Category «විශේෂ නිවේදන»

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk) මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. කොවිඩ් 19 …

ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසීම සංවිධානාත්මක ක්‍රියාවක ප්‍රතිඵලයක්

(08.06.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk) කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසී ඇතැයි පැහැදිලිව පෙනී යන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම වෙරළ තීරයට අඛණ්ඩව පස් වන දිනටත් අද (08) කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබුණි. ලෝක සාගර දිනය යෙදෙන අද (08) …

මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

(08.06.2020 – sinhala.news.lk) රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය …

දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් පාස්කු කොමිසම හමුවට

(06.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk) පාස්කු ප්‍රහාරයට පෙර දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට එවක ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්. මුදිත පුස්සැල්ල මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (06) අනාවරණ වුණි. ඒ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් විසින් අද (06)කොමිසම …

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා

(05.06.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala) හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට පසුදා අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන …

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

(04.06.2020 – colombotoday.com) රජයේ මර්මස්තානවල චින්තන ජිහාදයක් ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (04) සුවිශේෂී හෙළිදරව්වක් කර සිටියා. සහරාන් පිළිබඳව 2013-2015 කාලයේදී තමන් වහන්සේ හෙළි කළා මෙන්ම අනාගතයේදී අද සිදුකල හෙළිදරව්ව යථාර්තයක් වීමට ඉඩ ඇති බවත් ඊට පෙර බලධාරීන් මීට එරෙහිව පියවරක් …

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමට නොහැකිවූ හේතුව හිටපු ජනපති සිරිසේන පෙන්වා දෙයි

(03.06.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala) හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමට නොහැකිවූයේ, එවක පැවති යහපාලන රජයේ පිරිසක් විසින් ජාත්‍යන්තර පොලීසියට ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. කුඩු සහ පාතාලයට ඈඳුණු මොරටු ප්‍රහාරය …

දෙමටගොඩ පිපිරීමේ නොදුටු CCTV දසුන් ජනපති කොමිසමේදී එළියට

(03.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) 2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ සී.සි.ටී.වී. දර්ශන, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළා. කොමිසම හමුවේ අනාවරණ වූයේ ෂැංග්‍රීලා බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1 ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා …

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

(02.06.2020 – 15:20 +0530 – sinhala.adaderana.lk) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප …