපා’ යන මැයෙන් පවත්වනු ලබන ජාතික සමුළුව ඔක්තෝබර් 19 වැනිදා පස්වරු 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. • අමරපුර ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද නාහිමි, • මැදගම ධම්මානන්ද නාහිමි, • ඕමාරේ කස්සප අනුනාහිමි, • ඇල්ලේ ගුණවංශ හිමි, • වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා, • ජනාධිපති නීතිඥ මනෝහර …

රටක් ණය දෑතකට මාංචුව වැටුණී – ඒත් නුඹ නැඟිටපන් රත්තරං දියණී

(15.10.2017 – mawbima.lk) පුංචි එකී ශිෂ්‍යත්වය පාස්ය. හොඳටෝම පාස්ය. දරු පැටියෙක් ශිෂ්‍යත්ව විභාගය සමත්වීම හෝ අසමත්වීම මහ දෙයක් නොවේ. ඒත් පුංචි කෙල්ල විභාගය පාස්වීම මහා කතාවකි. ඒ කතාව පුංචි එකෙකුට දරාගන්නට හැකි ප්‍රමාණය ගැන කියා දෙන්නේය. වීරයන් මරා දැමූ අපේක්ෂා රහිත සමාජයක ක්ෂයවෙමින් ඇති ජීව ගුණය ආරක්ෂා කරගන්නට උත්සාහ කරන අනේක මනුෂ්‍යයන්ගේ ප්‍රාර්ථනාව ගැන කියැවෙන්නේය. …

රවිගේ ගේම් නිසා යහපාලනය දෙදරයි

(15.10.2017 – mawbima.lk) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ…එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ශලීල මුණසිංහ සභාපති …

අශ්ලීල ශලීල සමග යහපාලනය හා නීතිය – චාමර ලක්ෂාන්ගේ සටහන

(14.10.2017 – 01:00 +0530 – lankaenews.com) ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවට ගැනීම විපක්ෂය හොඳින් විකුණමින් සිටින බවක් පෙනී යයි. ශලීල මුණසිංහගේ මේ හැසිරීම යහපාලනයේ ප්‍රකාශිත අරමුණු හා කිසි සේත්ම නොගැළපෙන, ‘යහපාලන කිරි කළයට’ ගොම මුසු කළ තක්කඩි ක්‍රියාවක් බව තර්ක විරහිතය. මේ සිදුවීම ඉදිරියට දමමින් ‘යහපාලනය’ යනු මෙයදැයි ඇතැමුන් ප්‍රශ්න කරමින් සිටින මුත් …

ගුරුවරියක් දණගස්වා සිර දඬුවම් කෑ තක්කඩියා ආනමඩුව ශ්‍රීලනිප ආසන සංවිධායක..! යහපාලනයට චන්දය දුන් හැට දෙලක්ෂයට මෛත්‍රී පස්ස හරවයි..!

(13.10.2017 – 22:35 +0530 – lankaenews.com) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂවත් නොකළ තරමේ නීච ක්‍රියාවක් කරමින් ජනවාරි 8 දා යහපාලනය සඳහා චන්දය දුන් හැට දෙලක්ෂයක් වූ ජනතාවට සරම උස්සා පස්ස හරවා තිබේ. ඒ අන් කිසිවක් නොව රාජපක්ෂගේ වනචර යුගයේ දී 2013 ජුනි 14 වෙනිදා ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ …

ශලීල නිසා මැකෝ නීති පොත් පෙරළයි – ශ්‍රී ලාංකිකයකු නොවන අයට පක්‍ෂවල තනතුරු දරන්න පුළුවන්ද?

(13.10.2017 – divaina.com) විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘දිවයින’ට පැවැසීය. ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ. 1995 දී …

ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ – රියර් අද්මිරාල් සරත් වීරසේකර

(12.10.2017 – 10:53 +0530 – lankadeepa.lk) ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් …

පර්පෙචුවල් සමාගම රහස් තොරතුරු ලබාගත් ආකාරය ගැන වාර්තාවක් බැදුම්කර කොමිසමට

(12.10.2017 – 14:23 +0530 – hirunews.lk/sinhala) පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ආරම්භයේ සිටම බැඳුම්කර සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු ලබාදුන් පුද්ගලයින්ට මිලියන ගණනින් අල්ලස් ලබාදී ඇති බව එම සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු අද (12) ප්‍රකාශ කළා. ඒ, මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්වරයාගේ නීතිඥවරයා අද කොමිසමට දැනුම් …

සෝමාලි මුහුදු කොල්ලකරුවන් මෙන් ලංකාවේ බැංකු කොල්ලකරුවන් ලෝක ප‍්‍රසිද්ද වේ..

(13.10.2017 – 03:27 +0530 – lankacnews.com) බලය ලැබුනු ගමන් මහ බැංකුව කොල්ල කෑ අය දැන් විදේශ රටවල බැංකු කොල්ල කෑමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය. සෝමාලයේවේ සිටින්නේ මුහුදු මංකොල්ලකාරයින් බවට ලෝකයේ ප‍්‍රසිද්ද වී ඇති ආකාරයටම ලංකාවේ සිටින්නේ බැංකු …

හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

(12.10.2017 – 09:20 +0530 – lankacnews.com) හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත. රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ …