රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කියාපාන කරාපිටිය රෝහලේ ‘ලීනියර් ඇක්සලරේටර්’ යන්ත්‍රය

(20.04.2019 – 17:57 +0530 – sinhala.adaderana.lk) දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (20) ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහි දී ඔහු කළ විමසීමක දී හෙළි වූයේ, පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට …

ඉදිරි රාජ්‍ය පාලනය තුළ දූෂණයෙන් තොර පාලනයක් ගෙන යනවා – ගෝඨාභය

(20.04.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk) ඉදිරි රාජ්‍ය පාලනය තුළ රජයේ ඉහළම පුද්ගලයාගේ සිට පහළම නිලධාරියා දක්වා දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දෙහිවල පැවති එළිය සම්මන්ත්‍රණයකට අද (20) පස්වරුවේ එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද දෙහිවල එස්. ද …

ලැබුණ විදිය දන්නේ නැති ලක්ෂ 35 ක් සමඟ පුද්ගලයින් 2 ක් මාට්ටු

(20.04.2019 – 09:05 +0530 – sinhala.adaderana.lk) රුපියල් තිස්පන් ලක්ෂයකට වැඩි මුදල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලීසිය පැවසුවේ අදාල මුදල් තොගය ඔවුන්ට ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට නොහැකි වීමත් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. වීරගුල පොලිස් ස්ථානයේ නිළිධාරීන් පිරිසක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ – …

අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසල කන්ද නිසා ජනතාවට පීඩා

(19.04.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala) සීතාවකපුර නගර සභාවට අයත් අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේ පිහිටි කසළ කන්ද නායයාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් 8 කට නිවෙස්වලින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එම පවුල්වල පදිංචි පුද්ගලයින් පවසන්නේ පදිංචි ස්ථානවලින් ඉවත්ව යාමට තමන්ට නොහැකි බවයි. සීතාවකපුර නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස්වන කසළ බැහැර …

119 ස්ථානාධිපතිට පොලිස් ලොක්කෙකු ගෙන් ප්‍රහාරයක්

(19.04.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk) 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ඇමතුම් ඒකකය භාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පහරකෑමකට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පහරකෑමට ලක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසන්නේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා තමාට මෙම පහරදීම සිදුකළ බවයි. පොලිස් හදිසි ඇමතුම් අංශය හෙවත් ඇමතුම් අංක 119 ක්‍රියාත්මක වන මිරිහානේ පිහිටි පොලිස්පති …

කුමන වනෝද්‍යානයට ඇතුළු වෙන්න නව නිර්ණායක කිහිපයක්

(19.04.2019 – 13:34 +0530 – sinhala.adaderana.lk) කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර කෑමකට ලක්ව පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. මේ අතර සිද්ධිය වූ ප්‍රදේශය සංචාරකයින් සඳහා …

මේ ටීම් එකට ඕවර 50 ක් ඉන්නවත් බෑ.. චන්දිමාල් සිටිය යුතුමයි.. සභාපති මාලිංගට ක්‍රිකට් ඉගැන්වීම විහිළුවක්.. – අර්ජුන රණතුංග

(19.04.2019 – 13:20 +0530 – lankacnews.com) චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ …

මට පිළිකාවක් – තාත්තා බැලුවෙවත් නෑ – ජයන්ත රත්නායක

(16.04.2019 – gossiplankanews.com) ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබෙයි. මේ හේතුවෙන් පසුගියදා කලා ශිල්පීන් එක්ව ඔහුට ආධාර පිණිස ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි. මෙම ප්‍රසංගයට ජයන්තගේ පියා වන වික්ටර් ආවේ නැත. තම පියා ඇමතුමක් හෝ ලබාදී තම සුවදුක් නොවිමසූ බවත් ප්‍රසංගයට …

ගෝඨාභයට එරෙහි මෙහෙයුම් පිටුපස මංගල ? – පොදුජන පෙරමුණෙන් චෝදනා

(18.04.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාත්‍යන්තරය හමුවේ නඩු ගොනු කිරීම පිටුපස මුදල් අමාත්‍ය මංගල සමරවීර සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළා. ව්‍යාජ කාඩ්පතක් භාවිතා කරමින් රාජ්‍ය බැංකුවක ගිණුමකින් මුදල් ලබාගැනීමේ වංචාවක් ගැන …

පන්නිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාවක ගින්නක්

(18.04.2019 – 08:20 +0530 – sinhala.adaderana.lk) පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම ගින්නක් හටගෙන තිබේ. අළුයම 2.30 පමණ ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබේ. කර්මාන්ත ශාලාව මහල් හතරකින් යුක්ත වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව අප වාර්තාකරුවන් …