ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ ටොනේඩෝවක්

(19.03.2018 – 21:07 +0530 – hirunews.lk/sinhala) ගාල්ල දොඩන්දූව ආසන්න මුහුදේ අද (19) සවස ටොනේඩෝ තත්වයක් ඇතිවී තිබෙනවා. සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනේඩෝව විනාඩි 15 ක් පමණ පැවැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මෙවන් විශාල ටොනේඩෝවක් මින් පෙර දැක නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවති බවයි වාර්තා …

කුකුල් කූඩුවේ සිරකළ දරු සෙනෙහස

(19.03.2018 – 22:06 +0530 – hirunews.lk/sinhala) තම 10 හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වෙළෙඳපොළට ගිය මවක් පිළිබඳ පුවතක් හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ මව විසින් තම දියණිය රදවා ගොස් තිබුණේ මෙම කුඩා කුකුළු කූඩුවේයි. ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනූව 28 හැවිරිදි එම මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇයගේ දියණිය …

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි – හිටපු ජනපති

(19.03.2018 – 22:18 +0530 – hirunews.lk/sinhala) නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින්. *********************************** 20 වන සංශෝධනයෙන් අන්තිමට වෙන දේ – විමල් (19.03.2018 – 22:14 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන …

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය වටලා විරෝධතා…

(19.03.2018 – 08:40 +0530 – lankacnews.com) ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරොදතාවක් මාර්තු මස 18 දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන …

සකුරා පාලම අවට සිදුව ඇති පරිසර විනාශය සම්බන්ධ වාර්තාව ඉදිරි දින දෙක තුළ ජනාධිපතිට

(17.03.2018 – 21:22 +0530 – hirunews.lk/sinhala) මාතලේ – විල්ගමුව සකුරා පාලම අවට සිදුව ඇති පරිසර විනාශය සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසනවා. වැලි කැනීම් හරහා සකුරා පාලම අවදානමට ලක්ව ඇති බව හිරු සී.අයි.ඒ හරහා හෙළිදරව් කිරීමත් සමග ජනාධිපතිවරයා මේ පිළිබඳ වාර්තාව …

මහනුවර ඇති වු කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප‍්‍රථමවරට හෙළිදරව්වක්

(17.03.2018 – 15:47 +0530 – sinhala.adaderana.lk) වියොන් නිවුස් වෙබ් අඩවිය හෙවත් World Is One News යන ගෝලීය ප්‍රශ්න විශ්ලේෂනාත්මක මුහුණුවරකින් වාර්තා කරනු ලබන ඉන්දියානු වෙබ් අඩවියක් මඟින් ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපයේ මහනුවර හා අම්පාර ප්‍රදේශවල ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳ වාර්තාවක් සකසා අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙයි : “ශ්‍රී ලංකාවේ …

බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් ගැන කැනඩාවේ පොලීසියෙන් පරීක්ෂණ

(17.03.2018 – 15:00 +0530 – hirunews.lk/sinhala) කැනඩාවේ – ඔටාවා නුවර හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආශ්‍රමයේ තැන්පත් කර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් පිළිබඳව ඔටාවා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (16) අලුයම් කාලයේ ආශ්‍රමය වෙත පැමිණි බැතිමතුන් එහි උද්‍යානයේ තිබූ බුද්ධ ප්‍රතිමාවට හානිකර තිබූ අයුරු දැක තිබෙනවා. එය ඊට පෙර දින රාත්‍රී 9.30 ත් …

ඇමති ටීබී ගල් ලෙන බිදී.. විශ්වාස භංගයට අත්සන් තබයි.. අගමැති පන්නන්න වැල ‘ඕපන්’..

(17.03.2018 – 15:00 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව තමන් අත්සන් කල බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකානායක මහතා පවසයි. කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු විසින් විශ්වාස භංගයට අත්සන් තබන්නේ යයි සෘජුව පැවසුවේ පළමු වතාවටයි. මේ …

අගමැති එලවන විශ්වාස භංගයට තැබූ අත්සන් ලේඛණය මෙන්න…

(17.03.2018 – 10:00 +0530 – lankacnews.com) රනිල් වික‍්‍රමසිංහ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට එන සතියේ ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංග යෝජනාව සදහා මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 22 ක් අත්සන් තබා ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්‍ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හෝ දෙමල සන්ධානයේ මන්ත‍්‍රිවරුන් කිසිවෙකු මේ වන තෙක් ඊට අත්සන් තබා නැත. කෙසේ වෙතත් එජාප …

ගෝඨාභය ජනාධිපතිවරණයට ඒවිද? – මහින්දගෙන් පිළිතුරු

(16.03.2018 – bbc.com/sinhala) අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය. 2016 වසර අවසානයේ හිටපු ජනාධිපතිවරයා විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අවසන් වරට මුණගැසුණු අවස්ථාවේදී සඳහන් කළේ 2017 වසරේ ආණ්ඩුව …