තම පාක්ෂිකයෙකුට පහර දුන්නා යැයි කියමින් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විරෝධතාවයක

(09.02.2018 – 20:31 +0530 – lankadeepa.lk) තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම පුතණුවන්ද සමඟ අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ. බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් …

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විරෝධතාවක්

(09.02.2018 – 12:40 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව දෙමළ සංවිධාන රැසක් අද (09) ලන්ඩනයේ විරෝධතා රැළියක් සංවිධාන කර ඇති බව වාර්තා වනවා. දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් ටී.ජී.ටී.ඊ ඇතුළු සංවිධාන රැසක් ඊට එක්වන බවයි වාර්තා වන්නේ. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පසුගිය …

කතිරය පමණක් සලකුණු කරන්නැයි, ඡන්දදායකයන්ට උපදෙස්

(09.02.2018 – 19:09 +0530 – hirunews.lk/sinhala) හෙට (10) මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිමේදී කතිරය පමණක් සලකුණු කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ වෙනත් කිසිදු සලකුණක් වලංගු නොවන බවයි. යම් ඡන්ද මධ්‍යස්ථානයක කලහකාරී ක්‍රියාවන් සිදුව වුවහොත් එම මධ්‍යස්ථානයේ ඡන්දය අවලංගු කිරීමට සිදුවන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර, …

හිරු සී.අයි.ඒ. : අතරමඟ දමා ගිහින් වැඩ වරද්දා ගැනීම

(09.02.2018 – 19:46 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (08) අප අනාවරණ කළේ 138 රුක්මල්ගම – පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස් රථයක් සිය ගමන් වාරය අතරතුර නීති විරෝධී අයුරින් අතරමගින් මගීන් බස්සවා සිදුකරන අසාධාරණයක් පිළිබදවයි. මගීන් අපහසුතාවට පත් කරමින් සිදුකරන මෙම අසාධාරණය පිළිබදව අප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හෝමාගම කාර්යාලය දැනුවත් කළා. …

බ්‍රිගේඩියර් ප්‍රියංක රිවිර ට කතා කරයි – ඇඟිල්ල බෙල්ලට තියල ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා

(09.02.2018 – 03:30 +0530 – rivira.lk) “එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ‘ප්‍රභාකරන් අවර් ලීඩර්’ කියලා කෑගසමින් උද්ඝෝෂණය කරද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා.” යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ‘රිවිර’ කළ විමසුමක දී පැවසීය. පෙබරවාරි 04 දා එරට දී පැවැති නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට …

මෙවර පැවතියේ තිස්වන (30) නිදහස් උලෙලයි.. ජනපති කියු කතාව හරි.. – විමල් වීරවංශ, ජනපතිගේ කතාව හරි කියයි.. සාධනය කර පෙන්වයි..

(09.02.2018 – 13:20 +0530 – lankacnews.com) පෙබරවාරි 10 වැනිදා උදෙන්ම ඡන්දපොළට ගොස් පොහොට්ටුවට කතිරය ගසා, 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි කොළ – නිල් – රතු රූකඩ හවුල එළවා දමන, මව්බිමට නැවත ජීවය දෙන සටනට දායක වන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මව්බිමට ආදරය කරන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් වෙතින් …

රනිල්ගේ ගජ මිතුරන්ගෙන් පක්ෂය මුදාගෙන රනිල් ගෙදර යැවිය යුතුයි – මෛත්‍රි ගුණරත්න මහතා

(08.02.2018 – lankaeviews.lk) එක්සත් ජාතික පක්ෂය මේ රටේ මිනිසුන්ගේ පක්ෂයක් කරන්න නම් මුලින්ම කළ යුත්තේ රනිල්ගේ ගජමිතුරන්ගෙන් පක්ෂය මුදාගෙන රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කරයි. හබරාදුව පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් මේ සඳහන කළ ගුණරත්න මහතා රනිල්ට බෑ. එයාගේ යාළුවන්ටත් බෑ. රනිල් කළේ එදා මෙදාතුර එජාප …

දේශප්‍රේමීන් දඩයමි කිරීමට අගමැතිවරයා හා දෙමළ සන්ධානය අතර ගිවිසුමක් තිබෙන බව පැහැදිලියි – මෛත්‍රී ගුණරත්න කියයි

(08.02.2018 – lankaeviews.lk) බ්‍රිතාන්‍යයේ විරෝධතාවයක් පල කරන්න ඩයස් පෝරාවට අයිතියක් තිබුනත් බ්‍රිතාන්‍යයේ තිබෙන ශ්‍රීලංකා තානාපති කාර්යාලය ඉදිරියේ මෙවැනි දෙයක් කරනකොට බ්‍රිතාන්‍ය රජයෙන් අපේ තානාපති කාර්යාලයට යමිකිසි රැකවරණයක් දිය යුතුයි. අපේ රටේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරියේ එවැනි දෙයක් කලොත් ලංකාවේ රජය ඒ සදහා සියලු රැකවරණයන් සලසලා දෙනවා. නමුත් යුද්ධය ඉවර කරපු රටේ සංහිඳියාවක් පවත්වාගෙන යන්න රජය …

බාහිර කැපුමකින් තොරව මුඛය භාවිතා කරමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ලංකාවේ ප්‍රථම සැත්කම

(08.02.2018 – 16:35 +0530 – sinhala.adaderana.lk) බාහිර කැපුමකින් තොරව මුඛය භාවිතා කරමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිම කිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වී තිබේ. මෙවැනි ආකාරයෙන් සැත්කමක් සිදුකල ප්‍රථම අවස්ථාව මෙය බව මේ සැත්කම සිදුකළ කණ්ඩායමේ නායක වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය. අද (08) පෙරවරු 09.30 ට පමණ මේ සැත්කම …

පූජ්‍ය දරණාගම කුසලධම්ම හාමුදුරුවන් දැන් කෙමෙන් කෙමෙන් සුව අතට. ඉන්නෙ නවලෝකෙ. පැතිරෙන ගොසිප් බොරු – බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ

(08.02.2018 – gossiplankanews.com) බෞද්ධයා නාලිකාව හිමි පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයෙන් විදෙස් ගතව ඇති බවටත් ඒ අතරවාරයේ හිමියන්ගේ දේපළ වත්කම් සම්බන්ධ ගැටලු පැනනැගී ඇති බවටත් පසුගිය දිනවල පැතිරුණ ආරංචි සම්බන්ධයෙන් එම නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා කරුණු පැහැදිලි කර තිබේ. ප්‍රථමවරට 2006 දී ලංකාවේ රූපවාහිනි බෞද්ධ නාළිකාවක් ලෙස ඇරඹෙන ‘බෞද්ධයා’ Peo TV, Dialog TV අමතරව බස්නාහිර …