Category «ක්‍රීඩා – විනෝදාංශ – උත්සව»

අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

(14.04.2019 – 06:40 +0530 – sinhala.adaderana.lk) සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීමට රටම මේ වන විට ලකලැහැස්ති වෙමින් සිටියි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවීම සිදුවෙයි. අලුත් අවුරුදු උදාව අද අපරභාග 2.09 ට යෙදී තිබේ. අද (14) පූර්වභාග 7.45 ට ආරම්භ වන පුණ්‍යෙ කාලය අපරභාග 8.33 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව අද …

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

(31.03.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී …

කොල්ලයි බල්ලයි මේකට අතගැහැව්වම ඕකයි වෙන්නේ – ජයලාල් රෝහණ

(26.03.2019 – webgossip.lk) “කොල්ලයි බල්ලයි මේකට අතගැහැව්වම ඕකයි වෙන්නේ. කුඩුකාරයොයි, ගංජාකාරයොයි ගණිකා නිවාස කාරයොයි මේක ආක‍්‍රමණය කරලා” ඔහු සැබවින්ම දක්‍ෂයෙක්. ඒ වගේම කෙලින් කතා කරන මනුස්සයෙක්. නමින් ජයලාල් රෝහණ. මේ නම වේදිකාවට මෙන්ම රූපවාහිනියටද ආගන්තුක නැහැ. මොකද මේ මාධ්‍යවල නිතර යන ඔහු සැරිසරන නිසා. එළැඹෙන මාර්තු 27 වැනිදාට යෙදෙන ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් ඔහු කලාකරුවන් …

කොකේන් ගහපු නිළියකුත් කොටු වුණු පොල්හේන වෙරළේ ෆේස්බුක් සාජ්ජේ

(09.03.2019 – mawbima.lk) සමනලුන් සිල්ලරට විකුණන්නට මාන බලමින් සිටින සමාජ වටපිටාවක සමනල සමනලියන්ගේ ජීවිත සිල්ලරට ඩැහැගන්නට මේ කුරිරු සමාජ සමත් විය. ජීවිතය සිල්ලර කර විකුණා දමන්නටත් පමණක් නොව ජීවිතය මායාවක් කර රඟ දක්වන්නට මාන බලන සහේලියන්ගේ සුන්දර ජීවිත බලා සිටියදී මිලින වන්නට පටන් ගෙන ඇත. ඒ තාරුණ්‍යය බිලිගැනීමට මාන බලන මත් රකුසාට මුවා වී එන …

සම්පූර්ණ අයවැය කථාව මෙන්න

(05.03.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk) 2019 වසර සදහා වන අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ක්ෂේත්‍ර රැසක් සහන යෝජනා කළ අතර නව ආයෝජන සඳහා දිරි ගැන්වීම් රැසක් මෙවර අයවැයට ඇතුලත් කර තිබුණි. මුදල් වර්ෂයක් සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ වසරේ නොවැම්බර් මාසයේ …

පොල්හේනේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 3 ක් ඇතුළු 17 රිමාන්ඩ්

(04.03.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala) මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොවුන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැන …

සනත් ජයසූරියට වසර 2 ක ක්‍රිකට් තහනමක්

(26.02.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩක සනත් ජයසූරීය මහතාට ක්‍රිකට් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර දෙකක කාලයක් සඳහා තහනම් කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ. ක්‍රිකට් වංචා සහ දූෂණ සම්බන්ධයේන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙතත් බලධාරීන් වෙතත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව අවස්ථා …

රූකාන්තට පහර දුන්නේ හිරු ස්ටාර් තරගයෙන් කැපුණු තිවංකගේ දිවුලපිටිය ආධාරකරුවන්

(25.02.2019 – gossiplankanews.com) රියලිටි පරාජිතයෙකු රූකාන්ත ගුණතිලකට පහරදී ඔහුගේ වාහනයටද අලාබහානි කළ බවට ඊයේ දින පළවූ වාර්තා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මෙම පහරදීම කර ඇත්තේ හිරු රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘හිරු ස්ටාර්’ නමැති ගී තරු තේරීමේ තරගාවලියේ පෙරේදා (23 දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වීමට සිදුවූ දිවුලපිටියෙන් පැමිණි තිවංක …

යාපනයේ සුළුතරයක් කරදර යැයි කෑගැසුවත් බහුතරය උපරිම ලෙස නිදහස භුක්ති විඳිනවා

(16.02.2019 – divaina.com) = යාපනයේ සුළුතරයක් කරදර යැයි කෑගැසුවත් බහුතරය උපරිම ලෙස නිදහස භුක්ති විඳිනවා – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි = යාපනයේ ජනතාව ඉතාම ඉහළින් නිදහස භුක්ති විඳින බවත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා යුද හමුදාවෙන් උපරිම සහය ලබා දෙන බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි …

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

(08.02.2019 – deshaya.lk) • ලංකාවට එවන තෙක් ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක • ඩුබායි පාලකයාට රජයෙන් විශේෂ ඉල්ලීමක් සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි. විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම …