Category «හදිසි ගිණිගැනීම් – ගිණි තැබීම්»

පන්නිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාවක ගින්නක්

(18.04.2019 – 08:20 +0530 – sinhala.adaderana.lk) පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (18) අළුයම ගින්නක් හටගෙන තිබේ. අළුයම 2.30 පමණ ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන තිබේ. කර්මාන්ත ශාලාව මහල් හතරකින් යුක්ත වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව අප වාර්තාකරුවන් …

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි : ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

(03.04.2019 – nethnews.lk) නුගේගොඩ පල්ලිය පාරේ පිහිටා තිබෙන රෝයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසල සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිහිටි ගොඩනැගිල්ල නිතිවිරෝධි අයුරින් පවත්වා ගෙන යන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කරන ලදී. ඒ එම ගොඩනැගිල්ල මාස 03 ක් ඇතුලත එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස නියෝගයක්ද පනවමින්ය. සිසිර ජේ ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටි.බි. දෙහිදෙණිය …

දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්

(28.03.2019 – 09:52 +0530 – lankadeepa.lk) දෙහිවල ගුවන් පාලම අසළ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අලුයම ඇතිවූ ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් දැවී විනාශ වී ඇතැයි දෙහිවල – ගල්කිස්ස නගර සභා ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි. ගිනි නිවන භටයන් 12 ක්, ගිනි නිවීමේ රථයක්, ජලබවුසර් 2 ක් යොදාගෙන පැය දෙකකට ආසන්න කාලයක් තුළ දැඩි ප්‍රයත්නයක් …

බණ්ඩාරගම ගල් කඩේ හන්දියේ වාහන අලෙවිසැලක ගින්නක්

(24.03.2019 – 17:33 +0530 – lankadeepa.lk) බණ්ඩාරගම ගල් කඩේ හන්දියේ පිහිටි ප්‍රධාන පෙලේ සමාගමකට අයත් වාහන අලෙවි සැලක හදිසියේ ඇති වු ගින්නකින් වාහන කිහිපයක් මුළුමනින්ම ඇවිලි ගොස් විදුලි උත්පාදක යන්ත්‍රයද මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. ඇති වු ගින්නෙන් යතුරුපැදි 4 ක් මෝටර් රථ දෙකක් හා ත්‍රිරෝද රථ දෙකක් හි විදුලි උත්පාදක යන්ත්‍රයක් …

වත්තල රෙදි පිළි අලෙවි සැලක ගින්නක් – මීගමුව-කොළඹ මාර්ගයත් වැසෙයි

(24.03.2019 – 22:02 +0530 – sinhala.adaderana.lk) වත්තල ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි අලෙවි සැලක හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා පැලියගොඩ සහ කොළඹ ගිනි නිවීමේ රථ පිටත්කර ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන් මීගමුව කොලඹ ප්‍රධාන මාර්ගය වත්තල පොලිස් ස්ථානය අසලින් තාවකාලිකව වසා දමා ඇත. අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙම ගොඩනැගිල්ල මහල් 4 …