Category «සාහිත්‍ය – කලා»

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …

‘රියලිටි ෂෝ’වල සින්දු වෙනස් කිරීම තහනම් – කතෘ භාග ගෙවියයුතුයි

(26.07.2019 – 12:55 +0530 – lankadeepa.lk) කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ …

මම දැන් අසරණයි – ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ

(21.07.2019 – 12:08 +0530 – lankadeepa.lk) ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය. එහෙත් ප්‍රමාදවී හෝ එම කලාකරුවාගේ සුවදුක් බැලීම සඳහා ලංකාදීප ‘රසවින්දන’ වෙනුවෙන් මම අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයෙහි පදිංචි ඔහු …

පාස්කු බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා පාර්ලිමේන්තුවට යෝජනා කල පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු පාස්කු බෝම්බ කමිටුවේ විනිසුරෙක්..

(01.07.2019 – 06:28 +0530 – lankacnews.com) පාස්කු ඉරිදා දින ප‍්‍රහාරය පිළිබඳව පරික්‍ෂණ පවතවනු ලබන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සුජාතභාවය පිළිබඳව ගැටළුවක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. මේ බව ඔහු ප‍්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා : “මරාගෙන …

ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(23.06.2019 – 16:24 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වන ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න මහත්මිය අද (23) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. දරුවන් 3 දෙනෙකුගේ මවක් වන ඇය මිය යන විට පසු වූයේ 83 වන වියේයි. හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට දින දෙකකට පෙර ඇය කොළඹ …

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි දිවි ගමනට සමුදෙයි

(27.05.2019 – 18:14 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය. මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය. ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි (28.05.2019 – divaina.com) ප‍්‍රවීණ රංගනවේදී ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ …

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක දේවිය ජීවිත ගමනට සමුදෙයි

(29.03.2019 – 14:54 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිවි ගමනින් සමුගනී (29.03.2019 – 14:50 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකේය සිනමා වංශ …

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය – ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය දැයෙන් සමුගනී

(16.10.2018 – 07:00 +0530 – sinhala.adaderana.lk) ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය. ප්‍රවීන ගායන ශිල්පි …