Category «නොපෙනෙන ලෝකය»

ශ්‍රී පාද අඩවිය ආසන්නයේ ගල් තලාවකින් මතුවූ පා සලකුණ !

(20.01.2018 – 15:29 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී පාද අඩවිය ආසන්නයේ රක්ෂිතයක් තුල තිබු ගලක් මත විශාල පා සලකුණක් මතුවී තිබෙනවා. මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ රක්ෂිතයක් තුල පිහිටි ගල් තලාවක් මත දකුණු පාදයක විශාල සටහනක් පවතින බවයි අප වාර්තාකරු කියාසිටියේ. එය අඩි එක හමාරක පමණ දිගකින් යුක්ත බව සඳහන්. එහි වම් පාදයක සටහනක් ද පවතින අතර එය …

හැටන් පන්මුර් වතු යායේ තේ දලු නෙලමින් සිටියදී දිවියෙකු පහරදී 5 ක් රෝහලේ

(02.01.2018 – 16:44 +0530 – hirunews.lk/sinhala) දිවියෙකුගේ පහරදීමට ලක්වු වතුකම්කරුවන් 5 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. හැටන් පන්මුර් වතුයායේ තේ දලු නෙලමින් සිටියදී ඔවුන් දිවියාගේ පහරදීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව දිවියන් විශාල ප්‍රමාණයක් සැරිසරන අතර එලෙස සැරිසරමින් සිටි දිවියෙකු තමන්ට පහරදුන් බව තුවාල ලබා දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන කම්කරුවන් …

ක්‍රිකට් දිනන්න නායකයාට වගේම ඇමතිටත් වාසනාව තියෙන්න ඕන – අනාවැකි කියන ගංඟා සුදර්ශනී සමඟ කතාබහක්

(30.12.2017 – deshaya.lk) මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි මහත්මිය යි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය : ඔබගේ සම්පූර්ණ නම? අගම්පොඩි ගංඟා …

එකම පවුලේ 09 කට අත්වුණු ඉරණමෙන් යාපනය නගරයේ භූත බියක් පැතිරේ

(26.12.2017 – nethnews.lk) යාපනය නගරයේ ජීවත්වෙන වැසියන්ගෙන් බොහෝ දෙනෙකු මේ දිනවල භූත බලවේගයක් පිළිබදව පැතිර යන ආරංචියක් සමගින් බියට පත් වී සිටින බව අප වාර්තාකරු පවසනවා. මීට ඉතාම ආසන්න හේතුව වී ඇත්තේ කෙටි කලක් ඇතුළතදී යාපනයේ එකම පවුලක පුද්ගලයින් 9 දෙනෙකු හදිසියේම මිය යාමයි. එසේ මියගිය පුද්ගලයින් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනෙකු හා කුඩා …

අපට නොපෙනෙන ලෝකය : “මුන් දෙන්නා රෑට කෑම කාලා නින්දට ගියාම මම මේකිගෙ ඇඟට රිංගලා ඒ මිනිහට මේකිව එපා වෙන විදිහට හැසිරුණා”

(16.12.2017 – webgossip.lk) යමක් පිළිබඳ ඇලීම, කැමැත්ත, අයිති කර ගැනීමට සිතීම, ලෝභය, ආශාව ආදිය ඇතිවීම කාම ලෝකයේ ස්වභාවයයි. එසේම අනුන්ට රිදවීම, තරහව, පළිගැනීම, ද්වේෂයන් කිරීම සඳහා ද මිනිස් සිත දිවයයි. අනුන්ගේ සැප සම්පත්, ලස්සන, ප්‍රසන්නතාව දුටු විට එය ඉවසා දරාගත නොහැකිව සිත තුළ ඇතිවන ඊර්ෂ්‍යා කිරීම ද මානසික අකුසල සිතුවිල්ලක් වේ. කෙනෙක් ලස්සන වි ප්‍රසන්න …

2017 දෙසැම්බර් 31 ට පෙර එන්නේ රටවල් 11 ක්‌ හෝදන මාරක සුනාමියක්‌ ද?

(10.12.2017 – divaina.com) ලොව පළමුවැනි සුනාමිය හටගත්තේ කවදද? ඒ දිනය ගැන හරියාකාර ඓතිහාසික සාක්‍ෂි නැති නමුදු වාර්තාගත ඉතිහාසයට අයත් පළමු සුනාමිය මෙයට අවුරුදු හාරදහසකට පෙර සිරියානු සමුද්‍රයේදී සිදු වී ඇත. ඊට පසු මෙයට වසර 3600 කට පෙර ග්‍රීසියට කිට්‌ටු ක්‍රීට්‌ දූපත අවට සිදු වූ සුනාමියකින් මිනෝවාන් නමැති සංස්‌කෘතියක්‌ එහෙම පිටින්ම වැනසී ගියේය. මිනොවාන් මිනිස්‌සු මෙයට …

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා

(13.11.2017 – lankadeepa.lk/sunday/nimthera/) “සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ” නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි. පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය. නිධන් හොරුන් …

මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

(10.10.2017 – 00:11 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියා ප්‍රකාශ කර තිබුණා. නමුත් අපේ මහ නායක හාමුදුරුවන්ගේ දේශනාව බුදු හාමුදුරුවන්ගේ …

නොර්වුඩ් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් යළිත් ලෙඩ වෙයි

(09.10.2017 – 17:07 +0530 – hirunews.lk/sinhala) නොර්වුඩ් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් කිහිපදෙනෙකු අද (09) යළිත් රෝගාතුර වී උමතුවෙන් හැසිරී තිබෙනවා. කර්මාන්ත ශාලාව තුළ භූත දෝෂයක් ඇති බවට මේ වනවිට සේවකයින් තුළ භීතියක් පවතින බවයි නොර්වුඩ් පොලිසිය පවසන්නේ. සේවිකාවන් 20 දෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් හැසිරී කෑගසා ඇති අතර තවත් සේවිකාවක් කලු ඇඳුමක් ඇඳගත් අයෙකු …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : පෙර භවයේ අනතුර නිසා පාලමකින් යන්න බය දරුවා

(02.05.2017 – lankadeepa.lk) දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස පිරිමි දරැවකු බිහිවීම දෙමාපියන්ගේ බලවත් සතුටට හේතුවිය. එහෙත් එම දරුවාව උපතින් එක් අතක් අහිමිවීම දෙමාපියන්ට බලවත් ගැටලුවක් විය. කළුතර නාගොඩ රෝහලේ දී උපත ලද එම දරුවාගේ දෙමාපියන් ඒ වනවිට පදිංචිව සිටියේ මතුගම ප‍්‍රදේශයේය. දරුවා බිහිවූයේ අට මාසයක් පිරීමෙනි. එහෙත් ඔහුට රෝගාබාධ කිසිවක් නොවීය. දෙමාපියන්ගේ සහ සොහොයුරියන් …